වාහනයේ පොතේ නමයි ලිපිනයයි නිවැරදි කරගමු

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනයේ ලියාපදිංචි සහතිකය, එහෙමත් නැත්නම් වාහනයේ පොත කියල කියන්නේ අපේ වාහනය ගැන සියලුම තොරතුරු සටහන් වෙලා තියෙන ලියවිල්ල. වාහනය විකුණනකොට, ලීසිං එකක් ගන්නකොට එහෙමත් නැත්නම් වාහනය ඇපයට තියලා මූල්‍ය පහසුකමක් ලබා ගන්නකොට අනිවාර්යෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය අවශ්‍ය වෙනවා. මේ වගේ අවස්ථා වලදී ලියාපදිංචි සහතිකයේ තොරතුරු නිවැරදිද කියලා බලනවා.

ඔබ ළඟදී පදිංචිය වෙනස් කරපු කෙනෙක් නම්, එහෙමත් නැත්නම් පොතේ සඳහන් නම වැරදි නම් මෙතනදී ඔයාට ගැටළුවක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා MotorGuide අපි හිතුවා වාහනයේ පොතේ නමයි, ලිපිනයයි නිවැරදි කරගන්න විදිය ඔබට කියලා දෙන්න.

මොනවද අවශ්‍ය ලියකියවිලි?

වාහනයේ ලියාපදිංචි සහතිකයේ සඳහන් විස්තර වල වෙනස්කමක් කරන්න ඕනේ නම් ඔබට ලියකියවිලි කීපයක් අවශ්‍ය වෙනවා:

  • සංශෝධනය කරන්න අවශ්‍ය ලියාපදිංචි සහතිකය (ලීසිං තියෙන වාහනයක් නම් ලීසිං සමාගමෙන් සහතික කළ ලියාපදිංචි සහතිකයේ පිටපතක්)
  • ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක්
  • ලිපිනය වෙනස් නම් පදිංචිය සහතික කළ ලිපියක්
  • නම වෙනස් කිරීමක් නම් ඒ බව සනාථ කළ දිවුරුම් පෙත්සමක්
  • උප්පැන්න සහතකය
  • Tax ගෙවනවා නම් එහි රිසිට්පත්

මේ දේවල් තමයි වාහනයේ පොතේ නම හෝ ලිපිනය නිවැරදි කරගන්න අවශ්‍ය වෙන්නේ.

කොහෙටද යන්න ඕනේ?

ඉහත සඳහන් සියලුම ලියකියවිලි සූදානම් කරගත්තට පස්සේ ඔබ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවට තමයි යන්න ඕනේ. එම ආයතනයට ගියාට පස්සේ ඔබට CMT 72 යනුවෙන් සඳහන් අයදුම්පත්‍රයක් ලැබෙනවා. ඊට පස්සේ එම අයදුම්පත්‍රය නිවැරදිව පිරවීම සිදු කරන්න ඕනේ.

ඊට පස්සේ කරන්න තියෙන්නේ නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ ඔබ ගෙන ආ ලේඛණ කවුන්ටරයට භාර දෙන එක.

දැන් එතනින් දෙන රිසිට් එක අරගෙන දෙපාර්තමේන්තුවේම තියෙන බැංකුවට ගිහින් මුදල් භාර දෙන්න. ඊට පස්සේ අමතක කරන්නේ නැතුව බැංකු රිසිට් එකත් ඔබ කලින් ලියකියවිලි බාර දුන්න කවුන්ටර් එකටම බාර දෙන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි වාහනයේ පොතේ නමයි, ලිපිනයයි නිවැරදි කරගන්නේ. MotorGuide අපි කිව්වා විදියටම හරියටම ලියකියවිලි භාර දුන්න නම් වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනින්ම සංශෝධනය කරපු වාහනයේ පොතේ පිටපතක් ඔබට ලබා ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!