Engine lubrication system කියන්නේ මොකක්ද

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබ දැන ගෙන හිටියද Lubrication System එක කියලා කියන්නේ වාහන සහයක system එකක් කියලා.අපි දන්නවා මෝටර් රථ නිර්මාණය වෙලා තියෙන්නේ ලෝහ පද්ධතිවලින් කියලා.මේ ලෝහ කොටස් නිසා ඇති වෙන ඝර්ෂණය අඩු කරන්න තමයි මේ Lubrication System එක උදව් වෙන්නේ. මේ article එකේදී Motorguide අපි Lubrication oil ගැනත් ඔබට කියලා දෙනවා.

Lubrication System එක කියන්නේ මොකක්ද?

engine එකක ලෝහ කොටස් එකිනෙකට ස්පර්ෂ වීම නිසා ඒවා අතරේ ඝර්ෂණයක් ඇති වෙනවා.එහෙම කොටස් ගැටීම නිසා engine එකේ කොටස් පළුදු වීමකට ලක් වෙනවා. මේ හානිය අඩු කර ගන්න චලනය වන කොටස් අතරට Lubrication oil යොදා ගන්නවා.

Lubrication System එකේ main function එක මොකක්ද?

engine එකේ චලිත කොටස් අතර ඝර්ෂණය අවම කිරීම හා engine එකේ උත්පාදනය වන තාප ශක්තිය සුළු ප්‍රමානයක් ඉවත් කිරීම තමයි Lubrication System එකේ main function එක.

Lubrication oilවලින් ඇතිවන කාර්යය මොකක්ද?

  • ඝර්ෂණය අවම කිරීම.
  • ක්‍රියාකාරී පෘෂ්ඨ අතර තෙල් පටල සෑදීම.
  • engine එකේ heat එක සුළු ප්‍රමානයක් අවම කිරීම
  • ගෙවී ගිය කොටස් ඉවත් කිරීම.
  • කම්පන වාරකයක් විදිහට ක්‍රියා කිරීම

Engine oil වලින් වෙන function මොනවද?

  • සිසිලන කාරකයක් ලෙස Lubrication oil ක්‍රියාකර engine එකේ ඇති උෂ්ණත්වය උරා ගෙන සිසිලන පද්ධතියට සහයෝගයක් ලබා දේ.
  • කම්පන වාරකයක් ලෙස ක්‍රියාකර engine එකේ ඇතිවන අධික කම්පන උරාගනන්වා.ඒ නිසා engine එකේ කම්පනය තරමක් දුරට පාලනය වෙනවා.
  • පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියාකරන engine oil, engine එකේ ක්‍රියාකාරී කොටස් වල ඇති ගෙවුණු යකඩ කුඩු හා දහනය නිසා ඇතිවන කාබන් වැනි දෑ දියකර oil filter කර ඉවත් කරනවා.
  • විඛාදනය වළක්වාලන්නක් ලෙස ක්‍රියා කරනවා.

මොනවද මේ lubrication oil types

  • SAE – engine oilවල උකුබව එනම් ඝනත්වය වර්ග කෙරේ.
  • API – engine oil වල ගුණාත්මකභාවය වර්ග කෙරේ.

Lubrication System එකේ තියන components මොනවද?

  • Oil sump
  • Oil strainer
  • Oil pump
  • Oil filter
  • Oil cooler

Engine එකක oil සංසරණය වන ආකාරය දන්නවද?

Sump එකේ ගබඩා කර ඇති ලිහිසි තෙල් Oil Pump එක මගින් පොම්ප කිරීම සිදු වෙනවා.තෙල් Pump එක වෙත ඇදගන්නේ Strainer එක හරහා .පසුව Oil Cooler එක Oil Filter එක හරහා Oil Gallery එකට පැමිණෙන Oil , එහි සිට කොටසක් Main Bearing වලටත් එතනින් Crankshaft එක තුළට ඇතුල් වෙනවා.

ඊළග පියවර විදිහට Big End Journal වලට පැමිණ ඊට සම්බන්ධව ඇති Connecting Rod එකේ ඇති සිදුරෙන් ඇතුළු වී Small End Journal ද Lubrication කරමින් නැවත Oil Sump එක වෙත වැටෙනවා.

ඒ අතරතුර Big End Journal වැනි ස්ථාන වලින් බේරෙන Oil, Centrifugal Force එක හේතුවෙන් Bore එකේ බිත්ති වලට විසි වෙනවා. ඒ විසි වෙන oil, Piston එකේ Oil Ring එක මගින් පිස දමනවා.එහෙම පිස දැමෙන විට එම Oil, Piston එකේ ඇතුළු පැත්තට ගමන් කර Piston ස්කර්ට් එකේ ඇති heat එක උරාගනිමින් නැවත Oil Sump එකට වැටෙනවා.

Oil Filter එක හරහා Oil Gallery එකට පැමිණෙන තවත් Oil වලින් කොටසක් Cam Shaft එකේ Bearing එක හරහා Engine එකේ Head එක වෙත ගමන් කරනවා.

එහෙම එන Oil, Rocker Arm එක හරහා ගොස් Rocker Fingers වලට ගොස් push Rod Lubrication කිරීමට කොටසක් ද Valve එක හා Rocker Fingers අතර කොටස Lubrication කිරීමට කොටසක් ද ලෙස බෙදී යනවා.

නැවත Head එක මතට වැටෙන Oil ටික Push Rod ඔස්සේ Bucket Tappets වෙත ගමන්කර Cam Lob Lubrication කරගනිමින් Oil Sump එක වෙත වැටීම සිදු වෙනවා.

මේ විදිහට තමයි Engine එක පුරා ගමන් කරන Oil වලින් engine එකේ ඇති heat එක, ගෙවි ගිය ලෝහ කොටස් ආදී අපද්‍රව්‍ය Sump එක වෙත රැගෙන ඒම සිදු වෙන්නේ.

අද අපි මේ article එකෙන් ඔබට කියලා දුන්නේ මොනවද මේ Lubrication System කියන්නේ, මේකෙන් වෙන function මොනවද? සහ Lubrication oil ගැනත් ඔන්න ඔයාලට කියලා දුන්නා,වාහනයක් ගත්තා විතරක් නෙවේ, ඒවයේ maintainers හරි විදිහට හරි වෙලාවට ඔබ කෙරුවේ නැත් නන් වාහනය ලෙඩ දාන්න ගන්නවා. ඉතින් අපි මේ කරන පුංචි updates සහ knowledge ඔබට වැදගත් වෙයි කියලා Motorguide අපි විශ්වාස කරනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!