ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ කෙසේද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ශ්‍රී ලංකාවේ නීතියට අනුව වාහනයක් පාරේ drive කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය කරන ලියකියවිලි කිහිපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ආදායම් බලපත්‍රය කියන්නේ. ඉතින් මේ බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීමත් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. Motorguide අපි අද ඔබට කියන්නේ ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ කොහොමද කියලා.

වාහනයේ සන්තකය පවරන අවස්ථා

  • වාහනයේ ලියාපදිංචි අයිතිකරු මිය යාම
  • වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ කැමැත්ත මත වාහනය පැවරීම
  • මූල්‍ය සමාගම් වලට පරම අයිතිය තියෙන වාහනයක ලීසිං වාරික නිසි ලෙස ගෙවා නොමැති විට වාහනය පැවරීම

වාහනයක් පැවරීමේදී අයිතිකරු විසින් අනුගමනය කළ යුතු කරුණු

  • MTA 6 කියන පැවරුම් ආකෘති පත්‍රය නිවැරදිව සම්පූර්ණ කිරීම
  • සාක්ෂිකරුවන් නිවැරදිව අත්සන් කිරීම
  • වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් MTA 6 ආකෘති පත්‍රයේ b සහ b1 කියන පිටපත් දෙක පවරුම්ලාභියාට ලබා දීම.
  • MTA 6 ආකෘති පත්‍රයේ a1 කියන පිටපත තැපැල් මාර්ගයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට එවීම හෝ ගෙනවිත් බාර දීම.
  • වාහනය විකිණූ බව ලිඛිතව ඔබගේ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීම

පැවරුම්ලාභියා විසින් අනුගමනය කළ යුතු දේවල්

  • වාහනයක් මිලදී ගන්නවා නම්, වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන්ම මිලදී ගන්න
  • පවරුම්කරුගෙන් MTA 6 ආකෘති පත්‍රය ලබා ගන්න
  • MTA 6 ආකෘති පත්‍රයේ b1 කියන පිටපත දින 14ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දී පැවරීම ලියාපදිංචි කරගන්න

වාහනයක් පවරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු දේවල්

  • වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් විරෝධතා ගොනුකර ඇත්දැයි බලන්න
  • වාහනයට අදාළව අධිකරණයක නඩුවක් විභාග වනවාදැයි බලන්න
  • බදු ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් වෙන්න
  • ලියාපදිංචි සහතිකයේ අංක 4 තීරුවේ ඇති කොන්දේසි පිළිබඳව අවදානය යොමු කරන්න
  • වාහනයේ පරම අයිතිය ගැන සැළකිලිමත් වෙන්න

ආදායම් බලපත්‍රය නොමැති නම්

ඔබ වාහනයක් මිලදී ගැනීමේදී, එම වාහනයට ආදායම් බලපත්‍රයක් නොමැති නම් කුමක්ද කරන්නේ? බොහෝ වෙලාවට මෙම ගැටලුව පැන නගින්නේ රජයේ වෙන්දේසියකින් හෝ අධිකරණ වෙන්දේසියකින් වාහනයක් මිලදී ගත් අවස්ථාවකයි මොකද මේ වාහන බොහෝ කාලයක් භාවිතා නොකිරීම නිසා දීර්ඝ කාලීනව වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබා ගෙන නැති වෙන්න පුලුවන්. ඒ නිසා වාහනය ලබා ගන්නා ආයතනය හරහා මේ කාරණාව විශේෂයෙන් සඳහන් කළ ලිපියක් අනිවාර්යයෙන් ලබා ගන්න ඕනේ.

අඛණ්ඩව වාර්ෂිකව අලුත් කර නොමැති ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී

අඛණ්ඩව වාර්ෂිකව අලුත් කර නොමැති ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට එන්න වෙනවා. පසුව දෙපාර්තමේන්තු විමර්ශන අංශයට ගොස් එහිදී ලබා දෙන ලේඛන පුරවා ඉදිරිපත් කරන්න ඕනේ. පසුව වාහනය පරික්ෂා කර අනුමැතිය ලැබුණු පසු ඔබට ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්.

ඉතින් මේ විදිහට තමයි ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ. පෙර සඳහන් කළ පරිදි මෙම ගැටලුව පැන නගින්නේ රජයේ වෙන්දේසියකින් හෝ අධිකරණ වෙන්දේසියකින් වාහනයක් මිලදී ගත් අවස්ථාවකයි. එසේ නොමැතිව පුද්ගලික පරිහරණයේ තිබු වාහනයක ආදායම් බලපත්‍රය අඛණ්ඩව ලබා ගෙන නොමැතිනම් දඩ මුදල් ගෙවා එය අලුත් කිරීම සිදු කර පසුව වාහනය වෙනත් අයෙකුට පැවරීම සිදු කරන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!