වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය ලියකියවිලි

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි අපේම කියලා වාහනයකට මොන තරම් ආස වුණත් සමහර වෙලාවට මුදල් ප්‍රශ්න නිසා අපි මේ ආසාව හිතෙන් අත් හැරලා දානවා. හැබැයි අතේ ලොකු මුදලක් නැති වුණත් වාහන සිහිනය සැබෑ කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ලීසිං පහසුකම. ඉතින් මේ විදිහට ලීසිං එකක් දාලා වාහනයක් ගන්න ගියාම finance company එකෙන් විවිධ ලියකියවිලි ඉල්ලනවා. ඉතින් අද Motorguide කියන්නේ වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා.

1. ජාතික හැදුනුම්පත/ Passport එක/ රියදුරු බලපත්‍රය

ලීසිං එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ජාතික හැදුනුම්පත/ Passport එක/ රියදුරු බලපත්‍රය කියන මේ තුනෙන් එකක් අවශ්‍ය වෙනවා. මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඕනෙම ණය දෙන ආයතනයකින් ණයක් ලබා දෙන්නේ වයස අවුරුදු 18 - 60 දක්වා අතර පුද්ගලයින්ට පමණක් වීම.

දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති අවුරුදු 58ක කෙනෙක්ට කොහොමද loan එකක් හෝ ලීසිං එකක් ලබා දෙන්නේ කියලා. අවුරුදු 58ක කෙනෙක් loan එකක් හෝ ලීසිං එකක් ලබා ගන්නවා නම් අදාළ ආයතනය විසින් ගෙවීමට ලබා දෙන්නේ අවුරුදු 2ක කාලයක් විතරයි.

හැබැයි ආයතනයෙන් විශේෂ අවසරයක් අරගෙන ගෙවීමේ කාලය තව අවුරුදු කිහිපයකින් දිගු කරගන්නත් හැකියාව තියෙනවා. හැබැයි මේක ආයතනයේ ආයතනයට වෙනස් වෙනවා.

2. Light bill/ Water bill

ලීසිං එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පදිංචිය තහවුරු කරන ලේඛනයක් අවශ්‍ය වෙනවා. මෙතනදී ඔයාට, ඔයාගේ ස්ථිර පදිංචිය තියෙන ගෙදර light bill එකක් හෝ වතුර bill එකක් ඉදිරිපත් කරන්න පුලුවන්. හැබැයි ඒ bill එක මාස තුනක් ඇතුළත ලබා ගත්ත bill එකක් වෙන්න ඕනේ. ඒ වගේම මේ විදිහට ඉදිරිපත් කරන bill එක ඔයාගේ නමට තියෙන්නත් ඕනේ.

හැබැයි ගෙදර bill එන්නේ ඔයාගේ තාත්තාගේ හෝ අම්මාගේ නමට නම් ඔයාගේ උප්පැන්න සහතිකයේ copy එකක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ලීසිං සමාගම විසින් bill එකේ වලංගුතාවය පැහැදිලි කරගන්නවා.

ඔයා විවාහකයි නම්, ඔයාගේ ගෙදර bills එන්නේ විවාහ වුණු පුද්ගලයාගේ නමට නම් ඔයාට පුලුවන් ඔයාගේ විවාහ සහතිකය ඉදිරිපත් කරලා bill එකේ වලංගුතාවය ඔප්පු කරන්න.

3. ලිපිනය නිවැරදි කරගන්න

මේ විදිහට light bill එකක් හෝ වතුර bill එකක් ඉදිරිපත් කරනකොට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ලිපිනයේ වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. Light bill වල තියෙන ලිපිනයක් බොහෝ කාලෙකට කලින් ගත්ත ඒවා නිසා වර්තමන ලිපිනයත් සමඟ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. ඒ වෙනස්කම් නිසාම ලීසිං සමාගම විසින් ඔයාගේ ලියකියවිලි ප්‍රතික්ෂේප කරන්න තියෙන අවස්තාව වැඩියි. ඉතින් ඒ නිසා ඔයාගේ bill වලත් ලිපිනයේ වෙනස්කම් තියෙනවා නම් ග්‍රාම සේවක විසින් පදිංචිය තහවුරු කළ සහතිකයක් ලබා ගන්න ඕනේ. හැබැයි මේ ග්‍රාම සේවක සහතිකය වලංගු වෙන්නෙත් මාස 6කට විතරයි.

4. ආදායම් සහතිකය

ඔයා රැකියාවක් කරනවා නම් මේ සඳහා pay sheet එක ඉදිරිපත් කරන්න පුලුවන්. එතනදී ඔයාගේ පසුගිය මාස 3ක pay sheets හරි salary confirmation එකක් ඉදිරිපත් කරන්න පුලුවන්. හැබැයි ඔයාට පඩි වාර්තාවක් නැත්නම්, ඔයා සේවය කරන ආයතනය විසින් වැටුප් දමන්නේ බැංකුවට නම් ඒ බැංකු පොතේ update එකක් අරගෙන එය ලීසිං සමාගමට ඉදිරිපත් කරන්න පුලුවන්.

මොකද බැංකු පොතේ මාසිකව ඔබට ලැබන මුදල් පිළිබඳව සඳහන් වන නිසා බැංකු පොත ආදායම් වාර්තාවක් ලෙස ඔබට ඉදිරිපත් කරන්න පුලුවන්.

5. CRIB එක

ලීසිං එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි CRIB එක කියන්නේ. මේ CRIB එකෙන් පෙන්වන්නේ ඔයාගේ ණය ඉතිහාසය. ඒ කියන්නේ ඔයා අරගෙන තියෙන ණය ප්‍රමාණය, එම ණය පියවලා ඇති ආකාරය සහ ඔයාගේ ණය ගණුදෙණු සියල්ල මේ CRIB එකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඕනෙම ණය දෙන ආයතනයක් ඔයාට ණය ලබා දෙනවද නැද්ද කියල තීරණය කරන්නේ CRIB එක බලලා.

ඔයා කලින් ලබා ගත්ත ණය නිසියාකාරව පියවලා තියෙනවා නම් ලේසියෙන්ම ණය මුදලක් හෝ ලීසිං පහසුකමක් ලබා ගන්න පුලුවන්.

ඉතින් මේ දේවල් තමයි වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය වෙන මූලික ලියකියවිලි. අද Motorguide අපි කිව්වා ලියකියවිලි හරියටම අරගෙන ගියොත් ඔයාට රස්තියාදු වෙන්නේ නැතුව ලේසියෙන් වගේම ඉක්මනින් ලීසිං එකක් දාගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!