නැතුවම බැරි ABS පද්ධතිය

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක ආරක්ෂාව ගැන කතා කරනකොට ABS (Anti-lock Braking System) කියන්නේ අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක්. සරලවම කිව්වොත්, මේකෙන් වෙන්නේ හදිසියේ බ්‍රේක් කරන වෙලාවක වාහනයේ රෝද හිරවෙලා ලිස්සා යාම වැළැක්වීමයි. අද අපි මේ ගැන ඉතාම සරලව, ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට කතා කරමු.

ABS කියන්නේ මොකක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද?

අපි සාමාන්‍ය වාහනයක හදිසියේ තදින්ම බ්‍රේක් ගැහුවොත්, රෝද කැරකෙන එක එකපාරටම නතර වෙනවා. එතකොට වාහනය පාරේ ලිස්සලා යනවා මිසක් අපිට අවශ්‍ය පැත්තට හරවගන්න (Steering control) බැරි වෙනවා.

හැබැයි ABS පද්ධතියක් තියෙන වාහනයක වෙන්නේ රෝද හිරවෙන්න (Lock වෙන්න) දෙන්නේ නැතුව තත්පරයකට කිහිප වතාවක් බ්‍රේක් එක අල්ලමින් අතහැරීමයි (Pumping). මේක කෙතරම් වේගවත්ද කියනවා නම්, තත්පරයකට 15-20 වතාවක් විතර මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.

හදිසි අවස්ථාවකදී ABS වල වැදගත්කම

ABS පද්ධතියේ ප්‍රධානම වාසිය තමයි හදිසියේ බ්‍රේක් කරන ගමන්ම වාහනය අපිට අවශ්‍ය පැත්තට හරවා ගැනීමට (Steer කිරීමට) හැකියාව ලැබීම. උදාහරණයක් විදිහට, ඉස්සරහින් මොකක් හරි බාධකයක් ආවොත්, සාමාන්‍ය වාහනයක බ්‍රේක් ගැහුවම රෝද ලොක් වෙලා කෙලින්ම ගිහින් ඒකේ වදිනවා. හැබැයි ABS තියෙනවා නම්, බ්‍රේක් එක තද කරගෙනම ඒ බාධකය මගඇරලා වාහනය අයිනකට ගන්න රියදුරාට පුළුවන්.

ABS ක්‍රියාත්මක වෙන බව හඳුනා ගන්නේ කොහොමද?

ඔබ හදිසියේ තදින් බ්‍රේක් එක පෑගූ විට, බ්‍රේක් පඩලය (Brake pedal) ගැහෙනවා වගේ හෝ යම්කිසි ශබ්දයක් (Vibration or chattering sound) ඇහෙනවා නම්, ඒ කියන්නේ ABS පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියන එකයි. ඒ වෙලාවට බය වෙලා බ්‍රේක් එකෙන් කකුල ගන්න එපා. දිගටම තද කරගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ. වර්ෂා කාලයේදී සහ තෙතමනය සහිත පාරවල් වලදී මේක ජීවිත ආරක්ෂාවට ලොකු රුකුලක් වෙනවා.

ABS පද්ධතියේ දෝෂ හඳුනාගැනීම

වාහනයේ ඩෑෂ්බෝඩ් එකේ (Dashboard) ABS කියලා කහ හෝ රතු පාටින් ලයිට් එකක් පත්තු වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ පද්ධතියේ මොකක් හරි දෝෂයක් තියෙනවා කියන එකයි. වාහනයක ABS පද්ධතියේ දෝෂයක් තියෙනවාද කියලා රියදුරෙකුට හඳුනාගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කිහිපයක් තිබෙනවා.

1. ABS Warning Light එක පත්තු වීම

ප්‍රධානම සහ ලේසිම ක්‍රමය තමයි ඩෑෂ්බෝඩ් (Dashboard) එකේ තියෙන ABS කියන කහ හෝ තැඹිලි පාට ලයිට් එක. සාමාන්‍යයෙන් එන්ජිම පණගන්වන වෙලාවට මේ ලයිට් එක පත්තු වෙලා තත්පර කිහිපයකින් නිවී යා යුතුයි. නමුත් වාහනය පදවන අතරතුර මේ ලයිට් එක දිගටම පත්තු වෙලා තියෙනවා නම්, පද්ධතියේ දෝෂයක් ඇති බව එයින් කියවෙනවා.

2. බ්‍රේක් පඩලය තද (Stiff) වීම හෝ වෙනදාට වඩා වෙනස් වීම

සමහර වෙලාවට ABS සෙන්සර් එකක දෝෂයක් ආවම, බ්‍රේක් පඩලය වෙනදාට වඩා තද වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බ්‍රේක් පෑගූ විට පඩලය යටටම යන ගතියක් (Spongy feel) දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බ්‍රේක් එකක් වදින්න ඕන ප්‍රමාණයට වඩා වැඩි වෙහෙසක් කකුලට දැනෙනවා නම්, ඒක ABS මොඩියුලයේ දෝෂයක් වෙන්න පුළුවන්.

