වසර 18ක නිෂ්පාදනයෙන් පසු නිසාන් සමාගම අවසන් R35 GT-R නිපදවයි



තාරුණ්‍යයේ අතිශය ජනප්‍රිය සුපර් කාර් රථයක් වු නිසාන් GT-R - R35 මාදිලියේ නිෂ්පාදනය අවසන් කර තිබෙනවා.
ඒ අවසන් GT-R R35 මෝටර් රථය අගෝස්තු 26 දා ජපානයේ Tochigi කර්මාන්තශාලාවේදී නිපද වූ බව මාධ්‍යයට දන්වමින්.
නිසාන් සමාගම විසින් ජපානයේදී 2025 පෙබරවාරි 28 දිනෙන් පසු නව R35 GT-R සඳහා ඇණවුම් තවදුරටත් ලබාගැනීම නවතා දමා තිබෙන අතර උතුරු අප්‍රිකානු වෙළඳපොළේදී විකිණීම් 2024 ඔක්තෝබර් සිට නවතා තිබුනා.
යුරෝපයේදී එය 2022 සිට නවතා තිබුණා.
2007 වසරේ නිෂ්පාදනය ආරම්භ කල මෙම GT-R R35 රථය වසර 18ක කාලය තුළ සම්පූර්ණයෙන්ම 48,000 කට ආසන්න මෝටර් රථ සංඛ්‍යාවක් නිපදවා ඇති අතර මෙහි එන්ජිම VR38DETT 3.8L ට්වින් ටර්බෝ V6 එකක් වන අතර සෑම එන්ජිමක්ම ටකුමි නම් කාර්මික ශිල්පීන් අතින් සාදා එකලස් කළ එකක්.
නිසාන් සමාගම විසින් GT-R මීලඟ සංස්කරණය වන GT-R R36 මාදිලිය නුදුරු අනාගතයේදී වෙලඳපොළට නිකුත් කිරිමීට කටයුතු කරන බවයි සඳහන් කර සිටින්නේ.