ලේසියෙන්ම ට්‍රයල් එක පාස් වෙන්න පුළුවන් ක්‍රම

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයක් drive කරන එක හරිම ලේසි වැඩක්. හැබැයි ඒකට හොඳ experience එකක් තියෙන්න ඕනේ. වාහනයක් අලුතෙන් drive කරන කෙනෙක්ට නම්, අනිවාර්යයෙන්ම වාහනය drive කරන එක අතට හුරු කර ගන්න ඕනේ. එහෙමයි කියලා, 'මට දැන් හොඳටම drive කරන්න පුළුවන්' කියලා කට වචනෙට කිව්වට වැඩක් නැහැ. ඒකට driving license එක තියෙන්න ඕනේ. මුලින්ම ඔබ හොඳ driving school එකකට යන්න ඕනේ. මෙතනදි විශේෂම දේ තමයි, license එක ගන්න ට්‍රයල් එකක් පෙන්වන්න වෙන එක. ඒ ට්‍රයල් එක pass වුණොත් විතරයි license එක ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හරියට වාහනය drive කර ගන්න බැරි වුණොත් license එක දෙන්නේ නැහැ. ඉතින් මේ හේතුව නිසා, MotorGuide අපි හිතුවා, ලේසියෙන්ම ට්‍රයල් එක pass වෙන්න පුළුවන් ක්‍රම ගැන අද ඔබට කියන්න.

Seat එක හදාගෙන, seat belt එක දාගන්න

වාහනයට නැඟලා මුලින්ම කරන්න ඕනේ, තමන්ගේ position එකට match වෙන විදිහට seat එක හදා ගන්න එක. මතක ඇතුව seat belt එක දාගන්න. ඒ වගේම side mirrors සහ rear view mirror එක තමන්ට පහසු විදිහට adjust කර ගන්න.

ඊළඟට brake එක පාගලා, key එකෙන් වාහනය start කර ගන්න. Gear එක D එකට දාලා, දකුණට signal එක දාන්න. ඊට පස්සේ, දකුණු පැත්තේ side mirror එක බලන්න. දැන් brake එක release කරලා, accelerator එක පාගන්න. එතකොට ඔබට වාහනය ඉදිරියට drive කරගෙන යන්න පුළුවන්. Accelerator එක වැඩි කළොත්, වාහනයේ speed එක වැඩි වෙනවා. මේ විදිහට වාහනය start කර ගත්තට පස්සේ කරන්න තියෙන්නේ, steering wheel එක කරකවමින් ඉදිරියට drive කරගෙන යන එක.

එක පාර brake එකෙන් කකුල ගන්න එපා

වාහනය drive කරනකොට, බාධකයක් නිසා හරි, වෙනත් හේතුවක් නිසා හරි ඔබට වාහනය නතර කර ගන්න ඕන වුණොත්, brake එක පාගන්න. වාහනය නතර කිරීමට, වමට signal දාලා speed එක අඩු කරගෙන සෙමින් වාහනය නවත්වා ගන්න. හැබැයි brake කළා කියලා එක පාරටම කකුල ගන්න එපා.

Hand brake එක අදින්න

දැන් hand brake එක ඇදලා gear එක P එකට දාන්න. ඊට පස්සේ, brake එක release කරන්න පුළුවන්.

Gear එක parking එකට දාන්න

Brake එක release කළාට පස්සේ, gear එක parking එකට දාන්න අමතක කරන්න එපා. මොකද එහෙම කළේ නැති වුණොත් ඒක වාහනයේ gear box එකට බලපානවා.

මාර්ග නීති අනුගමනය කරන්න

වාහනය drive කරනකොට මාර්ග නීති නම් අනුගමනය නොකර ඉන්න එපා. ඒ වගේම මාර්ග සංඥාත් අනුගමනය කරන්න. මොකද මේ දේවල් ගැන ට්‍රයල් පරීක්ෂකවරයා හොඳ අවධානයෙන් ඉන්න නිසා. අනිත් දේ තමයි නියමිත පරිදි හස්ත සංඥා යොදන්නත් ඕනේ. ඒ වගේම side mirrors සහ rear view mirrors හොඳින් නිරීක්ෂණය කරමින් drive කරන්න.

හරවනකොට signal lights භාවිතා කරන්න

වාහනය හරවනකොට නිකන්ම හරවන්න එපා. අනිවාර්යයෙන්ම අදාළ signal light එක දාන්න.

