Engine oil වැඩි වුණොත් engine එකට මොකද වෙන්නේ?

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔයාගේ වාහනේ engine එකටත් oil වැඩි වෙලා තියෙනවද? ඇත්තටම මේ සිද්ධිය ඕනෙම කෙනෙක්ගේ අතින් වෙන්න පුලුවන් පොදු වැරද්දක්. හැබැයි මේ වැරැද්ද නිසා ඔයාගේ වාහනේ engine එකට ලොකු අනතුරක් සිදු වෙන්න පුලුවන්. ඒ නිසා වැරදිලා හරි engine එකට oil වැඩි වුණොත්, හැකි ඉක්මනින් ඒ වැරැද්ද නිවැරදි කරගන්න එක තමයි කරන්න ඕනේ.

ඒ නිසාම MotorGuide අපි අද ඔබට කියන්නේ වාහනයට engine oil වැඩි වුණොත් මොකද වෙන්නේ, කොහොමද ඒ වැරද්ද නිවැරදි කරගන්නේ කියලා.

Engine oil වැඩි වුණොත් මොකද වෙන්නේ?

වාහනයට engine oil වැඩි වුණොත් පෙණ නැගීමට සහ air pockets සෑදීම සිදු වෙන්න පුලුවන්. එමඟින් engine components නිසි පරිදි ලිහිසි කිරීමත් වළකිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, engine එක ක්‍රියා විරහිත වීම වැඩි වී බලය සහ කාර්යක්ෂමතාව අඩු වෙන්න පුලුවන්. සමහර අවස්ථාවලදී engine oil අධික ලෙස පිරවීම, engine එක ක්‍රියා විරහිත වීමට හෝ මිල අධික අලුත්වැඩියාවකට පවා හේතු වෙනවා.

ඒ වගේම engine oil වැඩි වීමෙන් වෙනත් ගැටළු රාශියක් පවා ඇති වෙන්න පුලුවන්. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

Engine එකට හානි වීම

Engine oil වැඩි වීම නිසා engine එකට බරපතල හානි සිදු වෙන්න පුලුවන්. මොකද අතිරික්ත තෙල් crankshaft එකේ භ්‍රමණයට බාධා ඇති කරනවා. මෙසේ වීම හේතුවෙන් වැඩි ඝර්ෂණයක් වෙන්න, වැඩි තාපයක් නිපදවෙන්න වගේම engine failure එකක් ඇති වෙන්නත් පුලුවන්.

Aeration සහ Foaming

අධික ලෙස engine oil පිරවීම නිසා crankshaft එක මඟින් oil, පෙන බවට පත් කිරීම සිදු කරනවා. එමඟින් aeration සහ foaming කියන තත්ත්ව ඇති වෙනවා. මේ හේතුව නිසා engine components නිසි ලෙස ලිහිසි කිරීම සහ සිසිල් කිරීම සිදු වන්නේ නැහැ.

Oil Pressure එක වැඩි වෙනවා

අධික ලෙස engine oil පිරවීම නිසා, engine එක තුළ oil pressure එක වැඩි වෙනවා. Oil Pressure එක අධික වීම oil seals සහ gaskets වලට හානි සිදු කරන අතර එය කාන්දු වීමට හේතු වෙනවා.

Oil Leak වීම

ඉහළ තෙල් මට්ටමක් තිබීම piston rings සහ combustion chamber එකට අතිරික්ත ගමන් කිරීමට හේතු වෙනවා. මෙය oil burning, fouled spark plugs සහ emissions එක වැඩි වීමට හේතු වෙන්න පුලුවන්. ඒ වගේම අධික තෙල් නිසා seals සහ gaskets වලින් oil කාන්දු වෙනවා. මෙය අනෙකුත් engine components වලටත් හානි සිදු වෙන්න ලොකු හේතුවක්.

Engine Performance අඩු වීම

Oil අධික ලෙස පිරවීම rotating components වල ප්‍රතිරෝධය වැඩි කිරීමට හේතු විය හැකි අතර, එය engine එකේ ක්‍රියාකාරිත්වය සහ ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවීමට හේතු වෙනවා.

