රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

රක්ෂණයක් කියන්නේ ආවරණයක්. රක්ෂණය වෙන කෙනා අනුව තමයි රක්ෂණය ආවරණය වෙන්නේ. ඉතින් අද වෙනකොට වාහන භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අනතුරු සිදු වෙන්න තියෙන අවධානම වැඩියි. මේ හේතූන් නිසා වාහනයක් මහා මාර්ගයේ ධාවනය කරන්න නම් අනිවාර්යයෙන්ම, වාහනය රක්ෂණය කරලා තියෙන්නම ඕනේ. ඒත් සමහර අවස්ථා වලදී රක්ෂණ සමාගම් විසින් වාහනයක් අනතුරට ලක් වුණාම වන්දි ලබා දීම මඟ හරිනවා. ඉතින් ඒ නිසා Motorguide අපි අද කියන්නේ රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා.

රක්ෂණයක නීතිමය පැතිකඩ

යම් රක්ෂණ ආවරණයක්, රක්ෂණය වන පුද්ගලයා සහ රක්ෂණය වන ප්‍රමාණය අනුව එහි ප්‍රතිලාභ තීරණය වෙනවා. වාහනයක් සම්පූර්ණයෙන්ම රක්ෂණය කළ පසු එයින් ලැබෙන වන්දිය සහ එහි වගකීම පැවරෙන්නේ පූර්ණ රක්ෂණය කළ පුද්ගලයාට සහ රක්ෂණය ආයතනයටයි. ඒ වගේම තුන්වෙනි පාර්ශවයකට අනතුරක් සිදු වුණොත් රක්ෂණය ලබන්න සුදුසු ආකාරයෙන්ද ඒ අනතුර සිදු වෙලා තියෙන්නේ කියන දේත් වැදගත් වෙනවා.

බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම

බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම මඟින් රක්ෂණ වන්දිය අහිමි වෙනවා. මොකද වාහන බලපත්‍රයක් ගන්න පුළුවන් අවුරුදු 18 දී. ඉතින් ඊට වඩා වයසින් අඩු අයට රක්ෂණ වන්දියක් හිමි වෙන්නේ නැහැ. රක්ෂණ වන්දියක් ලබා ගන්න නම් ඔයා අවුරුදු 18ට වැඩි රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයෙක් වෙන්න ඕනේ.

බීමත්ව රිය පැදවීම

බීමත්ව රිය පදවා සිදුවන අනතුරකදී තුන්වන පාර්ශවයට වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී සිටින බවට අධිකරණය තීරණය කරනවා. රක්ෂණ ගිවිසුම් වල රියදුරු බීමත්ව සිටියේ නම් වන්දි ලබා නොදෙන ලෙසට කොන්දේසියක් ඇතුළත් කර තිබෙනවා.

රක්ෂණය කල් පැනතිබීම

තවත් හේතුවක් විදිහට ඔයාගේ රක්ෂණය කල් ඉකුත් වී තිබීම හේතුවෙනුත් රක්ෂණ වන්දිය අහිමි වෙන්න පුළුවන්. ඔයා රක්ෂණයක් නැතුව වාහනයක් අරන් යනවා කියන්නෙම එකෙන් සමාජයට ලොකු අපරාධයක් කරනවා කියන එක. මොකද අපි අනතුරට පත් වෙනවා හා සමානව තුන්වන පාර්ශවයක් අනතුරට පත් වුණොත් ඒකෙන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය පැදවීම

වාහනය drive කරන හැම වෙලාවකම ඔයා ගාව රියදුරු බලපත්‍රය තියෙන්න ඕනේ. කිසිම පුද්ගලයෙක්ට රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය drive කරන්න බැහැ. වාහනයක් නීතිමය විදිහට drive කරන්න නම් රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ. රියදුරු බලපත්‍රයක් නැතුව වාහනය drive කරන එක නීතියෙන් දඩුවම් ලබන්න පුළුවන් වැරද්දක්. ඉතින් මෙන්න මේ රියදුරු බලපත්‍රය කියන දේ clam එකක් ගද්දිත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා රියදුරු බලපත්‍රයක් නැතුව වාහනය drive කළොත් ඔයාගේ calm එක අහිමි වෙනවා.

ආදායම් බලපත්‍රයක් නොමැති වීම

වාහනයක් drive කරනකොට තියෙන්නම ඕනේ ලියකියවිලි ගැන කියනවා නම් ඒ අතර ප්‍රධාන දෙයක් තමයි වාහන ආදායම් බලපත්‍රය. තමන් ඉන්න පළාතට අනුව පළාතේ මෝටර් රථ වාහන පළාත් කොමසාරිස් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් නිකුත් කරන වලංගු ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව වාහනයක් කිසිම කෙනෙක්ට පළාත තුල භාවිතා කිරීම හෝ ළග තබා ගැනීම කරන්න බැහැ. ඒ පළාතට වලංගු වාහන ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනෙ.

මේ දේවල් තමයි රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ හේතු. ඉතින් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඒ අවශ්‍ය ලියකිවිලි තමන් ළඟ තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!