Door Pillars (දොර කුලුනු) ගැන ඉගෙනගමු

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ වාහනයක ආරක්ෂාව සහ ශක්තිමත්භාවය තීරණය කරන ප්‍රධානම සාධකයක් වෙන ‘Door Pillars’ එහෙමත් නැත්නම් වාහනයේ දොරවල් සවි වෙලා තියෙන කුලුනු නැත්ත අපි සාමාන්‍යයෙන් කියන දොර කණු ගැනයි. ගොඩක් දෙනෙක් වාහනයක් ගනිද්දි එන්ජිම, පේන්ට් එක හෝ සැපපහසුව ගැන විතරක් බැලුවට, මේ දොර කුලුනු වල තත්ත්වය ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි මතක තබාගන්න, වාහනයක ව්‍යුහාත්මක ශක්තිය පවත්වගෙන යන්නේ මේ කුලුනු මගින්. සරලවම කිව්වොත් වාහනයේ වහලය සහ බොඩි එක එකට සම්බන්ධ කරන පාලම තමයි මේ පිලර්ස් කියන්නේ.

A, B, C සහ D කුලුනු (Pillars) වර්ගීකරණය

සාමාන්‍යයෙන් වාහනයක කුලුනු කොටස් තුනකට හෝ හතරකට බෙදා දක්වනවා. ඒවට අපි කියන්නේ A, B, C සහ D පිරිලර්ස් කියලා. වාහනයේ ඉදිරිපස වීදුරුව දෙපැත්තේ තියෙන කුලුනු දෙක තමයි A-pillar විදියට හඳුන්වන්නේ. මේක හරිම වැදගත් කොටසක්, මොකද අනතුරකදී වහලය ඇතුළට කඩාගෙන වැටෙන්නේ නැතුව රඳවාගන්නේ මේ කුලුනු දෙකයි. ඒ වගේම රියදුරුට ඉදිරිපස පෙනුම බාධාවකින් තොරව ලැබෙන්න නම් මේ කුලුන නිසි ප්‍රමිතියට සහ නිසි හැඩයට තිබිය යුතුයි.

ඊළඟට තියෙන්නේ B-pillar එක. මේක තියෙන්නේ වාහනයේ ඉදිරිපස සහ පසුපස දොරවල් අතර මැදයි. වාහනයක් පැත්තෙන් හැපෙන වෙලාවකදී ඇතුලේ ඉන්න අයට වෙන හානිය අවම කරන්න මේ කුලුන උපරිම ශක්තියකින් තියෙන්න ඕනේ.

තවත් ඉදිරියට ගියොත් වාහනයේ පසුපස වීදුරුව දෙපැත්තේ තියෙන කුලුනු වලට අපි C-pillar කියලා කියනවා. ඔබ පාවිච්චි කරන්නේ SUV එකක් හෝ වෑන් රථයක් නම් ඊටත් පිටුපසින් D-pillar එකක් දකින්න පුළුවන්. මේ හැම කුලුනක්ම වාහනයේ බඳෙහි ශක්තියට එක වගේ වැදගත්.

Vehicle Door Pillars A B C D

අනතුරු වලදී සිදුවන හානි සහ පෑස්සුම් පරීක්ෂාව

වාහනයක් පරීක්ෂා කරද්දී මේ කුලුනු වල ඔරිජිනල් නිමාව තියෙනවද කියලා බලන එක හරිම තීරණාත්මකයි. මොකද ලොකු අනතුරකට ලක් වෙලා කපලා පෑස්සුම් කරපු කුලුනු තියෙන වාහනයක් පාවිච්චි කරන එක ඔබේ ජීවිතයට ලොකු තර්ජනයක්. මොකද නිෂ්පාදකයා මේවා හදන්නේ එක දිගට විහිදෙන ශක්තිමත් ලෝහ කොටසක් විදියටයි. ඒක මැදින් කපලා ආයෙත් පෑස්සුවම ඒ තැන තියෙන ශක්තිමත්භාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.