පදිකයන් ගැන සැළකිලිමත් වෙන්න

ට්‍රයල් එක දවසේදී පදිකයන් ගැන අවධානය යොමු කරන්න නම් අමතක කරන්න එපා. මොකද පදිකයන් එක් වරම පාර හරහා පනින්න පුළුවන්. ඒ නිසා පදිකයන් මාරු වෙන ස්ථාන වලින් වාහනය drive කරනකොට ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම නොවුණොත්, ඔබට license එක ලැබෙන්නේ නැහැ වගේම තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා.

එක් වරම වමට හරවන්න එපා

ට්‍රයල් පරීක්ෂකවරයා කිව්වොත්, වාහනය හරවන්න කියලා, ඔබ එක පාරම වාහනය වමට හරවන්න එපා. එතනදී මුලින්ම කරන්න ඕනේ, සුදුසු lane එකට වාහනය ගන්න එක. මෙතනදි විශේෂම දේ තමයි අනිත් වාහන වලට බාධා නොවන විදිහට වාහනය හරවන එක.

Overtake කරන විට, පරීක්ෂාකාරී වෙන්න

වාහනයක් overtake කරනකොට මුලින්ම බලන්න ඕනේ, දකුණු පැත්තේ side mirror එක. ඊට පස්සේ තමයි lane එක මාරු කරන්නේ. මතක ඇතුව හැම වෙලාවේම අත් දෙක steering wheel එකේම තියාගන්න.

නිවැරදි ක්‍රමවේදයකට steering wheel එක අල්ලා ගන්න

ගොඩක් අය තමන්ට කැමති කැමති විදිහට තමයි steering wheel එක අල්ලා ගන්නේ. හැබැයි steering wheel එක අල්ලා ගන්න නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ඔබ මෙතනදි අනුගමනය කරන්න ඕනේ. වාහනය කෙළින් drive කරන්නත් ඔබට පුළුවන් වෙන්න ඕනේ. Signal දානකොට, steering wheel එකෙන් අත ඉවතට ගන්න එපා. අත steering wheel එකේම තියාගෙන signal light දාන්න.

නොසැළකිල්ලෙන් නවත්වන්න එපා

ට්‍රයල් පරීක්ෂකවරයා ඔබට කිව්වොත්, ඉදිරියෙන් වාහනය නතර කරන්න කියලා, එක් වරම කිසිම සැළකිල්ලක් නැතුව වාහනය නතර කළොත් ට්‍රයල් එක fail වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි, වාහන නවත්වන්න බැරි ස්ථානත් තියෙන නිසා. ඒ තමයි පදිකයින් මාරු වෙන තැන්, මංසන්ධි කොටුවක් අසළ, gate එකක් අසළ. මේ වගේ තැන් වල ඔබට වාහනය නතර කරන්න බැහැ.

Accelerator භාවිතා කරන්න එපා

හිතන්නකෝ ඔබ වාහන drive කරන්න ආධුනිකයෙක් කියලා. එහෙනම් වාහනය පාරට දානකොට accelerator එක භාවිතා කරන්න එපා. මොකද එතකොට වාහනයේ speed එක වැඩි වෙනවා. මේකට brake එක පොඩි ප්‍රමාණයක් release කළාම එන speed එක භාවිතා කරන්න.

වාහනයේ length එක, width එක ගැන අවබෝධයක් තියාගන්න

වාහනය හරියට කපා ගන්න නම්, ඔබට අදාළ වාහනයේ length එක ගැන සහ width එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. Steering wheel එක දකුණට කැරකෙව්වොත්, වාහනය දකුණට හැරවෙනවා. වමට කැරකෙව්වොත් වමට හැරවෙනවා. හැබැයි steering wheel එක handle කරන්න නම් දවසෙන් පුරුදු වෙන්න බැහැ. ඒකට time එකක් ඕනේ.

Side mirrors බලන්න

ඔබ drive කරනකොට, යන්නේ පාරේ මැදද, අයිනෙද කියලා confirm කර ගන්න, වම් පැත්තේ side mirror එක බලන්න.

Driving license එක ගන්න නම්, අනිවාර්යයෙන්ම ට්‍රයල් එක pass වෙන්න ඕන බව ඔබ හොඳින්ම දන්නවා. ඒක දෙතුන් පාරක් practice වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ practice එකක් ලබා ගන්නවා වගේම, ඒ ගැන හොඳින් දැනගෙන ඉන්නත් ඕනේ. ඒ නිසා, අපි අද කියපු දේවල් එකක්වත් මඟ හරින්නේ නැතුව, follow කරන්න. එතකොට ඔබට පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම ට්‍රයල් එක pass වෙලා license එක ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!