Spare parts තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ ගන්න එක තීරණයකින්, ඕනම දෙයක් කණපිට හරවන්න පුළුවන්. එහෙම එක අවස්ථාවක් තමයි, වාහනයට spare parts තෝරා ගන්න එක. ඔබ ගන්නෙ, වාහනයට නොගැළපෙන parts නම්, හොඳට තිබුණ වාහනේ ටික ටික ලෙඩ වෙන්න පටන් ගන්නවා. මේක නොහිතන විදියට වාහනේට බලපානවා. ඒ නිසා ආවට ගියාට spare parts අරන් හරි යන්නෙ නැහැ. හරිම parts ටික තෝරා ගන්න ඕනෙ. ඒකයි MotorGuide අපි හිතුවෙ spare parts ගන්නකොට සැළකිලිමත් වෙන්න ඕන කරුණු ගැන ඔබව දැනුවත් කරන්න.

ළඟ තියෙන වාහනේ මොකක්ද?

වාහනයට හරිම spare parts තෝරා ගන්න කලින් ඔබට කරන්න දෙයක් තියෙනවා. මේක තමයි මුලින්ම කරන්න ඕනෙ. ඒ තමයි, ඔබ ළඟ තියෙන්නෙ මොන වර්ගයේ වාහනයක්ද කියලා නිවැරදිව දැන ගැනීම. ඒක දැන ගන්න, වාහනයේ නිෂ්පාදනය, model එක සහ අවුරුද්ද අවශ්‍ය වෙනවා. මේ තොරතුරු දැන ගැනීමෙන් ඔබේ වාහනයට සුදුසු spare parts හොයා ගන්න හරිම ලේසියි.

මීට අමතරව වාහනයේ එන්ජිම (පෙට්‍රල් හෝ ඩීසල්) වගේම transmission වර්ගය සහ අනෙකුත් වැදගත් තොරතුරු දැන ගන්න ඕනෙ. මේ දේවල් දැන ගන්නවා කියන්නෙ, වාහනේට ගැළපෙනම spare parts තෝරා ගන්න එක ගැන නම් සත පහකටවත් බය වෙන්න ඕනෙ නෑ.

හොඳ Brand එකක් තෝරා ගන්න

වාහනයට spare parts මිලදී ගන්නකොට, පිළිගත් සහ ජනප්‍රිය brand එකක් තෝරා ගැනීම වැදගත් වෙනවා. මොකද brand එක ජනප්‍රිය වෙන තරමට, spare parts වල quality එක වැඩි වීමට සහ ඔබේ වාහනයට අනුකූල වීමට තියෙන ඉඩකඩ වැඩියි. මීට අමතරව ජනප්‍රිය brand බොහෝ විට, ඔවුන්ගේ products වලට warranties ලබා දෙනවා. මේ ගැන හොඳට දන්න කියන අයගෙන් අහලා ඔබට හොඳ brand එකක් තෝරා ගන්න පුළුවන්.

Quality එක ගැන හිතන්න

අපි කොච්චර හිතුවත් 'මගේ වාහනේට ගන්නෙ quality spare parts' කියලා, එතනට ගියාට පස්සෙ ඔය සේරම අමතක වෙනවා. මුලින්ම හිතන්නෙ price එක ගැන. ඊට පස්සෙ ඉතින් අර කලින් කියපු quality එක ගැන හිතන්න වෙන්නෑ. හිතේ තියෙන budget එකට වැඩේ කර ගන්නත් ඕනනෙ. සමහර විට, හිතුවට වඩා price එක වැඩියි නම්, මේවා quality parts නෙවෙයි කියලා, මඟ හරිනවා. ඒත් මේ වැඩෙන් වෙන්නෙ, ඔබට දිගටම spare parts වලට සල්ලි වියදම් කරන්න වෙන එක. අන්තිමට වාහනේ ගන්න කරපු වියදමට වඩා, spare parts වලට වියදම් කරන්න වෙයි. වියදමටත් වඩා ඔබේ වාහනේට වෙන හානියත් වැඩියි.

මේ කියන්නෙ, වැඩි price වලට තියෙන spare parts ගන්න කියලා නෙවෙයි. ඔබ මුලින්ම focus කරන්න ඕනෙ spare parts වල quality එක. Price එකට කලින් quality එක ගැන හිතන එකෙන්, ඔබට වියදම් අඩු කර ගන්න වගේම වාහනයේ efficiency එක වැඩි කර ගන්නත් පුළුවන්.

ගන්න Spare Parts ගැන හරිම තීරණයකට එන්න

Spare parts ගැන කතා කරනකොට, නව කොටස්, නැවත ගොඩනඟන ලද කොටස්, අළුත්වැඩියා කරන ලද කොටස්, අලෙවියෙන් පසු කොටස් සහ භාවිතා කළ කොටස් පවා ඔබට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ වාහනය සඳහා spare parts මිලදී ගන්නකොට, ඔබේ options දැන ගැනීම වැදගත් වෙනවා. හැම option එකකම වාසි වගේම අවාසිත් තියෙනවා. ඉතින් හොඳට හිතලා බලලා අවශ්‍ය parts ටික තෝරා ගන්න.

New parts එහෙම නැත්නම් නව කොටස්, ගොඩාක් expensive. නමුත් ඒවා high quality වන අතර බොහෝ විට, නිෂ්පාදකයාගේ warranty එකත් ලැබෙනවා. නැවත ගොඩනඟපු කොටස් වල price එක අඩුයි. අර කලින් කියපු විදියට price එක අඩු නිසා, ඔබ මේ parts ගන්න පෙළඹෙන්න පුළුවන්. නමුත් ඒවා එච්චර කල් පවතින්නෙ නැහැ. New parts තරම් විශ්වාසයක් තියන්නත් බෑ.

අළුත්වැඩියා කරපු කොටස් සාමාන්‍යයෙන් new parts වලට වඩා ලාභදායී වෙනවා. නමුත් new parts තරම් quality නෑ. නැවත ගොඩනඟපු කොටස් වලට වඩා නම් quality එක වැඩියි. Aftermarket parts එහෙමත් නැත්නම් අලෙවියෙන් පසු කොටස් තමයි සාමාන්‍යයෙන් ගත්තොත් ලාභම option එක. නමුත් ඒවා, genuine parts තරම් විශ්වාස කරන්න බෑ. ඇත්තම කිව්වොත් මේ parts වාහනේට ගැළපෙන්නෙ නෑ.

Warranty එක ගැන සළකා බලන්න

වාහනයට spare parts මිලදී ගන්නකොට, ඒ part එක සමඟ ලැබෙන warranty එක සළකා බැලීම ගොඩාක් වැදගත් වෙනවා. හොඳ warranty එකක් කියන්නෙ, part එක සම්බන්ධව ඇති විය හැකි ගැටලු වලට විසඳුමක්. මතක ඇතුව warranty එකේ තියෙන conditions ටික සහ ඒ warranty එක කොච්චර කාලයක් cover කරනවද කියලා check කරන්න.

මේ තමයි වාහනේට spare parts මිලදී ගන්නකොට ඔබ සැළකිලිමත් වෙන්න ඕන කරුණු. අද ඉඳලා spare parts ගන්න ගියාම, මේ කරුණු වලට අනුව ඔබේ වාහනයට හරියටම set වෙන, හොඳ quality එකක් තියෙන හරිම spare parts ටික තෝරා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!