Spot Welds සහ බීඩින් (Beading) පරීක්ෂාව

විශේෂයෙන්ම වාහනයක් මිලදී ගන්න යද්දී පිලර්ස් වල තියෙන රබර් බීඩින් අයින් කරලා ඇතුළත බලන්න අමතක කරන්න එපා. ඒ ඇතුළේ තියෙන ‘Spot welds’ එහෙමත් නැත්නම් කර්මාන්තශාලාවෙන් ගහපු කුඩා රවුම් සලකුණු ටික නියමිත පරතරයකින් තියෙන්න ඕනේ. ඒවා මැකිලා හෝ මතුපිට අසමාන නම්, ඒ කියන්නේ ඒ පිලර් එකට හානි වෙලා රෙපයාර් එකක් කරලා තියෙනවා කියන එකයි. පිලර් එකක් ඇද වෙලා තියෙනවා නම් වාහනයේ දොරවල් හරියට වැහෙන්නේ නැහැ, වහලයේ තැනින් තැන රැළි වැටීම් දකින්න පුළුවන්. ඒ වගේම වාහනය වැඩි වේගයකින් ධාවනය කරද්දී අනවශ්‍ය ශබ්ද එන්නත් මේ පිලර් වල දුර්වලතා හේතු වෙනවා.

දිරුම් සහ ෆිලර් (Body Filler) භාවිතයේ අවදානම

අපි නිතරම දකින දෙයක් තමයි සමහරු පිලර්ස් වල දිරුම් තිබියදී ඒවා ෆිලර් දාලා වහලා පේන්ට් කරන එක. මේක හරිම භයානකයි. මොකද දිරුමක් කියන්නේ ලෝහය දුර්වල වීමක්. වාහනයක් පෙරළුණු අවස්ථාවකදී මේ වගේ දුර්වල පිලර්ස් තියෙන වාහන වල වහලය සම්පූර්ණයෙන්ම තැලිලා ඇතුලේ ඉන්න අයට මාරාන්තික තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා වාහනයක පිලර් එකක් කියන්නේ නිකම්ම යකඩ කෑල්ලක් නෙවෙයි, ඒක ඔබේ ආරක්ෂක පවුරක් වගේ දෙයක්. පිලර් එකක පේන්ට් එකේ වෙනසක්, අනවශ්‍ය ලෙස ඝනකමට පේන්ට් එක තියෙනවා නම් ඒ ගැන දෙපාරක් හිතන්න.

නවීන තාක්ෂණය සහ වාහනයේ ජියෝමෙට්‍රිය (Geometry)

නවීන වාහන වල නම් මේ පිලර් ඇතුළේ 'Airbags' පවා සවි කරලා තියෙනවා. ඒ නිසා ඒවායේ තාක්ෂණික වටිනාකම තවත් වැඩියි. පිලර් එකකට හානි වුණාම වාහනයේ මුළු ජියෝමෙට්‍රි එකම වෙනස් වෙනවා. එතකොට ටයර් ගෙවෙන එකේ ඉඳන් වාහනය පාලනය කරගන්න බැරි වෙන එක දක්වා ගැටළු මතු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම වාහනයක පිලර්ස් කියන්නේ ඒකේ කොඳු නාරටිය වගේ කියලා මතක තබාගන්න.

Motor Guide අපේ උපදෙස

අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස තමයි, ඔබ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් හෝ දැනට පාවිච්චි කරනවා නම්, පිලර්ස් වල තත්ත්වය ගැන හොඳ අවධානයකින් ඉන්න. සුළු අනතුරකදී වුණත් පිලර් එකකට හානි වුණොත් ඒක නිසි ප්‍රමිතියට අනුව පළපුරුදු කාර්මික ශිල්පියෙකු ලවාම පරීක්ෂා කරගන්න. පිලර් එකක් කපලා සම්බන්ධ කරපු වාහනයක් කියන්නේ ලොකු අවදානමක්. පෙනුමට වඩා ආරක්ෂාව ගැන හිතන එක තමයි බුද්ධිමත් රියදුරෙකුගේ ලක්ෂණය. පිලර්ස් ගැන මේ දුන්නු අවබෝධය ඔබේ ඉදිරි වාහන ගනුදෙනු වලදී වගේම ආරක්ෂිත ධාවනයටත් ලොකු උදව්වක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න අමතක කරන්න එපා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Steer-by-Wire තාක්ෂණය ගැන ඉගෙනගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    වාහනයක Exit Warning System එක ඉගෙනගමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Auto Hold Function එක වැඩ කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Steering dampers පාවිච්චි කරන්නෙ මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Turbo එන්ජින් සහ Natural Aspirated එන්ජින් අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Long Wheelbase (දිගු රෝද පාදම) කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Hill Hold Assist කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Turbo Lag එක කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Nissan X-Trail හිමියන්ට හිසරදයක් වුණ Jatco CVT

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ DRL (Daytime Running Light) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!