Open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබත් වාහනයක් විකුණන්නද ඉන්නේ? එතකොට ඒ වාහනය ගන්න කෙනා බලාපොරොත්තු වෙන්නේ open papers වලට වාහනය ගන්නද? එහෙනම් ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි කියන්නෙත් open papers වලට වාහනයක් ගන්නවා නම් ඒ ගැන කිහිප වතාවක් හිතන්න කියලනෙ. ඒ වගේම තමයි, open papers වලට වාහනයක් විකුණන එකත් හිතන්නම ඕන කාරණාවක්. මොකද ඔබ නොදන්නවා වුණාට මේකෙන් ඔබට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා, open papers වලට වාහනයක් විකුණනවා නම්, අනිවාර්යයෙන්ම ඒ ගැන අකුරක් නෑර දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි අද හිතුවා, open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු ගැන MotorGuide තුළින් කියන්න.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වලට වාහනයක් විකුණනකොට ඇති වෙන ප්‍රශ්න

Open papers වාහනයක් විකුණනකොට ඔබට එක එක ප්‍රශ්න හිතෙන්න පුළුවන්.

  • Open papers වලට වාහන විකිණීමේ අවධානමක් තියෙනවද?
  • අනතුරක් වුණොත් ප්‍රශ්නයක් වෙයිද?
  • Open papers වලට වාහනයක් විකුණනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටියක් තියෙනවද?
  • වාහනය විකුණනවා කියලා RMV එකට දැනුම් දෙන්න ඕනෙද?
  • ගන්න කෙනාගේ නමට වාහනය මාරු කරලා විකුණන එක අනිවාර්යද?

මේ වගේ එක එක ප්‍රශ්න ඔබට හිතිලා ඇති. හැබැයි ඉතින් එහෙම හිතලත් ඒ ප්‍රශ්න වලට හරියට උත්තරයක් දන්නේ නැති නිසා ඔබත් මේකට අහු වෙලා ඇති.

Open papers වලදී මොකද වෙන්නේ?

ඔබ හිතන්න වාහන open papers වලට විකුණන්නේ ඔබ කියලා. මුලින්ම MT6 කියන පත්‍රිකා වල පිටු හතරක් පුරවලා පළවෙනි පිටු දෙක තමන් ළඟ තියාගෙන අන්තිම පිටු දෙක වාහනය ගන්න කෙනාට දෙනවා. දැන්, වාහනය විකුණපු කෙනා තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට භාර දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. වාහනය ගත්තු කෙනත් තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට submit කරන්න ඕනේ.

Open papers වාහනය ගන්න කෙනා කරන වැරදි වලින් ප්‍රශ්න ඇති වෙන්නේ කාටද?

අපි කලින් කියපු විදිහට, වාහනය ගන්න කෙනා MT6 පත්‍රිකා වලින් පුරවපු කොළයක් RMV එකට ඉදිරිපත් කරලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ පුද්ගලයා වාහනය පාවිච්චි කරලා තියෙන්නේ, robbery එකට වෙන්න පුළුවන්. අනිත් දේ තමයි වාහනය විකුණලා මාස ගාණක් ගත වුණත් වාහනයේ අයිතිකරුගේ නම වෙනස් වෙලා නැහැ. බැලූ බැල්මට ඔබට හිතෙන්නේ නම්, මේ වැරදි කළේ වාහනය ගත්තු කෙනා නිසා, ඒකෙ දඬුවම් ලැබෙන්නෙත් එයාටමයි කියලා. හැබැයි එහෙම නැහැ. Open papers වලට වාහනයක් විකුණනවා කියන්නේ, ඒ වැරදි වලට දඬුවම් විඳින්න වෙන්නේ වාහනය විකුණපු කෙනාට. අපි කියපු වැරදි වාහනය ගත්තු කෙනා කළොත් අනිවාර්යයෙන්ම වාහනය විකුණපු කෙනාට සිර දඬුවම් ලැබෙනවා. එහෙමත් නැත්නම් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

ඒ අතරේ වාහනය ගත්තු කෙනා finance එක ගෙවලත් නැත්නම් මොකද වෙන්නේ? එතකොට finance company එක ඔබට ඒ කියන්නේ වාහනය විකුණපු කෙනාට එරෙහිව නඩු දානවා.

වාහනය ගත්තු කෙනා වාහනය පාරේ drive කරන්නේ ඔබේ නම යටතේනෙ. එතකොට ඒ කෙනා වාහනය මොකක් හරි අපරාධයකට යොදාගෙන තිබුණොත්, නැත්නම් අනතුරකට ලක් වුණොත් වාහනය තවමත් ඔබේ නමින්, ඒ කියන්නේ වාහනය විකුණපු කෙනාගේ නමින් ලියාපදිංචි කරලා තියෙන නිසා ඒකෙ වරද පැටවෙන්නේ වාහනය ගත්තු කෙනාට නෙවෙයි. වාහනය විකුණපු ඔබටමයි.

දැක්කා නේද? වාහනයක් විකුණනවා කියන එකත් එච්චර සුළුපටු දෙයක් නෙවෙයි. ඒකත් open papers වලට විකුණනවා නම් ප්‍රශ්න වැලයි. සාමාන්‍යයෙන් අපි දෙයක් ගන්නකොටනේ ඒ ගැන හොඳට හොයලා බලන්නේ. හැබැයි අපි කෙනෙක්ට දෙයක් දෙනකොටත් ඒ ගැන පුදුම විදිහට සැළකිලිමත් වෙන්න ඕනේ. ඒකට හොඳම කතාව තමයි, open papers වලට වාහන විකුණන එක. අපි හිතනවා අද අපේ Article එකෙන් open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු දැන ගන්න ඇති කියලා. දැන් ඉතින් ඔබට පුළුවන්, open papers වාහන විකුණන්න ගිහින් නිරපරාදේ අනුන්ගේ වැරදි තමන් පිට පටවගෙන ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්න. හැබැයි අපි අද කියපු හැම දෙයක්ම අමතක නොකර මතක තියාගන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!