EGR මගින් සිදුවන සේවය

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබේ වාහනයේ එන්ජිම ඇතුළේ සිදුවන පුදුමාකාර වැඩ කොටසක් තමයි EGR කියන්නේ. ඉතිං Motor Guide අපි හිතුව EGR (Exhaust Gas Recirculation) මගින් සිදුවන සේවය ගැන කතා කරන්න.

EGR System Diagram

දැන් අපි බලමු ඇත්තටම EGR පද්ධතියක වෙන්නේ මොකක්ද කියලා.

EGR කියන්නේ මොකක්ද?

EGR කියන්නේ Exhaust Gas Recirculation එකේ කෙටි යෙදුම. සරලවම කිව්වොත්, එන්ජිමෙන් පිටවෙන දුම් (Exhaust Gas) ස්වල්පයක් ආයෙමත් එන්ජිම ඇතුළට, ඒ කියන්නෙ දහන කුටීරය (Combustion Chamber) වෙත, යවන ක්‍රියාවලියටයි. මේක හරියට නැවත භාවිත කිරීමේ (Recycling) ක්‍රමයක් වගේ. මේ සඳහා EGR Valve එකක් භාවිතා කරනවා.

EGR Valve

EGR මගින් ඉටු කරන ප්‍රධාන සේවය

EGR පද්ධතියේ ප්‍රධානම කාර්යය තමයි වාහනයෙන් පිටවන වායු නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම. විශේෂයෙන්ම, එය නයිට්‍රජන් ඔක්සයිඩ් (Nitrogen Oxides) විමෝචනය අඩු කිරීමට සෘජුවම දායක වෙනවා.

නයිට්‍රජන් ඔක්සයිඩ් හැදෙන්නේ ඇයි?

එන්ජිම ඇතුළේ ඉන්ධන දහනය වන විට, කුටීරයේ උෂ්ණත්වය ඉතාම ඉහළ මට්ටමකට (සෙල්සියස් 1370°C ට වඩා) වැඩිවෙනවා. මේ අධික උෂ්ණත්වය නිසා වාතයේ තිබෙන නයිට්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි හානිකර වායූන් හැදෙනවා. මේවා පරිසරයට සහ අපේ සෞඛ්‍යයට ඉතා අහිතකරයි.

EGR එක වැඩ කරන්නේ කොහොමද?

පිටවන දුමෙන් ටිකක් ආයෙමත් එන්ජිමට යවන විට, එම දුමෙහි තිබෙන්නේ ඒ වන විටත් දහනය වූ වායු නිසා, එය නැවත දහනය වෙන්නේ නැහැ. ඒ වෙනුවට, මේ අක්‍රීය දුම, දහන කුටීරයේ ඇති උෂ්ණත්වය අඩු කිරීමට උපකාරී වෙනවා. දහන උෂ්ණත්වය අඩු වන විට, නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි හානිකර වායූන් ඇතිවීමේ ප්‍රමාණය ස්වභාවිකවම විශාල ලෙස අඩු වෙනවා.

අනෙකුත් වාසි සහ ක්‍රියාකාරීත්වය

දූෂණය අඩු කිරීමට අමතරව, EGR එකෙන් තවත් මෙහෙවර කීපයක් වෙනවා.

ඉන්ධන කාර්යක්ෂමතාව (Fuel Efficiency)

සමහර අවස්ථාවලදී (පහළ සිට මධ්‍යම බර තත්ත්ව යටතේ), EGR මගින් දහන ක්‍රියාවලිය වැඩි දියුණු කර ඉන්ධන කාර්යක්ෂමතාව සුළු වශයෙන් ඉහළ නැංවීමටත් උපකාරී වෙනවා.

එන්ජින් Knocking වැළැක්වීම

අධික උෂ්ණත්වයේදී ඇතිවිය හැකි නොමේරූ දැවීම් (Knocking) පාලනය කිරීමටත්, දහන උෂ්ණත්වය අඩු කිරීම මගින් EGR එක උපකාරී වෙනවා.

සීමා සහ නඩත්තු

EGR පද්ධතියේ ඉතා වැදගත් අංගයක් වන EGR Valve එක, කල් යත්ම කාබන් තැන්පතු (Carbon Deposits) නිසා අවහිර වෙන්න පුළුවන්. ඒ වගේ Valve එක අවහිර වුණොත්, පිටවන දුම නිසි පරිදි නැවත එන්ජිමට යවන්නේ නැති නිසා, ඉහත කී වාසි නැති වෙනවා. මේ නිසා, එන්ජිමේ ක්‍රියාකාරීත්වයේ අඩුවීමක්, ඉන්ධන වැඩිපුර දහනය වීමක්, සහ නයිට්‍රජන් ඔක්සයිඩ් විමෝචනය වැඩිවීමක් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා, වරින් වර EGR පද්ධතිය පරීක්ෂා කර පිරිසිදු කිරීම ඉතා වැදගත්.

