වාහනේ wheel alignments වල දෝෂයක් ඇති බව හැඟවෙන ලක්ෂණ

time
මිනිත්තු 2 කියවීම
feature image

Wheel alignments කියලා හඳුන්වන්නේ වාහන suspension පද්ධතිය නිවැරදිව සීරුමාරු කිරීමයි. එහිදී වාහනයේ ටයර් පොළොව මත ගැටෙන ආකාරය ඉතාමත් නිවැරදිව සකස් කිරීම සිදු කරනවා. එමඟින් වාහනයේ හැසිරවීමේ හැකියාව වැඩි කරගන්න පුලුවන්. Wheel alignments දෝෂ සහිත නම් ලොකු අනතුරකට වුණත් මුහුණ දෙන්න පුලුවන්. වාහනයේ wheel alignments වල දෝෂ ඇති වන්නේ වාහනයේ wheel alignments අගයන් වෙනස් වීම නිසයි. ඉතින් අද MotorGuide අපි අරගෙන ආවේ වාහනයේ wheel alignments වල දෝෂයක් ඇති බව හැඟවෙන ලක්ෂණ කිහිපයක්.

Wheel alignments අගය වෙනස් වීමට හේතූ

Wheel alignments අගය වෙනස් වෙන්නත් බලපාන සාධන කිහිපයක් තියෙනවා. අබලන් මාර්ග සහ වලවල් මතින් ධාවනය කිරීම සහ මාර්ගයේ තියෙන බාධක මතින් අපරික්ෂාකාරීව ධාවන කිරීම නිසා වාහනයේ suspension පද්ධතියේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. ඊළඟට අපි බලමු Wheel alignments වල සුළු වෙනසක් හරි තියෙනවා නම් දැනගන්න පුලුවන් විදි මොනවද කියලා.

Wheel alignments වල දෝෂ ඇත්දැයි පරීක්ෂා කරමු

මුලින්ම ඔබගේ වාහනයේ සියලුම රෝද වල වායු පීඩනය නිවැරදිද යන්න පරීක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි වාහනයේ ඉදිරිපස රෝද වල තියෙන කට්ටා ගෙවිලා නම් ඔබ කරන පරීක්ෂණයේ ප්‍රතිඵල නිවැරදි නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳම තත්වයේ පවතින ටයර් දෙකක් වාහනයේ ඉදිරිපසට මාරු කරන්න. ඉතින් මේ සඳහා අඩුවෙන් ගෙවී තිබෙන පසුපස ටයර් භාවිතා කරන්නත් පුලුවන්.

මේ දේවල් නිවැරදි කරගත්තට පස්සේ කෙලින් තිබෙන කාපට් මාර්ගයකට වාහනය අරගෙන යන්න. වාහන තදබදයක් නොමැති වෙලාවක මේ පරීක්ෂණය කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. කාපට් මාර්ගයේ මඳ දුරක් ගමන් කරලා සුක්කානමෙන් අත නිදහස් කරලා මීටර් 200ක් වගේ දුරක් drive කරන්න.

ඉතින් මේ කාලය තුළ වාහනය පැත්තකට ඇදී යාමකින් තොරව කෙලින් ඉදිරියට ගමන් කරනවා නම් වාහනයේ Wheel alignments වල වෙනසක් සිදු වෙලා නැහැ.

Wheel alignments වල දෝෂ ඇති බව හැඟවෙන ලක්ෂණ

  • Drive කරනකොට වාහනය එක පැත්තකට ඇදී යාම
  • කෙලින් drive කරනකොට සුක්කානම මධ්‍යස්ථව නොපැවතීම
  • ටයර් වල කට්ටා අක්‍රමවත්ව ගෙවීම
  • වංගු ගැනීමේදී හැසිරවීම අපහසු වීම
  • සුක්කානම තද වීම
  • Drive කරන විට වාහනයේ යම් වෙව්ලිල්ලක් හට ගැනීම
  • විවිධ වේග සීමා වලදී සුක්කානමේ යම් වෙව්ලිල්ලක් හට ගැනීම
  • වංගු සහිත මාර්ගයක ගමන් කර කෙළින් පාරකට පැමිණීමේදී රෝද ස්වංක්‍රියව මධ්‍යගත පිහිටීමට නොපැමිණීම

ඉතින් ඔබේ වාහනයේත් මෙවැනි දෝෂ එකක් හෝ තිබෙනවා නම් Wheel alignments ගැන අවධාන යොමු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

Wheel alignments නිවැරදි කිරීම

වාහනයක රෝද 4ම මාධ්‍ය රේඛා සමාන්තරව පිහිටා ති

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!