ඔබ ළඟ තියෙන රක්ෂණය ගැන දැනගතයුතුම කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

අපි වාහනයක් පාරේ නීතිමය විදිහට drive කරනවා නම් ලංකාව ඇතුලේ විවිධ documents අවශ්‍ය වෙනවා. License එක, insurance එක ඒ documents අතර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේවල්. ඉතින් අද MotorGuide අපි කතා කරන්නේ ඔයා ළඟ තියෙන්නම ඕනේ දෙයක් වෙන වාහන රක්ෂණය ගැන. ඉතින් ඔයාට දැනටමත් රක්ෂණයක් තියෙනවාද? එහෙමත් නැත්නම් ඔයා රක්ෂණයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද? ඒ වගේම ඔයා අලුතින් වාහනයක් ගන්න නම් හිතාගෙන ඉන්නේ ඔයාට රක්ෂණයක් ගන්න වෙනවා. ඔයා දැනටමත් රක්ෂණයක් තියෙන කෙනෙක් වුණත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත් රක්ෂණයක් පවත්වාගෙන යන්න ඕනේ කරුණු ගැන දැනගන්න ඕනේ. ඒ වගේම රක්ෂණ වල වාසි වගේම අවාසිත් තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඔයා ළඟ තියෙන රක්ෂණය ගැන ඔයා දැනගතයුතු කරුණු මොනවද කියලා.

රක්ෂණයක තියෙන වාසි

ආර්ථික වශයෙන් ආරක්ෂාවක් තියෙනවා

රක්ෂණයක් ඔයා ගාව තියෙනවා නම් ආර්ථික වශයෙන් ආරක්ෂාවක් තියෙනවා. අපිට කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. මොකද අපි පාරේ යද්දී අපි කොච්චර සැළකිල්ලෙන් ගියත් වෙන කෙනෙක්ගේ නොසැළිකිලිමත් කම නිසා වාහන accident එකක් වෙන්න පුළුවන්. ඉතින් රක්ෂණයක් අපි ගාව තියෙනවා නම් අපිට එක ලොකු හයියක්. මොකද හදිස්සියේ හරි වාහනයක් accident වුණොත් අපිට හදන්න ලොකු මුදලක් යනවා. හැබැයි රක්ෂණයක් තියනවා නම් රක්ෂණ සමාගමෙන් මේ වෙනුවෙන් උදව් ලබා ගන්න පුළුවන්.

අවදානම පාලනය කරගන්න පුළුවන්

ඔයාට රක්ෂණයක් තියෙනවා නම් රක්ෂණය මඟින් අවදානම පාලනය කරගන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා වගේ මොකක් හරි අනතුරක් වුණොත් රක්ෂණ සමාගම අපේ හයියට ඉන්නවා.

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත්

එක පාරටම වාහනය accident වුණා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ වෙලාවට ඔයාට රක්ෂණයක් තියෙනවා නම් රක්ෂණයෙන් ඔයාට උදව් ලබා ගන්න පුළුවන්.

Loan එකක් apply කරගන්න පුළුවන්

ඔයා රක්ෂණය දිගටම කරන් යද්දී ඔයාට loan එකක් ගන්න පුළුවන් හැකියාවත් තියෙනවා. ඔයාට මුදල් ප්‍රශ්නෙකදී loan එකක් apply කරගන්න පුළුවන් වෙනවා කියන්නේ ඔයාගේ වැඩ වලට පහසුවක්.

Investment plan

සමහර රක්ෂණ වලින් පුළුවන් investment plan ඒ කියන්නේ ආයෝජන සලසුමක් විදිහට ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඒකෙන් ඔයාට වැඩිපුර ලාභයක් ගන්න පුළුවන්.

රක්ෂණයක් තියෙන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු

Agreement එක

මුලින්ම ඔයා කරන්න ඕනේ දේ තමයි agreement එක හොඳට කියවන එක. ඔයා agreement එක sign කරන්න කලින් හොඳින් කියවන්න මතක තියාගන්න. ගොඩක් අය ටික කාලයක් යනකොට තමයි දැනගන්නේ මේකේ මේ benefits නැහැ කියලා. ඒ වගේම claim කරනකොට තමයි දැනගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට claim එකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම අත්සන් කරන්න කලින් agreement එක කියවන්න. ගොඩක් වෙලාවට රක්ෂිත නියෝජිතයෝ agreement එක ඔයාට කලින් දෙනවා. ඒ නිසා ඔයා time එක අරන් හොඳට කියවලා බලන්න. ඔයා agreement එක කියවන් නැතුව අත්සන් කලොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්.

