Multi function buttons ගැන ඉගෙනගමු

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක Steering wheel එක හෙවත් සුක්කනම කියන්නේ නිකම්ම වාහනය හරවන්න විතරක් පාවිච්චි කරන දෙයක් නෙවෙයි. අද කාලේ එන ගොඩක් වාහනවල සුක්කානම මත "Multi-function buttons" එහෙමත් නැත්නම් විවිධ කාර්යයන් කරන්න පුළුවන් බොත්තම් රාශියක් දකින්න ලැබෙනවා. මේවා ගැන හරි අවබෝධයක් තිබීම රිය පැදවීම පහසු කරනවා වගේම ආරක්ෂාවටත් ඉතාම වැදගත්. අපි අද බලමු මේ බොත්තම් මොනවාද සහ ඒවායින් කෙරෙන වැඩ මොනවාද කියලා.

ඇයි මේ බොත්තම් හඳුන්වා දුන්නේ?

පරණ වාහනවල රේඩියෝ එකේ සද්දේ වැඩි කරන්න හෝ වෙනත් දෙයක් කරන්න ඕන වුණාම රියදුරුට තමන්ගේ ඇස් පාරෙන් ඉවතට අරගෙන ඩෑෂ්බෝඩ් එක දෙස බලන්න සිද්ධ වුණා. මේක අනතුරු වලට ලොකු හේතුවක්. ඒ නිසා තමයි රියදුරුගේ දෑත් සුක්කානම මත තබාගෙනම, ඇස් පාරට යොමු කරගෙනම වාහනයේ විවිධ උපාංග පාලනය කරන්න මේ බොත්තම් නිර්මාණය කළේ. මේක තාක්ෂණිකව හඳුන්වන්නේ "Hands-on-wheel" සංකල්පය විදිහටයි.

Audio Control Buttons (ශ්‍රව්‍ය පාලක බොත්තම්)

සාමාන්‍යයෙන් සුක්කානමේ වම් පැත්තේ තමයි මේ බොත්තම් වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මෙතැනදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පාලනය කරන්න පුළුවන්.

  • Volume Up/Down (+/-): සින්දුවක හෝ රේඩියෝ එකේ සද්දේ අඩු වැඩි කරන්න.
  • Seek/Track Skip: ඊළඟ සින්දුවට යන්න හෝ කලින් සින්දුවට යන්න. රේඩියෝ එකේ නම් ඊළඟ චැනල් එකට මාරු වෙන්න.
  • Mode/Source: රේඩියෝ එකේ ඉඳන් Bluetooth වලට හෝ USB එකට මාරු වෙන්න මේ බොත්තම උදවු වෙනවා.
  • Mute: හදිසියේ සද්දේ සම්පූර්ණයෙන්ම නතර කරන්න අවශ්‍ය වුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන්.

Bluetooth සහ Voice Command (දුරකථන සහ හඬ පාලනය)

Steering wheel Bluetooth and Voice Command buttons

වාහනය පදවන ගමන් ෆෝන් එක අතට ගන්න එක නීති විරෝධී වගේම භයානකයි. ඒ නිසා සුක්කානම මතම දුරකථන ඇමතුම් ලබාගන්න බොත්තම් ලබා දීලා තියෙනවා.

  • Call Answer/End: ඇමතුමක් ආවම ඒක ගන්න හෝ විසන්ධි කරන්න කොළ සහ රතු පාට සලකුණු සහිත බොත්තම් තියෙනවා.
  • Voice Assistant: මේක ගොඩක් වටිනා බොත්තමක්. මේක එබුවම ඔබට කටින් කියන දේවල් හරහා වාහනයට අණ දෙන්න පුළුවන් (උදාහරණයක් විදිහට "Call Nimal" කියලා කිව්වම ඔටෝම කෝල් එක යනවා).

Cruise Control Buttons (වේග පාලක පද්ධතිය)

Steering wheel Cruise Control buttons

දුර ගමන් යනකොට, විශේෂයෙන් අධිවේගී මාර්ගවලදී මේ පද්ධතිය හරිම පහසුවක්. සාමාන්‍යයෙන් මේ බොත්තම් තියෙන්නේ සුක්කානමේ දකුණු පැත්තේ.

  • Set/Coast: ඔබට අවශ්‍ය වේගයට වාහනය ආවම මේ බොත්තම එබුවම, ඇක්සලරේටරය පෑගීමෙන් තොරව වාහනය ඒ වේගයෙන්ම ඉදිරියට යනවා.
  • Res (Resume): බ්‍රේක් එක පෑගුවම Cruise Control එක විසන්ධි වෙනවා. ආපහු කලින් තිබුණ වේගයටම යන්න මේ බොත්තම පාවිච්චි කරනවා.
  • Cancel: පද්ධතිය තාවකාලිකව නතර කරන්න.
  • Adaptive Cruise Control: අලුත් වාහනවල ඉදිරියෙන් යන වාහනයට සාපේක්ෂව දුර ප්‍රමාණය තීරණය කරන්නත් මෙතැනම වෙනම බොත්තම් තියෙනවා.

Instrument Cluster / MID Display Controls

වාහනයේ මීටර් පැනල් එක මැද තියෙන කුඩා තිරය (Multi-Information Display) පාලනය කරන්නෙත් සුක්කානමේ තියෙන බොත්තම් වලින්. ඉන්ධන කොච්චර තියෙනවද, ටයර් වල හුළං ප්‍රමාණය, වාහනයේ සාමාන්‍ය තෙල් වැඩ කරන ප්‍රමාණය වගේ විස්තර මේ බොත්තම් එබීමෙන් බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතැන හතර පැත්තට විහිදුණු ඊතල (Navigation arrows) සහ මැද 'OK' බොත්තමක් දකින්න ලැබෙනවා.

Paddle Shifters (පැඩල් ශිෆ්ටර්ස්)

සමහර Automatic සහ Dual-clutch වාහනවල සුක්කානමට පිටුපසින් කුඩා ලීවර දෙකක් තියෙනවා. මේකෙ දකුණු පැත්තේ '+' සහ වම් පැත්තේ '-' සලකුණු තියෙනවා. මේවා පාවිච්චි කරලා ගියර් මාරු කිරීම (Gear shifting) රියදුරුට මැනුවල් විදිහට කරන්න පුළුවන්. කඳු පල්ලම් වලදී වගේම වාහනයක් ඉස්සර කරන වෙලාවට මේකෙන් ලොකු උදවුවක් ලැබෙනවා.

තාක්ෂණිකව මේවා ක්‍රියා කරන්නේ කොහොමද?

දැන් හිතෙන්න පුළුවන් මේ හැම බොත්තමකටම වෙන වෙනම වයර් යනවා ඇති කියලා. නමුත් එහෙම වුණොත් සුක්කානම කරකවන කොට ඒ වයර් පැටලෙනවා. ඒ නිසා මේ සඳහා පාවිච්චි කරන්නේ Clock Spring එහෙමත් නැත්නම් Spiral Cable කියන උපාංගයයි. මේක ඇතුලේ තියෙන රිබන් එකක් වගේ වයර් පද්ධතියක් මඟින් සුක්කානම කොයි පැත්තට කරකැවුණත් බොත්තම් වල සම්බන්ධතාවය බිඳෙන්නේ නැතුව තබා ගන්නවා.

සමහර වෙලාවට මේ බොත්තම් වැඩ කරන්නේ නැතුව ගියොත් හෝ Horn එක වැඩ කරන්නේ නැත්නම්, ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මේ Clock Spring එක කැඩීමක්. ඒ වගේම මේ පද්ධතිය Airbag එකටත් සම්බන්ධ නිසා මෙතැනදී ඉතාම කල්පනාකාරී වෙන්න ඕන.

අවසාන වශයෙන් රියදුරෙකු ලෙස දැනගත යුතු දේ

මේ බොත්තම් පාවිච්චි කරන්න පුරුදු වෙන එක මුල් දවස්වල ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් පුරුදු වුණාම වාහනය පදවන අතරතුර පාරෙන් ඇස් ඉවතට නොගෙන සින්දුවක් මාරු කරන්න හෝ කෝල් එකක් ගන්න පුළුවන් වීම රියදුරුට ලැබෙන ලොකු පහසුවක්. හැමවිටම මතක තබා ගන්න, මේ හැම බොත්තමක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඔබේ පහසුවට වගේම ආරක්ෂාවටයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!