ඔබේ Full Insurance එකට මේ දේවල් add වෙලා තියෙනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image
එක දවසට පාරෙ කොච්චර නම් වාහන අනතුරු සිද්ධ වෙනවා ඇතිද? සමහර විට ඔබ මේ Article එක බලන අතරේදීත් පාරේ වාහනයක් අනතුරකට ලක් වෙනවා ඇති. හිතන්නකෝ ඔබේ වාහනයට ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණා කියලා. අන්න ඒ වෙලාවට වාහනය insurance කරලා තියෙන එක ගොඩක් වැදගත්. කොහොමත් ලංකාවේ තියෙන නීතියට අනුව, වාහනයක් පාරට දාන්න නම්, අඩුම තරමේ 3rd party insurance එකක්වත් වාහනයට දාලා තියෙන්න ඕනේ. හැබැයි ඔබට වාහනයට full insurance එකක් වුණත් දාන්න පුළුවන්. මොනවද full insurance එකකට ඇතුළත් වෙන්නේ? වාහනයට රක්ෂණයක් දාන්න නම්, ඔබ මේ රක්ෂණ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් MotorGuide අපි අද ඔබට කියන්නේ, ඔබේ full insurance එකට add වෙන්න ඕන දේවල් ගැන.

Vehicle insurance එකකින් ආවරණය වෙන හානි

හදිසි අනතුරකදී නැත්නම් වෙනත් අලාභ හානියකදී රක්ෂිතයාගේ වාහනයට සිද්ධ වෙන හානිය සඳහා වාහන හිමිකරුට මූල්‍යමය ආවරණයක් ලබා දෙන එක තමයි vehicle insurance එකකදි වෙන්නේ. ඒ කියන්නේ සිදු වෙන හානිය නිසා, අදාළ රක්ෂණ සමාගම විසින්, රක්ෂිතයාට වන්දියක් ලබා දෙන එක. වාහන රක්ෂණයකින් වාහනයට හෝ තුන්වෙනි පාර්ශවයට වෙන විවිධ හානි වලට වන්දි ලබා දෙනවා. මේ විදිහට වාහන රක්ෂණයකින් ආවරණය වෙන හානි අතරට රිය අනතුරු, ඇතුළතින් ගිනි ගැනීම්, බාහිර පිපිරීම්, අකුණු සැර වැදීම්, සොරකම් කිරීම් කියන හානි අයත් වෙනවා. අමතර ආවරණ විදිහට, කැරලි කෝලාහල හා සිවිල් කෝලාහල නිසා සිදු වෙන හානි, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, ජල ගැලීම් සහ ස්වභාවික විපත් වලින් වෙන හානිත් ආවරණය කර ගන්න පුළුවන්.

Full insurance එකකින් ආවරණය වන හානි මොනවද?

Full insurance කියන්නේ 3rd party insurance එකකට වඩා වෙනස් insurance එකක්. මේක සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයක්. ඔබ කරලා තියෙන රක්ෂණ වර්ගය අනුව වන්දි ගෙවනවා. ඒ කියන්නේ ඔබට වන්දිය ලැබෙන්නේ, ආවරණය කරපු අනතුරු වර්ගයට විතරයි. වාහනයකට අවශ්‍ය වැදගත් ආවරණ ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබ ඒ ආවරණ රක්ෂණය කරගන්න ඕනේ. මොකද හදිස්සියේ හරි ඔබ රක්ෂණය කරලා නැති අනතුරක් වාහනයට වුණොත්, ඒ හානියට රක්ෂණ සමාගම වන්දි ලබා දෙන්නේ නැහැ. ගොඩක් අය ස්වභාවික ආපදා රක්ෂණය කරන්නේ නැහැ. එතකොට ගංවතුර වගේ ආපදාවකදී ඒ වන්දිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාවික ආපදා අනිවාර්යයෙන් ආවරණය කරන්න මතක තියාගන්න.

Full insurance වර්ග මොනවද?

මේ full insurance වල වර්ග තුනක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. - Private use එදිනෙදා භාවිතයට ගන්නා වාහන වලට වෙනම insurance කරන්න ඕනේ. - Hiring ඔබ යටතේ වැටුප් ලබන driver කෙනෙක් විසින් මුදල් අය කරමින්, භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය කරනවා නම්, ඒක වෙනම insurance කරන්න ඕනේ. - Renter vehicle ඔබට renter car service එකක් තියෙනවා නම්, ඒකට වෙනම insurance එකක් දාන්න. මේ අවස්ථාව වලදී වාහනය insurance කරලා නැති වුණොත්, අනතුරක් ඇති වුණාම ඔබට වන්දියක් ලැබෙන්නේ නැහැ.

Full insurance එක වැදගත් වෙන්නේ ඇයි?

Full insurance එකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල වැඩියි. හිතන්නකෝ ඔබේ වාහනය තාප්පයක වැදිලා වාහනයට ලොකු damage එකක් වෙනවා. Full insurance එකක් දාලත් නැහැ. එතනදි ඔබ 3rd party insurance එකක් දාලා තිබුණට වැඩක් නැහැ. මොකද ඔබට වන්දියක් ලැබෙන්නේ නැති නිසා. හැබැයි සල්ලි අතේ තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක ඔබේ අතේ සල්ලි නැත්නම් ලොකු ප්‍රශ්නයක්. එහෙම වෙලාවට මේ full insurance එක නම් ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා, ගණං වැඩි වුණත් full insurance එකක් දාලා තියාගන්න එක නම් තමන්ගෙ පරිස්සමට හොඳයි. මේ තමයි full insurance එකකට add වෙන්න ඕන දේවල්. ගණං වැඩි වුණත් ඇත්තටම වටින්නේ full insurance එකක් කියලා ඔබටත් හිතෙයි. මොකද අනතුරකදී තුන්වෙනි පාර්ශවයට වගේම තමන්ටත් වන්දියක් ලැබෙනවනේ. ඉතින් මේ Article එකෙන් ඔබේ full insurance එකට add වෙන්න ඕන දේවල් මොනවද කියලා හරියටම දැන ගන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් අමතක නොකර ඔබ දන්න කියන අය එක්කත් මේක share කර ගන්න.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ලිසීං දාන්න ඉන්න අයට මේ වසරේ අලුත් වු නීතිය මෙන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    මුද්‍රණය කරන කාඩ් නොමැති වීමෙන් නවතා තිබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!