Third Party Insurance එකක් තියෙන ඔබ දැන ගත යුතුම දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ දැනටමත් දන්නවා, වාහනයක් පාරේ drive කරන්න නම්, අනිවාර්යයෙන්ම 3rd party insurance එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔබත් වාහනයට 3rd party insurance එකක් දාලාද තියෙන්නේ? එහෙනම්, ඔබ මේ insurance එක ගැන දැන ගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන්, insurance එකක් ඕනම නිසා, වාහනයට 3rd party එකක් දානවා කියලා. ඇත්තටම 3rd party එකක් අවශ්‍ය, වාහනය පාරේ ගෙනියන්න විතරමද? වාහනයට අනතුරක් වුණොත්, 3rd party insurance එකකින් claim එකක් ගන්න පුළුවන්ද? මේ විදිහට 3rd party insurance එක ගැන ඔබ දැන ගත යුතුම දේවල් ගැන තමයි, MotorGuide අපි අද ඔබට කියන්නේ.

Third party insurance එකක් කියන්නේ මොකක්ද?

ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයට සිදු වෙන මූල්‍යමය පාඩුවක්, දේපළ හානියක්, ශාරීරික තුවාල හෝ තුන්වෙනි පාර්ශවයට පැන නගින යම් නීතිමය ගැටළුවක් ආවරණය කරන්න ලබා දෙන රක්ෂණයක් තමයි, 3rd party insurance එකක් කියන්නේ.

ඒ කියන්නේ, මේ මඟින් රක්‍ෂණය කරන වාහනය හා වාහනයේ යන අයගේ ජීවිත ආවරණය වෙන්නේ නැහැ. හැබැයි අනතුරට පත් වෙන බාහිර ජීවිත හා දේපළ 3rd party එකෙන් ආවරණය වෙනවා.

Third party එකෙන් claims ගන්න පුළුවන්ද?

තුන්වෙනි පාර්ශවය ගැන කතා කරනකොට, කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි තුන්වෙනි පාර්ශවයේ සිදු වෙන දේපළ හානි වෙනුවෙන් අදාළ වන්දිය ලැබෙන එක. මෙතනදී පාරේ තියෙන නිශ්චල හෝ චංචල දේපළකට හානි වෙන්න පුළුවන්. අනිත් කොටස තමයි, ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයට යම් ජීවිත හානියක් සිදු වුණොත්, මේ 3rd party එක හරහා තුන්වෙනි පාර්ශවයට වන්දි ලබා දීම සිදු කරනවා. එහෙම බැලුවොත් 3rd party insurance එකක් කියන්නේ, වන්දි දෙන්න නෙවෙයි, වන්දි අරන් දෙන්න පුළුවන් රක්ෂණයක්.

Claim ලැබෙන්නේ කොහොමද?

හිතන්න, ඔබේ වාහනය, තවත් වාහනයක් සමඟ accident වුණා කියලා. වාහන දෙකම 3rd party insurance එකක් දාලා තියෙනවා නම්, වැරදිකරු විසින්, නිවැරදි පාර්ශවයට වන්දි මුදල් ලබා දෙනවා. හැබැයි මෙතනදි තුන්වෙනි පාර්ශවයට වන්දි මුදල් ලැබෙන්නේ, නිවැරදිකරු නම් විතරයි.

ඊළඟට ඔබේ වාහනයට 3rd party එකක් දාලා තිබුණත්, අනතුරට පත් වෙන අනිත් වාහනය කිසිම රක්ෂණයක් දාලා නොතිබුණොත් මොකද වෙන්නේ? Third party insurance එකක් නැතුව වාහනයක් පාරේ drive කරන එක නීති විරෝධියි. හැබැයි රක්ෂණාවරණයක් නැති වාහන අයිතිකරු, නිවැරදිකරු නම්, වැරදිකරු වුණු පාර්ශවයේ 3rd party එක හරහා වන්දි මුදල් ලැබෙනවා. ඒත් කිසිම රක්ෂණයක් නොතිබීම නිසා, පොලීසියට දඩ මුදල් ගෙවන්න තුන්වෙනි පාර්ශවයට සිද්ධ වෙනවා.

Third party එකක් අවශ්‍ය ඇයි?