සාරාංශයක් විදියට කිව්වොත්, EGR පද්ධතිය කියන්නේ පරිසරය ආරක්ෂා කරන්න සහ එන්ජිමේ දහන ක්‍රියාවලිය පාලනය කරන්න අත්‍යවශ්‍යම, ඉතා වටිනා මෙහෙවරක් කරන කොටසක්.

පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් වල EGR ක්‍රියාකාරීත්වයේ වෙනස

EGR පද්ධතියේ මූලික අරමුණ නයිට්‍රජන් ඔක්සයිඩ් අඩු කිරීම වුවත්, එය එක් එක් එන්ජින් වර්ගයේ දහන ක්‍රියාවලියට අනුව වෙනස් ලෙස හැසිරෙනවා.

පෙට්‍රල් එන්ජිමේ (Petrol Engine) EGR පද්ධතිය

පෙට්‍රල් එන්ජිමක් ක්‍රියා කරන්නේ ස්පාර්ක් ප්ලග් එකකින් දැවීම ආරම්භ කිරීමෙනුයි.
මෙහිදී දහන උෂ්ණත්වය අඩු කිරීම මගින් නයිට්‍රජන් ඔක්සයිඩ් විමෝචනය අඩු කිරීම සිදුකෙරෙනවා. පෙට්‍රල් එන්ජින් වලදී ඉන්ධන-වායු මිශ්‍රණය පාලනය කරන්නේ Throttle Valve එක මගින්. ඉහළ වේගයන් වලදී, throttle එක සම්පූර්ණයෙන් විවෘත නොවූ විට (partially closed), එන්ජිමට ඇතුළු වන වාතය නිසා ඇතිවන "වායු ඇදීමක්" (Pumping Loss) සිදු වෙනවා. EGR මගින් දුම් ටිකක් ඇතුළු කරන විට, එන්ජිමට ඇතුළු වන සම්පූර්ණ වායු ප්‍රමාණය වැඩි වෙන නිසා, throttle එකට තව ටිකක් විවෘත වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ නිසා Pumping Loss අඩු වී ඉන්ධන කාර්යක්ෂමතාව (Fuel Efficiency) තරමක් වැඩි වෙනවා.

ඩීසල් එන්ජිමේ (Diesel Engine) EGR පද්ධතිය

ඩීසල් එන්ජිමක දහනය සිදුවන්නේ ඉහළ සම්පීඩනයක් යටතේ වාතය රත් වී, ඒ මතට ඩීසල් ඉසීමෙන් (Compression Ignition) නිසා, එයට throttle එකක් නැහැ. මෙහිදී දහන උෂ්ණත්වය අඩු කිරීම මගින් නයිට්‍රජන් ඔක්සයිඩ් විමෝචනය අඩු කිරීම සිදුවෙනවා.
ඩීසල් එන්ජින් වල EGR භාවිත කරන විට, විශේෂයෙන්ම නවීන එන්ජින් වලදී, එන්ජිමට ඇතුළු කරන පිටාර ( Exhaust Air) වායුව මුලින්ම සිසිල් කිරීමට සිදුවෙනවා. ඒ සඳහා EGR Cooler එකක් භාවිතා කරනවා. ඩීසල් එන්ජින්වල ස්වභාවය අනුව, EGR මගින් ඇතුළු කරන වායුව නිසි ලෙස සිසිල් කිරීමෙන් තවදුරටත් කාර්යක්ෂමව අඩු කර ගත හැකියි.

ඒ වගේම ඩීසල් පිටාර වායුවල සෝට් (Soot/Particulate Matter - PM) අංශු සාපේක්ෂව වැඩියි. මේ නිසා, ඩීසල් EGR පද්ධති කාබන් තැන්පතු වලින් අවහිර වීමේ අවදානම පෙට්‍රල් එන්ජින් වලට වඩා වැඩියි. මේ හේතුව නිසා, නවීන ඩීසල් වාහන වල EGR පද්ධතිය බොහෝ විට DPF (Diesel Particulate Filter) වැනි වෙනත් දූෂණ පාලන පද්ධති සමඟ සමීපව ක්‍රියා කරනවා.

මේ අනුව, EGR කියන්නේ වාහනයේ වර්ගය අනුව වෙනස් විදිහට ක්‍රියා කරන, පරිසරය වෙනුවෙන් විශාල සේවයක් කරන වැදගත් පද්ධතියක්.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!