වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන වායු සමීකරණ පද්ධතිය කියන්නේ වාහනයේ අත්‍යාවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම රස්නේ කාලෙට නම් කොහොමත් වාහනයක AC දාන්නේ නැතුව නම් යන්න බැහැ. අපි වාහනයක් ගන්නේ සැප පහසුවට අපිට අවශ්‍ය තැන් වලට යන්නනේ. ඉතින් ඒ නිසා වාහනයක යනවා නම් AC එක භාවිතා කරන්න අපි පෙළඹිලා ඉන්නවා. හැබැයි ඔයා දැනගෙන හිටියද AC එක හරියාකාරව භාවිතා කළේ නැති වුණාම වාහනයට හානි සිදු වෙන්න පුලුවන් කියලා. අද MotorGuide තුළින් අපි ඔයාට කියන්නේ වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි මොනවද කියලා.

AC පද්ධතියේ වැදගත්කම

ගොඩක් අය හිතනවා AC පද්ධතිය වාහනයට ගොඩක් වැදගත් අංගයක් කියලා. AC පද්ධතිය හරහා වාහනයට යම් යම් ප්‍රයෝජන ලැබෙනවා කියලා තමයි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ සිතුවිල්ල වැරදියි. මොකද AC එක නිර්මාණය කරලා තියෙන්නේ වාහනයේ ගමන් කරන මඟීන්ගේ සැපපහසුව ගැන හිතලා. ටිකක් මතක් කරලා බලන්නකෝ අතීතයේත් ඕනේ තරම් AC නැති වාහන, කාර් නිෂ්පාදනය කරලා තියෙනවා.

AC එක service කිරීම සහ repair කිරීම

වාහනයක AC එකක් අඩු වෙන්න නම් AC leak එකක් තියෙන්න ඕනේ. එතනදී gas අඩු වීම නිසා AC එක පැමිණීමේ ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවක අපි අනිවාර්යයෙන්ම AC එක repair කරන්න ඕනේ. හැබැයි AC එකක් service කරනවා කියන්නේ maintainers procedure එකක්. මෙතනදී cabin filter එක clean කිරීම, condenser එක clean කිරීම වගේ දේවල් හඳුන්වන්න පුලුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් AC එකක් service කරන කාල සීමාව තීරණය වෙන්නේ තමන්ගේ භාවිතා කිරීම සහ අවශ්‍යතාවය අනුවයි.

සතුන්ගෙන් AC පද්ධතියට වෙන හානි

වාහනයට කෘමින්, මීයෝ වැනි සතුන් රිංගන අවස්ථා ඕනේ තරම් තියෙනවා. මේ හේතුව නිසාත් වාහනයේ AC පද්ධතියට හානි සිදු වෙන්න පුලුවන්. වාහනය තුළට සතුන් රිංගන්න මූලිකම හේතුව තමයි වාහනයේ ඇතුළේ පවතින වියළි උණුසුම් තත්වය. මෙවැනි සත්තුන් වයර් හැපීම, මලද්‍රව්‍ය බැහැර කිරීම වගේ හේතු නිසා AC පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙන්න පුලුවන්. AC පද්ධතියට පමණක් නෙමෙයි වාහනයේ අනෙකුත් පද්ධති වලටත් මෙම සතුන් නිසා හානි සිදු වෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට සතෙක් ඉන්නවා කියලා දැක්කොත්, දැනුනොත් AC එක ක්‍රියාත්මක නොකර කාර්මික සහය ලබා ගන්න එක තමයි හොඳම තීරණය වෙන්නේ.

AC Off කරන්නේ බලාගෙනයි

පෙට්‍රල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන් බොහෝ දෙනා AC එක දාන්නේ නැතුව shutters open කරගෙන වාහනේ යනවා දැකලා ඇති. AC එක off කිරීම මඟින් පෙට්‍රල් ඉතිරි කරගන්න පුලුවන් වුණත්, hybrid වාහනයක නම් AC එක නොදා ගමන් කිරීමේදී සිදු වන හානිය වැඩියි. මොකද hybrid වාහනයක battery එක cool වෙන්න භාවිතා වෙන්නෙත් අපි use කරන AC එකමයි. ඒ විතරක් නෙමෙයි shutters ඇරලා තියෙන නිසා අවට වටපිටාවේ තියෙන කුණු දුහුවිලි වලිනුත් වාහනය අපවිත්‍ර වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් AC එක දාගෙන shutters වහගෙන යන්න පුලුවන් නම් ඒක වාහනයට ගොඩක් හොඳයි. ඒ වගේම වාහන වල indoor වගේම outdoor කියලා AC functions දෙකක් බලා ගන්න පුලුවන්. අපිට default use කරන්න හොඳම indoor function එක තමයි indoor කියන්නේ. මොකද AC එකට එළියෙන් වාතය ගන්නවාට වඩා ඇතුළෙන් ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

AC එක හරියටම use කරමු

AC එකට හොඳම විදිහ තමයි lower setting එකේ run කරන එක. Lower setting එකේ run කරද්දී AC button එකෙන් off කරන එක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි අපිට AC button එක නිතරම on off කරන එක ටිකක් කරදර වැඩක්. ඒ නිසා හොඳම දේ temperature එක වැඩි කරන එක. හැබැයි වාහනයේ AC එකේ safety එක අනුව බලනවා නම් AC එක Lower setting එකට දාලා AC එක on, off කරන එක තමයි හොඳම.

ඒ වගේම වාහනේ ඇතුළත් dust එක, කෑම නැතුව පිරිසිදුවට තියාගන්න එකත් AC එකේ health එකට ගොඩක් හොඳයි.

ගොඩක් අය AC එක භාවිතා කළත් එය හරියට maintain කිරීම සිදු කරන්නේ නැහැ. ඒ හේතුව නිසා වාහනේට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඉතින් AC එක ආරක්ෂා කරගන්න නම් අද MotorGuide අපි කිව්ව tips follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Passenger side එක නිතරම හොඳින් clean කරන්නත් පුරුදු වෙන්න. එතකොට ඔයාට පුලුවන් AC එක දිගු කාලයක් ගැටලුවක් නැතුව භාවිතා කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!