Speed Draft ගන්නවද? Leasing එකක් ගන්නවද?

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් කියන්නේ අපේ හීන list එකේ උඩින්ම තියෙන දෙයක්. ඉතින් ගොඩක් දෙනා තමන්ගේ වාහන සිහිනය සැබෑ කරගන්න දිවා රෑ බලන්නේ නැතුව මහන්සි වෙනවා. හැබැයි ඇත්තම වාහනයක් ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට වාහනයක් ගන්න වෙන්නේ එක්කෝ leasing එකක් දාලා, එහෙමත් නැත්නම් ණයක් අරගෙන. Leasing ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි තවත් option එකක් තමයි Speed Draft Leasing ක්‍රමය කියන්නේ. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ Speed Draft සහ Leasing ක්‍රමය අතරින් මොකක්ද හොඳම කියලා.

Vehicle Leasing එකක් කියන්නේ මොකක්ද?

Vehicle leasing එකක් කියන්නේ කල්බදු ගිවිසුමක්. එමඟින් අදහස් වෙන්නේ ඔයා වාහනයක් බද්දට ගන්නවා කියන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනයක් යම් කාල සීමාවකට බදු ගන්නවා කියන අදහස තමයි මෙතැනදී එන්නේ. ඉතින් leasing කරලා වාහනයක් ගන්නකොට ඔයා අත්සන් කරන්නේ කල් බදු ගිවිසුමක්. වාහනයේ leasing වාරික සියල්ල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාට වාහනයේ පූර්ණ අයිතිය ලැබෙන්නේ.

Speed draft කියන්නේ මොකක්ද?

Normal ලීසිං ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ලීසිං ක්‍රමයක් තමයි, speed draft කියන්නේ. හැබැයි සාමාන්‍ය විදියෙම ණය මුදලක්. මේ ලීසිං ක්‍රමයේ වාසි වගේම යම් යම් අවාසිත් තියෙනවා. ඒ අනුව speed draft ලීස් එකක් හොඳද, නරකද කියන දේ depend වෙනවා.

සාපේක්ෂ පිළිතුරක්

Speed draft එකකින් වාහනයක් ගන්න එකද, ලීස් කරලා වාහනයක් ගන්න එකද ගොඩක් හොඳ? ඇත්තටම මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දෙන්න බැහැ. මොකද වඩාත් හොඳ ලීසිං කරන එකද, speed draft එකක් ලබා ගන්න එකද කියලා තීරණය වෙන්නේ අදාල පුද්ගලයා අනුවයි. වාහනය ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා කරන රැකියාව, credit rate එක වගේ විවිධ සාධක මේ පිළිතුරට බලපානවා. ඉතින් ඒ නිසා එකවර තීරණයක් ගන්න කලින් මේ ගැන හොඳින් සිතා බලන්න අමතක කරන්න එපා.

Down payment එක ගැන හිතන්න

ඔයා ගන්න බලාපොරොත්තු වෙන්නේ car එකක්, jeep එකක් හෝ dual purpose vehicle එකක් නම් ලීස් එකකදි ඔයාට finance කරගන්න වෙන්නේ 50%ක් විතරයි. ඒ කියන්නේ වාහනයේ වටිනාකමින් බාගයක් විතරයි ඔයාට ලීස් එක විදිහට ගන්න වෙන්නේ. හැබැයි මෝටර් සයිකයලක්, single cab එකක් වගේ ගන්නවා නම් ඔයාට පුලුවන් වාහනයේ වටිනාකමින් 70%ක ලීසිං පහසුකමක් ලබා ගන්න. නමුත් ලොරි වගේ commercial vehicles සහ electric vehicles වලට 90% දක්වා ලීසිං පහසුකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් ඔයා ලීසිං පහසුකම හරහා මිලදී ගන්න ඉන්නේ සාමාන්‍ය car එකක් නම් වාහනයේ වටිනාකමින් 50%ක් අතින් දාන්න වෙනවා. කෙටියෙන්ම කිව්වොත් වාහනයේ වටිනාකමින් 50%ක down payment එකක් ලීසිං සමාගමට කරන්න වෙනවා.

ඔයාගේ අතේ ඒ තරම් මුදලක් නැත්නම් ඔයාට ලීස් එක ගැළපෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඔයාට speed draft පහසුකමකට යන්නම වෙනවා.

Speed draft ක්‍රමයේ අවාසි

Speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළොත් company එක ඔබට ලබා දෙන ණය වාරිකයට අදාළව මාසයට පොළියක් අය කරනවා. මෙතනදි ඔබ ගෙවන්න ඕනේ ඒ පොළිය විතරයි.ඒත් ඔබේ ණය මුදලෙන් සත පහක්වත් අඩු වෙන්නේ නැහැ. අදාළ මාසික පොළියට අමතරව ඔබ තවත් ගාණක් ලීසිං company එකට ගෙවනවා නම්, එතකොට ණය මුදලෙන් ඒ ගෙවන ගාණ අඩු වෙනවා. ඒ විදිහට ගෙවන්නේ නැතුව හැම මාසෙම පොළිය විතරක් ගෙව්වොත් ඔබට වෙන්නේ හැම මාසෙම පොළී ගෙව ගෙව ඉන්න. මොකද ඔබේ ණය මුදල එහෙම්ම තියෙන නිසා.

Speed draft leasing ක්‍රමයේ වාසිය

Normal ලීස් එකක් දැම්මොත් ඒක fixed එකක්. හැබැයි speed draft එකේදී ඔවුන් ගන්නේ මාසික පොළිය විතරයි. අපි කලින් කියපු විදිහට normal ලීස් එකේදී ඔබ කරන්න ගිය දේ speed draft එකේදී කළා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ, ඔබ speed draft ක්‍රමයට ලීස් එක දාලා, සතියකින් විතර ලීස් එක ගෙවලා ඉවර කරන්න හදනවා කියලා හිතන්න. එතනදි ලීසිං company එක ගන්නේ, මාසික පොළිය සහ ණය මුදල විතරයි. මේක තමයි මේ speed draft කියන ලීසිං ක්‍රමයේ තියෙන වාසිය.

Speed draft ක්‍රමය කාටද ගැළපෙන්නේ?

Speed draft ලීසිං ක්‍රමය හොඳටම set වෙන්නේ නිතර නිතර අතේ සල්ලි ගැවසෙන අයට විතරයි. මොකද එතකොට පුළුවන් එක පාර ලීස් එක ගෙවලා ඉවර කරලා ඒක close කරන්න. Normal ලීසිං පහසුකමක් ලබා ගන්නවට වඩා නම් ගොඩක් ඉක්මණින් සහ ලේසියෙන් මේ මූල්‍ය පහසුකම ලබා ගන්න පුළුවන්. තේරුම් ගන්නත් හරිම පහසුයි.

ඔබ වාහනය ගන්නේ business වැඩකට නම්, නැත්නම් අතේ සල්ලි තියෙනවා නම් ඔබට match වෙන්නේ speed draft ලීසිං ක්‍රමය තමයි. හැබැයි ඔබ වාහනය ගන්නේ ගෙදර පාවිච්චියට නම්, නැත්නම් ගෙවාගන්න අමාරුයි වගේ හිතෙනවා නම් speed draft එකක් දාන එක නම් නුවණට හුරු දෙයක් නෙවෙයි.

ඉතින් මේ දේවල් තමයි Speed Draft එකකින් වාහනයක් ගන්නවද, Leasing කරලා වාහනයක් ගන්නවද කියලා තිරණය කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්. දැන් තේරෙනවා නේද වාහනයක් ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!