රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ කොහොමද?

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

රක්ෂණයක් කියන්නේ ආවරණයක්. රක්ෂණය වෙන කෙනා අනුව තමයි රක්ෂණය ආවරණය වෙන්නේ. ඉතින් අද වෙනකොට වාහන භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අනතුරු සිදු වෙන්න තියෙන අවධානම වැඩියි. මේ හේතූන් නිසා වාහනයක් මහා මාර්ගයේ ධාවනය කරන්න නම් අනිවාර්යයෙන්ම, වාහනය රක්ෂණය කරලා තියෙන්නම ඕනේ. ඒත් සමහර අවස්ථා වලදී රක්ෂණ සමාගම් විසින් වාහනයක් අනතුරට ලක් වුණාම වන්දි ලබා දීම මඟ හරිනවා. ඉතින් ඒ නිසා Motorguide අපි අද කියන්නේ රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා.

රක්ෂණයක නීතිමය පැතිකඩ

යම් රක්ෂණ ආවරණයක්, රක්ෂණය වන පුද්ගලයා සහ රක්ෂණය වන ප්‍රමාණය අනුව එහි ප්‍රතිලාභ තීරණය වෙනවා. වාහනයක් සම්පූර්ණයෙන්ම රක්ෂණය කළ පසු එයින් ලැබෙන වන්දිය සහ එහි වගකීම පැවරෙන්නේ පූර්ණ රක්ෂණය කළ පුද්ගලයාට සහ රක්ෂණය ආයතනයටයි. ඒ වගේම තුන්වෙනි පාර්ශවයකට අනතුරක් සිදු වුණොත් රක්ෂණය ලබන්න සුදුසු ආකාරයෙන්ද ඒ අනතුර සිදු වෙලා තියෙන්නේ කියන දේත් වැදගත් වෙනවා.

බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම

බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම මඟින් රක්ෂණ වන්දිය අහිමි වෙනවා. මොකද වාහන බලපත්‍රයක් ගන්න පුළුවන් අවුරුදු 18 දී. ඉතින් ඊට වඩා වයසින් අඩු අයට රක්ෂණ වන්දියක් හිමි වෙන්නේ නැහැ. රක්ෂණ වන්දියක් ලබා ගන්න නම් ඔයා අවුරුදු 18ට වැඩි රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයෙක් වෙන්න ඕනේ.

බීමත්ව රිය පැදවීම

බීමත්ව රිය පදවා සිදුවන අනතුරකදී තුන්වන පාර්ශවයට වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී සිටින බවට අධිකරණය තීරණය කරනවා. රක්ෂණ ගිවිසුම් වල රියදුරු බීමත්ව සිටියේ නම් වන්දි ලබා නොදෙන ලෙසට කොන්දේසියක් ඇතුළත් කර තිබෙනවා.

රක්ෂණය කල් පැනතිබීම

තවත් හේතුවක් විදිහට ඔයාගේ රක්ෂණය කල් ඉකුත් වී තිබීම හේතුවෙනුත් රක්ෂණ වන්දිය අහිමි වෙන්න පුළුවන්. ඔයා රක්ෂණයක් නැතුව වාහනයක් අරන් යනවා කියන්නෙම එකෙන් සමාජයට ලොකු අපරාධයක් කරනවා කියන එක. මොකද අපි අනතුරට පත් වෙනවා හා සමානව තුන්වන පාර්ශවයක් අනතුරට පත් වුණොත් ඒකෙන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය පැදවීම

වාහනය drive කරන හැම වෙලාවකම ඔයා ගාව රියදුරු බලපත්‍රය තියෙන්න ඕනේ. කිසිම පුද්ගලයෙක්ට රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය drive කරන්න බැහැ. වාහනයක් නීතිමය විදිහට drive කරන්න නම් රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ. රියදුරු බලපත්‍රයක් නැතුව වාහනය drive කරන එක නීතියෙන් දඩුවම් ලබන්න පුළුවන් වැරද්දක්. ඉතින් මෙන්න මේ රියදුරු බලපත්‍රය කියන දේ clam එකක් ගද්දිත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා රියදුරු බලපත්‍රයක් නැතුව වාහනය drive කළොත් ඔයාගේ calm එක අහිමි වෙනවා.

ආදායම් බලපත්‍රයක් නොමැති වීම

වාහනයක් drive කරනකොට තියෙන්නම ඕනේ ලියකියවිලි ගැන කියනවා නම් ඒ අතර ප්‍රධාන දෙයක් තමයි වාහන ආදායම් බලපත්‍රය. තමන් ඉන්න පළාතට අනුව පළාතේ මෝටර් රථ වාහන පළාත් කොමසාරිස් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් නිකුත් කරන වලංගු ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව වාහනයක් කිසිම කෙනෙක්ට පළාත තුල භාවිතා කිරීම හෝ ළග තබා ගැනීම කරන්න බැහැ. ඒ පළාතට වලංගු වාහන ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනෙ.

මේ දේවල් තමයි රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ හේතු. ඉතින් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඒ අවශ්‍ය ලියකිවිලි තමන් ළඟ තියාගන්න.

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ලිසීං දාන්න ඉන්න අයට මේ වසරේ අලුත් වු නීතිය මෙන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    මුද්‍රණය කරන කාඩ් නොමැති වීමෙන් නවතා තිබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වාහන රක්ෂණ වල මොකද්ද මේ No Claim Bonus?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වාහනයක VIC ස්ටිකරය යනු කුමක්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වර්තමානයේ වාහනයක Number Plate එකක් ලබා ගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    වාහනයක deletion letter එක ගැන කතා කරමු

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    මෝටර් රථ රක්ෂණය පිටුපස ඇති නීති පද්ධතිය

    time
    මිනිත්තු 2 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!