Parking assist කෙතරම් දුරට වැදගත් ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ මේ දවස්වල හැමෝම වගේ උනන්දු වෙන, ඒ වගේම වාහනවල අලුත්ම තාක්ෂණික අංගයක් විදියට එකතු වෙලා තියෙන Parking Assist කියන පහසුකම ගැනයි. ඇත්තම කිව්වොත්, රියදුරෙක් විදියට වාහනයක් නවත්වන එක, විශේෂයෙන්ම ඉඩකඩ අඩු තදබද තියෙන තැන්වලදී ඒක පාලනය කරන එක ලොකු අභියෝගයක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක නිකන් සුඛෝපභෝගී පහසුකමක් විතරයි කියලා, හැබැයි මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දන්නවා මේක ඇත්තටම රියදුරු ආරක්ෂාවට සහ වාහනයේ නඩත්තුවට කෙතරම් වැදගත් ද කියලා.

හුදෙක් සුඛෝපභෝගී පහසුකමක් පමණක් නොවේ

Parking Assist කියන්නේ හුදෙක් සෙල්ලමක් නෙවෙයි. මේ පද්ධතිය මගින් වාහනය වටා තියෙන බාධක හඳුනාගෙන, රියදුරුට අනතුරු ඇඟවීම් ලබා දීම සහ සමහර අවස්ථාවලදී වාහනය ස්වයංක්‍රීයව නවත්වන්න උදව් කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම අද කාලේ තියෙන ලොකු වාහනවල, එනම් SUV වර්ගයේ වාහනවල රියදුරු ආසනයේ ඉඳලා බිම තියෙන පොඩි බාධක හෝ ළමයෙක් වගේ කෙනෙක් පේන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට මේ පද්ධතිය හරියටම දෙවැනි ඇස් යුගලක් වගේ වැඩ කරනවා. මේක නිසා සිදුවිය හැකි අනතුරු බොහෝමයක් වළක්වා ගන්න පුළුවන්.

අලුත් රියදුරන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම

අනිත් පැත්තෙන් බැලුවොත්, අලුත් රියදුරන්ට නම් මේක තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න හොඳම මෙවලමක්. ගොඩක් අය වාහනයක් නවත්වන්න බය වෙන්නේ අනතුරක් වෙයිද, නැත්නම් බිත්තියේ හෝ වෙනත් වාහනයක වැදෙයිද කියලා හිතන නිසයි. හැබැයි Parking Assist පද්ධතියක උදව් ලැබෙනකොට රියදුරුට තමන්ගේ වාහනය වටා තියෙන දේවල් ගැන හරියටම අවබෝධයක් ලැබෙනවා. මේ නිසා වාහනය හීරීම් වගේ පොඩි පොඩි අනතුරු වළක්වාගෙන වාහනයේ වටිනාකම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. අලුත් කෙනෙක්ට හොඳින් වාහනයක් පාක් කරන්න මේක ලොකු පුහුණුවක්.

Parking Assist Display

Sensors සහ Camera වල එකතුව

අපේ අත්දැකීම්වල හැටියට, මේ පද්ධතියේ වැදගත්ම දේ තමයි ඒකේ තියෙන Sensors සහ Camera එකතුව. අද වෙද්දී තියෙන 360-degree camera පද්ධති නිසා රියදුරුට තමන්ගේ වාහනය උඩ ඉඳන් බලනවා වගේ දර්ශනයක් ලැබෙනවා. මේක නිසා පටු තැන්වල වාහනය තියද්දී රෝද යන පාර හරියටම බලාගන්න පුළුවන්. මේ තාක්ෂණය නිසා වාහන පාක් කරන කාලයත් ගොඩක් අඩු වෙනවා. ඔබ පාරක් අයිනේ හෝ පාකිං එකක වාහනයක් පාක් කරන්න උත්සාහ කරද්දී පිටිපස්සේ වාහන පෝලිමක් හැදෙන්න තියෙන අවස්ථාව මේ තාක්ෂණයෙන් මග හැරෙනවා.

ස්වයංක්‍රීයව නවත්වන (Self-Parking) තාක්ෂණය

තවත් පැත්තකින් බැලුවොත්, සමහර පද්ධති තියෙනවා තමන්ටම තනිවම වාහනය park කරන්න (Self-parking). මේක හරිම පුදුම හිතෙන තාක්ෂණයක්. රියදුරුට කරන්න තියෙන්නේ accelerator සහ brake එක විතරක් පාලනය කරන එකයි. වාහනය විසින්ම ස්ටියරින් එක කරකවමින් ඉඩ තියෙන තැනට වාහනය අරගන්නවා. සමහර වාහන වල ඒක කරන්න ඕනෙත් නෑ full autonomous විදියට මේ parking එක කරනව. මේක කාර්මික පැත්තෙන් බැලුවොත් බොහොම සංකීර්ණ පද්ධතියක් වුණත්, රියදුරුට නම් හරිම සරලයි. හැබැයි අපි හැමවෙලේම මතක් කරලා දෙන දෙයක් තමයි, කොච්චර තාක්ෂණය තිබුණත් රියදුරුගේ අවධානය සහ බුද්ධිය තමයි අවසාන පාලනය විය යුත්තේ කියලා. තාක්ෂණය කියන්නේ උදව්වක් විතරයි.

Automated Parking Technology

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ඔබ වාහනයක් තෝරා ගැනීමේදී Parking Assist වැනි පහසුකම් තියෙන වාහනයක් තෝරා ගැනීම ඔබේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් කරන ඉතාම හොඳ ආයෝජනයක් කියලා. මේක පාවිච්චි කරන එකෙන් වාහනයේ ආයු කාලය වගේම ඔබේ මානසික නිදහසත් වැඩි වෙනවා. විශේෂයෙන්ම පවුලේ අයත් එක්ක යන ගමන්වලදී වාහනයක් ආරක්ෂිතව නවත්වන්න මේ තාක්ෂණය ඔබට ලබා දෙන්නේ පුදුම සහනයක්. හැබැයි මේ පද්ධති නිසි ලෙස නඩත්තු කරන්නත් අමතක කරන්න එපා. Sensors පිරිසිදුව තියාගන්න සහ තාක්ෂණික දෝෂයක් ආවොත් ඉක්මනින්ම සුදුසුකම් ලත් කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගන්න.

අවසාන වශයෙන්, නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!