ලීසිං පැහැර හරින වාහන, නැවත සමාගම් වලට අත්පත් කර ගන්න පුළුවන් කොහොමද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ ළඟ තියෙන වාහනය ලීස් දාලා ගත්තු වාහනයක්ද? නැත්නම් ලීස් එකක් දාලා හරි වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවද? එහෙම හරි තමන්ගේ වාහන සිහිනෙ සැබෑ කර ගන්න එක නම් හොඳයි. හැබැයි, ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නේ, අදාළ මූල්‍ය ආයතනයත් එක්ක ඔබ ගිවිසුමකට යටත් වෙනවා කියන එක. ඒ ගිවිසුමට අනුව ලීසිං වාරික ගෙවන්න ඔබ බැඳිලා ඉන්නවා. මොකක් හරි හදිස්සියක් වෙලා ඔබට එක දිගට මේ ලීසිං වාරික ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ? වැඩි දෙයක් නැහැ. සමාගම නැවත වාහනය අත්පත් කර ගනීවි. හැබැයි හිතෙන හිතෙන විදිහට වාහනය අත්පත් කර ගන්න පුළුවන්ද? මේ ගැන හැමෝම කියන්නේ එක එක කතා. ඒත් ඇත්ත කතාව මොකක්ද? Motorguide අපි අද ඔබට කියන්නම්, ලීසිං පැහැර හරින වාහන, නැවත සමාගම් වලට අත්පත් කර ගන්න පුළුවන් කොහොමද කියලා.

ලීසිං සමාගමක් ආරම්භ කරන්නේ කොහොමද?

ලීසිං සමාගමක් නැත්නම්, කල්බදු මූල්‍ය ආයතනයක් හිතෙන හිතෙන විදිහට ආරම්භ කරන්න බැහැ. කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදිහට සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසරයක් ලබාගෙන, පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනේ. ඒ නිසා, ලීසිං සමාගමක් ආරම්භ කරනවා නම්, අනිවාර්යයෙන්ම මේ පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතියක් තියෙන්න ඕනේ.

ලීස් කරලා වාහනයක් ගැනීමේදී වාහනයේ අයිතිය කාටද?

මෙතනදි වාහනයට අයිතිවාසිකම් දෙකක් තියෙනවා.
1) පරම අයිතිය
2) ලියාපදිංචි අයිතිය

වාහනයේ පරම අයිතිය ලැබෙන්නේ, මූල්‍ය බදු සමාගමට. එතකොට වාහනයේ ලියාපදිංචි අයිතිය ලැබෙන්නේ බදු ගැනුම්කරුට.

වාහනය නැවත සමාගමට අත්පත් කර ගන්නේ කොහොමද?

යම් හේතුවක් මත බදු ගැනුම්කරුට වාරික ගෙවාගන්න බැරි වුණොත්, ලීසිං සමාගමට වාහනයේ සන්තකය ලබා ගන්න නීතිමය පියවර තියෙනවා. ඒ කියන්නේ, වාරික හිඟ වුණු පළියට බලෙන් වාහන seize කරන්න බැහැ.

වාරික දෙකකට වැඩි ගණනක් නොගෙව්වොත්, මූල්‍ය ආයතනය විසින් පළමුවෙන්ම කරන්න ඕනේ බදු ගැනුම්කරුට ලියුමක් යවන එක. ඒ ලියුමෙන් දන්වන්න ඕනේ, "ඔබ වාරික ගෙවා නැහැ. කරුණාකර අදාළ වාරික ගෙවන්න" කියන දැනුම්දීම. එහෙම ලියුමක් යවලත් වාරික ගෙව්වෙ නැති වුණොත්, ඊළඟට නීත්‍යානුකූලව තවත් ලියුමක් යවනවා. එහි සඳහන් වෙන්න ඕනේ, "මෙම බද්ද අවසන්. ඒ නිසා තවදුරටත් වාහනය ඔබ ළඟ තබා ගැනීම නීතිවිරෝධියි. වාහනය අප වෙත භාර දෙන්න" කියන දැනුම්දීම. මේ ලියුම් සියල්ලම බදු ගිවිසුමේ ලබා දුන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕනේ.

