ආදායම් බලපත්‍රය ගන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් භාවිතා කිරීමේදී අවුරුද්දක් පාසා ලියවිලි කිහිපයක් අනිවාර්යයෙන්ම අලුත් කරගන්න ඕනේ. ඒ අතරින් ප්‍රධාන ලියවිල්ලක් තමයි ආදායම් බලපත්‍රය.

ඉතින් වාහනයක් ඔබ මිලට ගත්ත දිනයේ, එහෙමත් නැත්නම් ඔබ සතු වූ මුල් දිනයේ ඉඳලම වලංගු ආදායම් බලපත්‍රයක් ලබා ගෙන තිබීම අනිවාර්යය වෙනවා. ඒ නිසා අද MotorGuide අපි ඔබට කියන්නේ හරියටම වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගන්නේ කොහොමද කියලා.

ආදායම් බලපත්‍රය කියන්නේ මොකක්ද?

බලපත්‍රය නිකුත් කිරීමේදී ලියාපදිංචි දිනයේ සිට ඉදිරි වසරක කාලයට බලපත්‍රය නිකුත් කිරීම සිදු කරනවා. වාහනයක ආදායම් බලපත්‍රයේ ආරම්භක දිනය වෙන්නේ වාහනයක් ලියාපදිංචි කිරීමේදී එය පළමු වර නිකුත් කළ දිනයයි.

තවත් විශේෂ දෙයක් තමයි ආදායම් බලපත්‍රයේ සටහන්ව තියෙන කොන්දේසි වලට යටත් වීම. කිසිම අවස්ථාවක ඔබට නිකුත් කරලා තියෙන ආදායම් බලපත්‍රයේ කොන්දේසි වලින් බැහැරව අනිසි අයුරින් වාහනය භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ.

ඒ වගේම ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ ලිපිනයට අදාළ පළාත තුළ පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයක් හරහා ආදායම් බලපත්‍රය අලුත් කරගන්නත් පුලුවන්.

ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි

  • පෙර වර්ෂයේ ලබා ගත් ආදායම් බලපත්‍රය
  • වාහනයට අයත් වලංගු රක්ෂණ සහතික
  • වාහනය ලියාපදිංචි ලේඛනය / මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරනු ලබන වලංගු පිටපතක් / මූල්‍ය ආයතනයක් මඟින් සහතික කරන ලද ලියාපදිංචි ලේඛනයේ පිටපත
  • නිකුත් කළ දින සිට දින 60ක් නොඉක්මවූ දුම් සහතිකය
  • එක් පළාතක සිට තවත් පළාතකට මාරු වී ඇති වාහනයක් නම් එම පළාතෙන් නිකුත් කර ඇති නොබැඳි පිටපත
  • මඟී ප්‍රවාහන මාර්ග බලපත්‍ර හිමි වාහනයක් නම් අදාළ ආයතනය විසින් නිකුත් කරන ලද වලංගු මාර්ග බලපත්‍රය
  • වෙන්දේසියකින් මිලදී ගත් රජයේ වාහනයක් නම් වාහනය මිලදී ගත් ලියකියවිලි, මුදල් ගෙවූ රිසිට් පත් සහ පවරනු ලැබූ ලියකියවිලි

කොහොමද ගන්නේ?

ඔබේ වාහනයත් ලියාපදිංචි නොකළ අලුත් වාහනයක් නම් එය ලියාපදිංචිය සඳහා ඔබ කුමන පළාතක ජීවත් වුණත් අනිවාර්යයෙන්ම කොළඹ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන්න ඕනේ. හැබැයි යතුරුපැදි ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාල වලින්ද සිදු කරගන්න පුලුවන්.

ඕනම වාහනයක් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වාහනයේ ලියාපදිංචි සහතිකයේ ලිපිනයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්. ඒ වගේම ජාල ගත කර ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මේ කටයුත්ත ඉටු කරගන්න පුලුවන්.

දඩ මුදල් අය කරන ආකාරය

  • පළමු වර ලියාපදිංචි කරන වාහනයක් නම් වාහනය ලියාපදිංචි දින සිට දින 07ක් ඇතුළත බලපත්‍රය ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවන්නේ නම් ගාස්තුවෙන් 10%ක් අය කිරීම සිදු කරයි.
  • බලපත්‍ර ගාස්තු ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති විටදී වාර්ෂික ගාස්තුවෙන් 20%ක් අය කිරීම සිදු කරයි.
  • බලපත්‍ර ගාස්තු ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12ක් ඉක්මවා ඇති විටකදී වාර්ෂික ගාස්තුවෙන් 30%ක් අය කිරීම සිදු කරයි.

ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම ඔබගේ වාහනයට ආදායම් බලපත්‍රයක් ලබා ගන්නේ. MotorGuide අපි අද කිව්ව විදිහට documents සියල්ලම නිවැරදිව රැගෙන ගියොත් කිසිම රස්තියාදු වීමකින් තොරව ඔබට, ඔබගේ කටයුතු සියල්ලම කරගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!