Form එක හරියට පුරවන්න

ඒ වගේම ඔයා form එකත් හරියට පුරවගන්න. විශේෂයෙන්ම agreement එකේ from එක පුරවද්දී ඔයාගෙන් පස්සේ රක්ෂණ මුදල යන කෙනාගේ name, address, age මේ දේවල් හරියට දාන්න. මොකද ඔයාගේ ජීවිතේට හානියක් වෙලා ඔයාගෙන් පස්සේ රක්ෂණය ගන්න ඉන්න කෙනා ගන්න යනකොට ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙයි. ඒ කියන්නේ නම වෙනස් වෙලා තියෙද්දී, address වෙනස් වෙලා තියෙද්දී වගේ. ඒ නිසා from එකත් හරියට පුරවන්න.

ගෙවන්න පුළුවන්ද කියලා බලන්න

ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි ගෙවාගෙන යන්න පුළුවන්ද කියන එක. ඔයා රක්ෂණයක් දැම්මා කියලා හිතන්නකෝ. ඒත් ඔයාට රක්ෂණයට ගෙවන මුදල ගෙවාගෙන යන්න බැරි නම් package එක වෙනස් කරගන්න පුළුවන් වුණාට ලැබෙන benefits අඩු වෙනවා. ඉතින් ඔයාට ඒ මුදල ගෙවන්න පුළුවන්ද කියලා බලන්න.

ප්‍රතිලාභ ලැබෙන මුදල හා කාලය බලන්න

මේක තමයි ඔයා insurance එකක් දාද්දී හිතන්නම ඕනේ කාරණය. Insurance එකේ රක්ෂණ නියෝජිතයා ඔයාට කියනවා ඔයාට අනතුරක් වෙන්න පුළුවන්, මේ වගේ ගැටලු වෙන්න පුළුවන් කියලා. එහෙම කියලා ඔයා දාගත්ත ඒ මුළු මුදල සමහර වෙලාවට ඔයාට ලැබෙන්නේ අවුරුදු 20 කින් 25කින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මුදල් වලට රටේ තත්වයත් එක්ක ඉස්සරහට කොච්චර value එකක් තියෙනවද කියලත් බලන්න.

රක්ෂිත නියෝජිතයට සල්ලි දෙන්න එපා

කිසිම වෙලාවක ඔයා රක්ෂණ නියෝජිතයාගේ අතට සල්ලි දෙන්න එපා. මේක ගොඩක් අය කරන වැරද්දක්. ඇතැම් රක්ෂණ නියෝජිතයෝ ටික කාලයක් ඒ රක්ෂණ සමාගමේ ඉඳලා වෙන එකකට යනවා. එතකොට ඔයාගේ මුදල් ගැන ඒ රක්ෂණ සමාගමට වග කියන්න බැහැ. ඉතින් ඒ නිසා මුදල් bank එකටම දාන්න මතක තියාගන්න.

Phone number එකක් දැනගෙන ඉන්න

ඔයා රක්ෂණයක් දානකොට hotline number එක හරි රක්ෂණ නියෝජිතයාගේ number එක දැනගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම ඔයාගේ ළඟම කෙනෙක්ටත් දීලා තියන්න. මොකද ඔයාට හදිසි අනතුරක් වුණා කියන්නකෝ, ඒ වගේ වෙලාවට රක්ෂිත හිමියාගේ number එක, insurance card එක, hotline number එක ඔයා ළඟ නැති වුණොත් ඔයාට කතා කරන්න පුළුවන් වෙන්න ඔයාගේ පවුලේ අය‍ටත් number එක දීලා තියන්න.

රක්ෂණය දාපු කෙනෙක්ගෙන් විස්තර අහලා බලන්න

රක්ෂණයක් දාන්න කළින් ඒ අදාළ රක්ෂණය ගැන, රක්ෂණයේ ප්‍රතිලාභ ගැන, claim එක ගැන මීට කලින් ඒ රක්ෂණය ඒ ආයතනයෙන්ම දාපු කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ඒක හොඳ රක්ෂණයක් ද කියලා බලාගන්න.

මෙන්න මේ දේවල් තමයි රක්ෂණයක් තියෙන ඔයා දැනගන්න ඕනේ කරුණු. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න. වාහනයට හරියටම ගැළපෙන parts තෝරමු.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!