එම ලියුම ලැබුණු පසු, මූල්‍ය ආයතනයට පැමිණ යම්කිසි සහනයක් ඉල්ලන බදු ගැනුම්කරුට පුළුවන්. නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කර ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් මූල්‍ය ආයතනය විසින් ලබා දෙන්නේ නැත්නම්, මූල්‍ය බදු ගිවිසුම කඩ වී ඇතැයි යන අදහස මත වාහනය අත්පත් කර ගන්න පුළුවන්.

නීති පොත අනුව වර්ෂ 2000 අංක 56 දරන 27 වෙනි වගන්තියේ, මූල්‍ය ආයතනය විසින් නැවත වාහනය අත්පත් කර ගන්නේ කොහොමද කියලා සඳහන් වෙනවා. එහි සඳහන් වන ආකාරයට වාහනයක් අත්පත් කර ගැනීමේදී හැකිතාක් දුරට පොලීසියේ සහය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක අත්‍යාවශ්‍ය නැහැ. ඒත් සාමාන්‍යයෙන් ඕනම මූල්‍ය ආයතනයක් වාහනය අත්පත් කර ගන්න කලින් පොලීසියේ පැමිණිල්ලක් දානවා. ඒ වගේම වාහනය ගත්තට පස්සෙත් පොලීසියේ පැමිණිල්ලක් දානවා.

රටේ පවතින නීතිය අනුව මූල්‍ය ආයතන වල නියෝජිතයින් සිටින Agency වලට මූල්‍ය ආයතන වල සේවකයින්ට යන්න බැහැ. ඒ නිසා ඔවුන්ට "වාහනය නැවත ලබා ගැනීමේ නියෝගය" යනුවෙන් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙනවා. අදාළ මූල්‍ය ආයතනයේ නියෝජිතයා වශයෙන් නීත්‍යානුකූල රාමුව තුළ මෙම අයිතිය ගෙන දිය යුතු බව එම ලිපියෙන් දන්වනවා.

බදු ගැනුම්කරු වාහනය ලබා දෙන්නේ නැත්නම්?

මේ දේවල් වලට පස්සෙත් බදු ගැනුම්කරු වාහනය, ලීසිං සමාගමට ලබා දෙන්න සූදානම් නැත්නම්, දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න, සමාගමට පුළුවන්. ඒ කියන්නේ, තමන්ට වාහනයේ සන්තකය ගන්න ඉඩ දෙන්න කියලා අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්. මෙතනදි බදු ගැනුම්කරුට අධිකරණයට ඇවිත්, වාරික නොගෙවීමට හේතු දක්වන්න පුළුවන්. මේ හේතු වලින් අධිකරණය සෑහීමකට පත් වෙනවා නම්, අදාළ අතුරු නියෝගය අවලංගු කරනවා. ඊට පස්සේ අදාළ නඩු විභාගයේදී සාක්ෂි විමසීමෙන්, නඩු විභාගය අවසානයේ තීන්දුවක් දෙනවා.

හැබැයි බදු ගැනුම්කරු ඒ විදිහට හේතු ඉදිරිපත් නොකළොත්, මේ අතුරු නියෝගය ස්ථිර කරනවා. එතකොට ලීසිං සමාගමට පුළුවන්, වාහනයේ සන්තකය ලබා ගන්න.

මේ විදිහට තමයි ලීසිං පැහැර හරින වාහන, ඒ අදාළ සමාගම් වලට නැවත අත්පත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන එක එක අය එක එක කතා කිව්වට හරිම විස්තරේ ගැන දැන් ඔබ දන්නවා. මේක නීත්‍යානුකූලව කරන්න ඕන දෙයක්. ඉතින් ඔබත් වාහනයක් ලීස් දාලා ගන්න ඉන්නවා නම්, එහෙම නැත්නම් ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගත්තා නම්, අපි අද කියපු විස්තරේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔබ දන්න අයටත් අනිවාර්යයෙන්ම මේ ගැන කියන්න. එතකොට ඔබට වගේම ඒ අයටත් ලීස් දාලා වාහනයක් අරගෙන පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!