ට්‍රයල් වෙලාවෙ ඉස්සෙල්ලාම මොනවද කරන්නේ?

time
මිනිත්තු 5 කියවීම
feature image

ට්‍රයල් වෙලාවෙ ඔබ ඉස් ඉස්සෙල්ලාම මොනවද කරන්නේ? කලබල වෙන එක, ටිකක් බය වෙන එක තමයි ඉතින්, නේද? හැබැයි ඉස්සෙල්ලම කරන්න ඕන කලබලේ නැති කර ගන්න එක. මොකද ඔබෙන් එහා පැත්තේ ඉන්න ට්‍රයල් පරීක්ෂකවරයා ඔබ වාහනයට නගින විදිහෙ ඉඳලා, ට්‍රයල් එක ඉවර වෙලා වාහනයෙන් බහින විදිහ වෙනකන්ම හොඳ අවධානයකින් ඉන්නේ. සමහර විට ඔබ නොහිත පුංචි හේතුවත් ට්‍රයල් එක fail වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා, MotorGuide තුළින් අපි අද ඔබට කියන්නේ, ට්‍රයල් වෙලාවෙ ඉස්සෙල්ලාම මොනවද කරන්න ඕනේ කියලා.

ට්‍රයල් එක දවසට ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

ට්‍රයල් එක වෙලාවට ඒ නිලධාරීන් මුලින්ම බලන්නේ, ඔබ ට්‍රයල් එක සඳහා හරියට සූදානම් වෙලා ඇවිත් තියෙනවද කියන එක. ඊළඟට ට්‍රයල් එකේ ආරම්භය, clutch balance, steering wheel control, gear යෙදීම, බාධක වලට මුහුණ දීලා කොහොමද වාහනය drive කරන්නේ ඒ වගේම ට්‍රයල් එකේ අවසානය කියන මේ හැම දෙයක්ම ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, එහෙන් මෙහෙන් ට්‍රයල් එක කරන්න නම් බැහැ. ඒ කළත් ට්‍රයල් එක pass වෙන්න නම් බැහැ.

ඒ වගේම තමයි, ට්‍රයල් එක වෙලාවෙ වාහනයට ගොඩ වෙන්න ඕනේ කොහොමද, ඒ ගොඩ වෙලා ඔබ මොනවද ඉස්සෙල්ලම කරන්න ඕනේ කියන කාරණා ගැන දැන ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔබේ රියදුරු පුහුණු පාසලෙන් උගන්නලා තියෙන්න ