Clutch plate life එක වැඩි කරගන්න tips.

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ මැනුවල් වාහන පදවන, ඒ වගේම බයික් පදින හැමෝටම තමන්ගේ සාක්කුව බේරාගන්න වගේම වාහනයේ පිකප් එක උපරිම මට්ටමක පවත්වා ගන්න නැතුවම බැරි අතිශය වැදගත් ප්‍රායෝගික මාතෘකාවක් ගැනයි. ඒ තමයි වාහනයක Clutch plate life එක ක්ලච් ප්ලේට් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් tips මොනවාද කියන කාරණය. අපි හැමෝම දන්නවා මැනුවල් වාහනයක් පාවිච්චි කරද්දී අපිට නිතරම මුහුණ දෙන්න සිද්ධ වෙන ලොකුම වියදමක් තමයි මේ ක්ලච් රෙපෙයාර් එකක් කියන්නේ. ක්ලච් ප්ලේට් එකක් සවුත්තු වුණාම වාහනයේ පවර් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා වගේම පෙට්‍රල් හෝ ඩීසල් පරිභෝජනයත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. හැබැයි රියදුරන් විදිහට අපේ තියෙන පොඩි පොඩි වැරදි පුරුදු මගඇරගත්තොත් මේ ක්ලච් ප්ලේට් එකේ ආයු කාලය කිලෝමීටර් ලක්ෂයකටත් වඩා වැඩි කාලයක් කිසිම ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අද අපි මේ ක්ලච් එක ගොඩ් කාලයක් පාවිච්චි කරන්න තාක්ෂණික රහස් ටික කතා කරමු.

සරලවම කිව්වොත්, Clutch plate එකක් කියන්නේ එන්ජිමෙන් නිපදවන බලය වාහනයේ ගියර් පෙට්ටිය වෙත සම්බන්ධ කරන සහ වෙන් කරන ප්‍රධානම ඝර්ෂණ මාධ්‍යයයි. අපි ක්ලච් පැඩලය පාගනකොට එන්ජිමේ සහ ගියර් පෙට්ටියේ සම්බන්ධය තත්පරයකට නැති වෙනවා. ඊටපස්සේ අපි ගියර් එක දාලා ක්ලච් එක දෙනකොට මේ ක්ලච් ප්ලේට් එක ගිහිල්ල එන්ජිමේ තියෙන flywheel එක මත තදින්ම ඇලී එකට කැරකෙන්න පටන් ගන්නවා. ඒ වගේම ක්ලච් ප්ලේට් එකක් ගෙවී යන්නේ මේ flywheel එක මත එය ස්පර්ශ වන සහ ලිස්සා යන අවස්ථාවලදී ඇතිවන අධික තාපය නිසයි. ඒ නිසා ක්ලච් එක ලිස්සා යන කාලය හෙවත් clutch slippage කාලය අපිට කොච්චර දුරට අඩු කරගන්න පුළුවන්ද, අන්න ඒ තරමට ක්ලච් ප්ලේට් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.

දැන් ක්ලච් ප්ලේට් එක පරිස්සම් කරගන්න ඔයා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු tips ටිකක් බලමු