Catalytic Converter වලට හානි සිදු වීම

Combustion chamber එකේ අධික ලෙස තෙල් දහනය සිදු වුණොත්, එමඟින් නිපදවෙන අතුරු ඵල, catalytic converter එකට ගොස් එය අපිරිසිදු වී එහි කාර්යක්ෂමතාව අඩු කිරීම සිදු වනවා.

Engine Oil අධික ලෙස පිරී ඇති බව හඟවන ලක්ෂණ

Engine light පරීක්ෂා කරන්න

Engine oil අධික ලෙස පිරවීම oil pressure එක වැඩි කිරීමට හේතු වෙන අතර engine light එක දැල්වීම සිදු වෙනවා.

සුදු හෝ නිල් දුම

Engine එක තුළ අධික ලෙස තෙල් දහනය විය හැකි අතර, exhaust එකෙන් සුදු හෝ නිල් දුමාරයක් නිකුත් වේ.

තෙල් කාන්දු වීම

Engine එකට අධික ලෙස oil පිරවීම නිසා seals සහ gaskets වලට හානි සිදු විය හැකි අතර එමඟින් තෙල් කාන්දු වීමට පුලුවන්.

Engine performance අඩු වීම

අධික ලෙස oil පිරවීම නිසා ඇතිවන පීඩනය වැඩි වීම සහ ලිහිසි තෙල් අඩු වීම නිසා බලය අඩු වීම හේතුවෙන් engine එකේ ක්‍රියාකාරිත්වය අඩු විය හැක.

අසාමාන්‍ය engine ශබ්ද ඇති වීම

අතිරික්ත තෙල් වලට air pockets සෑදිය හැකි අතර එය පෙණ ඇති වීමට හේතු වන අතර engine components ලිහිසි කිරීමේදී එහි කාර්යක්ෂමතාව අඩු කරයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට අසාමාන්‍ය engine ශබ්ද ඇති වේ.

Overfilled Engine එකක් නැවත fix කරන්නේ කොහොමද?

Dipstick එක පරීක්ෂා කරන්න

තෙල් මට්ටම පරීක්ෂා කිරීමට dipstick එක භාවිතා කර ඔබ ඉවත් කළ යුතු ප්‍රමාණය තෙල් ප්‍රමාණය තීරණය කරන්න.

අතිරික්ත තෙල් ඉවතට ගන්න

අතිරික්ත තෙල් ඉවතට ගැනීම සඳහා oil extractor එකක් හෝ drain plug එකක් භාවිතා කරන්න පුලුවන්. පසුව ඉවත් කරන තෙල් නිසි ලෙස එකතු කර බැහැර කිරීමට වග බලා ගන්න.

Oil filter එක replace කරන්න

Oil filter එකට හානි වී ඇත්නම් එය replace කිරීම වැදගත් වෙනවා.

Oil level එක පරීක්ෂා කරන්න

අතිරික්ත තෙල් ඉවත් කර,oil filter එක replace කිරීමෙන් පසුව dipstick එකක් භාවිතා කර oil level එක නැවත පරීක්ෂා කරන්න. Oil level එක dipstick එක මත අවම සහ උපරිම ලකුණු අතර තිබිය යුතුය.

Engine එක start කරන්න

ඔබේ engine එකේ oil level එක නිවැරදි බව තහවුරු කළ පසු, engine එක start කරන්න. පසුව තෙල් කාන්දු වීමක් හෝ අසාමාන්‍ය ශබ්දයක් අසේදැයි පරීක්ෂා කරන්න.

ඔබේ වාහනයට අධික ලෙස engine oil පිරවීම වාහනයේ ක්‍රියාකාරීත්වයට සහ වෙනත් විශාල ගැටළු රාශියකට හේතු වෙනවා. MotorGuide අපි කිව්ව ලක්ෂණ ඔයාගේ වාහනයේත් තියෙනවා නම්, හැකි ඉක්මනින් එය නිවැරදි කිරීමට වග බලා ගන්න. ඉතින් අද අපි කිව්ව පියවර අනුගමනය කිරීමෙන් වාහනයට සිදුවිය හැකි engine හානි වළක්වා ගන්න පුලුවන්. හැබැයි ඔබට තනිවම ගැටලුව හඳුනා ගැනීමට අපහසු නම්, සුදුසුකම්ලත් කාර්මිකයෙකුගේ සහාය ලබා ගන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!