වාහනයේ පොතේ නමයි ලිපිනයයි නිවැරදි කරගමු

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනයේ ලියාපදිංචි සහතිකය, එහෙමත් නැත්නම් වාහනයේ පොත කියල කියන්නේ අපේ වාහනය ගැන සියලුම තොරතුරු සටහන් වෙලා තියෙන ලියවිල්ල. වාහනය විකුණනකොට, ලීසිං එකක් ගන්නකොට එහෙමත් නැත්නම් වාහනය ඇපයට තියලා මූල්‍ය පහසුකමක් ලබා ගන්නකොට අනිවාර්යෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය අවශ්‍ය වෙනවා. මේ වගේ අවස්ථා වලදී ලියාපදිංචි සහතිකයේ තොරතුරු නිවැරදිද කියලා බලනවා.

ඔබ ළඟදී පදිංචිය වෙනස් කරපු කෙනෙක් නම්, එහෙමත් නැත්නම් පොතේ සඳහන් නම වැරදි නම් මෙතනදී ඔයාට ගැටළුවක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා MotorGuide අපි හිතුවා වාහනයේ පොතේ නමයි, ලිපිනයයි නිවැරදි කරගන්න විදිය ඔබට කියලා දෙන්න.

මොනවද අවශ්‍ය ලියකියවිලි?

වාහනයේ ලියාපදිංචි සහතිකයේ සඳහන් විස්තර වල වෙනස්කමක් කරන්න ඕනේ නම් ඔබට ලියකියවිලි කීපයක් අවශ්‍ය වෙනවා:

  • සංශෝධනය කරන්න අවශ්‍ය ලියාපදිංචි සහතිකය (ලීසිං තියෙන වාහනයක් නම් ලීසිං සමාගමෙන් සහතික කළ ලියාපදිංචි සහතිකයේ පිටපතක්)
  • ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක්
  • ලිපිනය වෙනස් නම් පදිංචිය සහතික කළ ලිපියක්
  • නම වෙනස් කිරීමක් නම් ඒ බව සනාථ කළ දිවුරුම් පෙත්සමක්
  • උප්පැන්න සහතකය
  • Tax ගෙවනවා නම් එහි රිසිට්පත්

මේ දේවල් තමයි වාහනයේ පොතේ නම හෝ ලිපිනය නිවැරදි කරගන්න අවශ්‍ය වෙන්නේ.

කොහෙටද යන්න ඕනේ?

ඉහත සඳහන් සියලුම ලියකියවිලි සූදානම් කරගත්තට පස්සේ ඔබ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවට තමයි යන්න ඕනේ. එම ආයතනයට ගියාට පස්සේ ඔබට CMT 72 යනුවෙන් සඳහන් අයදුම්පත්‍රයක් ලැබෙනවා. ඊට පස්සේ එම අයදුම්පත්‍රය නිවැරදිව පිරවීම සිදු කරන්න ඕනේ.

ඊට පස්සේ කරන්න තියෙන්නේ නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ ඔබ ගෙන ආ ලේඛණ කවුන්ටරයට භාර දෙන එක.

දැන් එතනින් දෙන රිසිට් එක අරගෙන දෙපාර්තමේන්තුවේම තියෙන බැංකුවට ගිහින් මුදල් භාර දෙන්න. ඊට පස්සේ අමතක කරන්නේ නැතුව බැංකු රිසිට් එකත් ඔබ කලින් ලියකියවිලි බාර දුන්න කවුන්ටර් එකටම බාර දෙන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි වාහනයේ පොතේ නමයි, ලිපිනයයි නිවැරදි කරගන්නේ. MotorGuide අපි කිව්වා විදියටම හරියටම ලියකියවිලි භාර දුන්න නම් වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනින්ම සංශෝධනය කරපු වාහනයේ පොතේ පිටපතක් ඔබට ලබා ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!