3. රෝද එකපාරටම හිර වීම (Wheel Lock-up)

ඔබ සාමාන්‍ය වේගයකින් යනකොට බ්‍රේක් කළත් රෝද ලිස්සා යනවා (Skidding) වගේ දැනෙනවා නම්, ඒ කියන්නේ ABS පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරන්නේ නැහැ. විශේෂයෙන්ම තෙත පාරකදී රෝද හිර වෙනවා නම්, අනිවාර්යයෙන්ම ABS පද්ධතිය පරීක්ෂා කළ යුතුයි.

4. ස්පීඩෝමීටරය (Speedometer) වැඩ නොකිරීම

සමහර නවීන වාහනවල වේගය මනින්නේ ABS සෙන්සර් හරහායි. ඒ නිසා ඔබේ වාහනයේ Speedometer එක එකපාරටම වැඩ කරන්නේ නැතුව ගියොත් හෝ ඒකේ කටුව පිස්සුවෙන් වගේ උඩ පල්ලෙහා යනවා නම්, ඒක ABS සෙන්සර් එකක දෝෂයක් වෙන්න ඉඩ තියෙනවා.

දෝෂයක් ආවම කරන්න ඕනේ මොකක්ද?

ABS දෝෂයක් ආවම වාහනය නවතින්නේ නැතුව යන්නේ නැහැ, හැබැයි හදිසි බ්‍රේක් කිරීමකදී වාහනය පාලනය කරගන්න බැරි වෙනවා.

1. OBD Scanner එකකින් පරීක්ෂා කිරීම (Scanning)

අද කාලේ තියෙන හැම වාහනයකම වගේ පරිගණක පද්ධතියක් (ECU) තියෙනවා. ABS පද්ධතියේ මොකක් හරි වැරැද්දක් වුණ ගමන් ඒක "Error Code" එකක් විදිහට මතකයේ තියාගන්නවා. මේක කාර්මිකයෙක් ලවා OBD ස්කෑනර් එකක් සම්බන්ධ කළාම, හරියටම දෝෂය තියෙන්නේ කොහේද කියලා කියන්න පුළුවන්. මෙහෙම ස්කෑන් කරන්නේ නැතුව අනුමානයට කොටස් මාරු කරන්න ගියොත් අනවශ්‍ය විදිහට සල්ලි අපතේ යනවා.

2. සෙන්සර් පිරිසිදු කිරීම (Sensor Cleaning)

සමහර වෙලාවට ABS ලයිට් එක පත්තු වෙන්නේ පද්ධතියේ ලොකු ලෙඩක් වෙලාම නෙවෙයි. මේකෙ ABS සෙන්සර් එක පිහිටලා තියෙන්නේ රෝදය අසල පාරට ගොඩක් සමීපව. ඒ නිසා කාලයක් යනකොට මඩ, වැලි, බ්‍රේක් පෑඩ් වලින් පිටවන කුඩු (Brake dust) හෝ ග්‍රීස් සෙන්සර් එක මත තැන්පත් වෙන්න පුළුවන්. මෙවැනි වෙලාවකදී සෙන්සර් එක ගලවලා මෘදු රෙදි කැබැල්ලකින් හෝ විශේෂිත "Contact Cleaner" එකක් පාවිච්චි කරලා පිරිසිදු කරලා ආපහු සවි කළාම දෝෂය මග හැරිලා යනවා.

3. වයර් සහ සම්බන්ධතා පරීක්ෂා කිරීම (Wiring Check)

සෙන්සර් එක හොඳට තිබුණත්, ඒකෙන් ABS මොඩියුලය වෙත දත්ත ගෙන යන වයර් එක කොහෙන් හරි කැඩිලා හෝ බුරුල් වෙලා තිබුණොත් පද්ධතිය ක්‍රියාවිරහිත වෙනවා. සමහර වෙලාවට මීයන් වයර් හැපීම නිසාත් මේ දෝෂය ඇති වෙනවා.

ආරක්ෂිත උපදෙසක්: ABS ලයිට් එක පත්තු වෙලා තියෙන වෙලාවක වාහනය පදවනවා නම්, ඔබ මතක තබා ගත යුතු ප්‍රධානම දේ තමයි, ඔබේ වාහනයේ දැන් තියෙන්නේ පරණ බ්‍රේක් පද්ධතිය වගේ එකක් කියන එක. ඒ නිසා ABS හදනකම් වෙනදාට වඩා වැඩි පරතරයක් ඉස්සරහා වාහනයත් එක්ක තියාගන්න එකත්, වේගය පාලනය කරගන්න එකත් ඉතාම වැදගත්.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!