Third party insurance එකක් නැතුව වාහනයක් පාරට දාන්න බැහැ. Drive කරනකොට, හදිස්සියේ හරි පොලීසිය ඔබව නතර කරපු වෙලාවක 3rd party insurance එකක්වත් වාහනයට නැත්නම්, ඔවුන්ට පුළුවන් ඔබව උසාවි දඩයකට යටත් කරන්න. හැබැයි, 3rd party insurance එකක් තිබුණු පලියට ඔබේ වාහනයට හානියක් වුණා කියලා, ඔබට claims ගන්න බැහැ. ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයට හානියක් වුණොත්, සමහර විට ඒ වෙලාවේ ඔබ ළඟ ලොකු මුදලක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් තුන්වෙනි පාර්ශවයට වන්දියක් දෙන්න වෙන්නේ නැහැ. එතකොට තුන්වෙනි පාර්ශවය ලොකු අපහසුතාවයකට පත් වෙනවා. අන්න ඒ වගේ තැනකදී මේ 3rd party insurance එක ඔබට වගේම තුන්වෙනි පාර්ශවයටත් වැදගත් වෙනවා.

රක්ෂණ සමාගමට ගිය ගමන් claim ගන්න පුළුවන්ද?

Third party insurance එකකදී claim ගන්න යම් procedure එකක් තියෙනවා. අලාභ හානිය පියවා ගන්න නම්, මුලින්ම පොලීසිය දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ උසාවිය දක්වා යන්න ඕනේ. එතනදී උසාවිය තීරණය කරනවා, රක්ෂණ හිමිකරු විසින් අදාළ පාර්ශවයට යම් අනතුරක් සිද්ධ කරලා තියෙනවාද කියන එක. ඒක තහවුරු වීමක් තමයි උසාවියේදී සිද්ධ වෙන්නේ. මේ තහවුරු කිරීමේදී පාර්ශව තුනක් සම්බන්ධ වෙනවා.

ඒ පාර්ශව තුන නීතිය ඉදිරියේ පෙනී ඉඳලා නඩු මාර්ගිකව සමතයකට පත් කර ගන්නවා, රක්ෂණය හිමි තැනැත්තා වැරදිකරු නම්, අදාළ වන්දිය, අදාළ රක්ෂණ සමාගමෙන් ගෙවන්න liable ද කියලා. මේ විදිහට උසාවියෙන් ලැබෙන තීරණය මත අදාළ වන්දි හිමිකම් ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කරනවා. හැබැයි මෙතනදී රක්ෂණ සමාගමෙත් යම් යම් conditions තියෙනවා. ඒ වගේම රක්ෂණය දාන අවස්ථාවේ ඔවුන් ලබා දෙන benefit එක අනුව අදාළ වන්දි හිමිකම් ගෙවීම සිද්ධ වෙනවා. රක්ෂණ හිමියා නිවැරදිකරු වුණොත්, අදාළ වන්දි හිමිකම තුන්වෙනි පාර්ශවයට ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට රක්ෂණ සමාගමත්, රක්ෂණ හිමියාත් නිදොස්කොට නිදහස් කරනවා.

තුන්වෙනි පාර්ශවයට කොච්චර වන්දියක් ලැබෙනවද?

හිතන්න, තුන්වෙනි පාර්ශවයට යම් ජීවිත හානියක් සිද්ධ වුණා කියලා. සමහර රක්ෂණ සමාගම් නීත්‍යානුකූල ක්‍රමයකට ගෙවන වන්දි හිමිකම limit කරලා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිත හානියකදී unlimited recovery එකක් ලැබෙන්න ඕනේ. අර්ධ දුබලතා වලදී රක්ෂණ සමාගමේ තියෙන උපරිම වන්දි හිමිකමෙන් percentage එකක් තමයි දෙන්නේ. උපරිම වන්දි හිමිකම් ලැබෙන්නේ, death එකකදී සහ පූර්ණ දුබලතාවයකදී.

වාහනයකට හෝ දේපළකට හානි වුණොත්, ඒවලට ලැබෙන වන්දියට නම් අනිවාර්යයෙන්ම limit එකක් තියෙනවා. උසාවියේදී මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා ඇස්තමේන්තුවක් ගත්තත්, අදාළ රක්ෂණ සමාගමෙන් රක්ෂණය ලබා ගන්නකොට යම් benefit එකක් තිබුණා නම්, ඒ ප්‍රමාණයට තමයි, උපරිම වන්දි හිමිකම් ලැබෙන්නේ.

දැන් ඉතින් ඔබ 3rd party insurance එක ගැන හැම දෙයක්ම දන්නවා. මේ කියපු කරුණුත් එක්ක එක පැත්තකින් බැලුවොත් 3rd party insurance එකක් කියන්නේ, life insurance එකක්. හැබැයි ඒ තුන්වෙනි පාර්ශවයට විතරයි. ඒ කොහොම වුණත්, වාහනයකට ගොඩක් වැදගත් දෙයක් තමයි, 3rd party insurance එකක් කියන්නේ. ඒ කියන්නේ, මේක වාහනයක් පාරේ drive කරන්නම විතරක් ගන්න insurance එකක් නෙවෙයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!