  • පළමු වැදගත්ම tip එක තමයි Riding the clutch පුරුද්ද සම්පූර්ණයෙන්ම නතර කිරීමයි. ලංකාවේ ගොඩක් ඩ්‍රයිවර්ලා කරන ලොකුම වැරැද්දක් තමයි වාහනය පදවන අතරතුර තමන්ගේ වම් කකුල සම්පූර්ණයෙන්ම බිම තබන්නේ නැතිව, නිරන්තරයෙන්ම ක්ලච් පැඩලය මත සැහැල්ලුවෙන් තබාගෙන සිටීම. ඔබ හිතන්න පුළුවන් ඔබ පැඩලය තද කරන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි කකුලේ තියෙන සුළු බර නිසා වුණත් ක්ලච් පද්ධතිය ඇතුළේ තියෙන release bearing එක සහ pressure plate එක මත අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. මෙයින් ක්ලච් ප්ලේට් එක සහ flywheel එක අතර 100%ක්ම සම්බන්ධතාවය ඇති වෙන්නේ නැතිව, ක්ලච් එක ඉතා සුළු වශයෙන් ලිස්සා යාමට පටන් ගන්නවා. මේ නිසා ක්ලච් ප්ලේට් එක අධික ලෙස රත් වෙලා ඉතාම කෙටි කාලයකින් ගෙවිල යන්න පුලුවන්. ඒ නිසා ගියර් එක මාරු කළ සැනින් වම් කකුල ක්ලච් පැඩලයෙන් ඉවත් කර පසෙකින් තියාගන්න වගබලා ගන්න.
  • දෙවැනි tip එක තමයි ට්‍රැෆික් එකේදී හෝ කන්දකදී Don't hold the vehicle using clutch කියන රීතියයි. බොහෝ දෙනෙක් කඳු බෑවුමක වාහනය නතර කරගෙන ඉන්නකොට handbrake එක පාවිච්චි කරන්නේ නැතිව, ක්ලච් එක බාගෙට දීල එහෙමත් නැත්නම් half clutch තියාගෙන් ඇක්සලේටරය පොඩ්ඩක් පාගමින් වාහනය එක තැන රඳවා ගන්න උත්සාහ කරනවා. මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවට අනුව ක්ලච් ප්ලේට් එකකට දෙන්න පුළුවන් දරුණුම වදයක් තමයි මේක. මේ වෙලාවට ක්ලච් එක සහ ෆ්ලයිවීල් එක එකිනෙක තදින් ඇතිල්ලෙමින් විශාල තාපයක් නිපදවන නිසා ක්ලච් ප්ලේට් එක ක්ෂණිකව ගෙවී යනවා වගේම වාහනය ඇතුළට පිළිස්සුණු සුවඳක් පවා එන්න ගන්නවා. ඒ නිසා වාහනය නතර කරන හැමවිටම handbrake එක සහ brake pedal එක පාවිච්චි කරන්න.
  • තුන්වැනි tip එක තමයි Shift smoothly and avoid dump charging ක්‍රමවේදය. ගියර් මාරු කිරීමේදී ක්ලච් එක එකපාරටම එක බකස් ගාලා අතහරින්න එපා. විශේෂයෙන්ම අධික වේගයෙන් ධාවනය වන විට එකපාරටම ක්ලච් එක මුදාහැරීම නිසා එන්ජිමේ වේගය සහ ගියර් පෙට්ටියේ වේගය අතර ලොකු ගැටීමක් ඇතිවී ක්ලච් ප්ලේට් එකේ තියෙන දත් සහ springs කැඩිල යන්න පුළුවන්. ඒ නිසා හැමවිටම ක්ලච් එක සහ ඇක්සලේටරය අතර හොඳ සමබරතාවයක් පවත්වා ගනිමින් සුමටව ගියර් මාරු කරන්න පුරුදු වෙන්න.
  • හතරවැනි tip එක තමයි ට්‍රැෆික් ලයිට් එකකදී වාහනය Shift to Neutral කිරීමයි. ඔබ විනාඩියකට වඩා වැඩි වෙලාවක් ට්‍රැෆික් එකක නතර වෙලා ඉනව නම්, ගියර් එක දමාගෙන ක්ලච් එක පාගාගෙන ඉන්න එපා. එහෙම කලොත් ක්ලච් ප්ලේට් එක ගෙවෙන්නේ නැති වුණත්, ක්ලච් එක ක්‍රියා කරවන release bearing එක සහ diaphragm spring එක තදින්ම ගෙවී යාමට ලක්වෙනවා. ඒ නිසා නතර වී සිටින විට ගියර් ලීවර් එක neutral එකට දාල කකුල පැත්තකින් තියාගන්න.

Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනයේ ක්ලච් එක ක්‍රියාත්මක වන විට වෙනදාට වඩා බර ගතියක්, pedal එක උඩට එන ප්‍රමාණය වෙනස් වීමක් හෝ ගියර් මාරු කිරීමේදී අපහසුතාවයක් දැනු ණොත්, ඉක්මනට clutch fluid මට්ටම් හරි clutch cable එකෙහි තත්ත්වය පරීක්ෂා කරගන්න. බොහෝ වෙලාවට fluid අඩු වීම නිසා ක්ලච් එක හරියටම open වෙන්නේ නැති වුණාමත් ක්ලච් ප්ලේට් එක අනවශ්‍ය ලෙස ගෙවී යාමට ලක්වෙනවා. නිතරම නිවැරදි රිය පැදවීමේ පුරුදු පවත්වා ගැනීමෙන් සහ ක්ලච් එක මත අනවශ්‍ය බරක් නොතැබීමෙන් ඔබේ වාහනයේ ක්ලච් පද්ධතියෙන් දිගුකාලීන මෙන්ම ඉහළම කාර්යක්ෂමතාවයක් ලබාගන්න පුළුවන් . ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Half clutch drive කරන එකෙන් වෙන damage එක.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate life එක වැඩි කරගන්න tips.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!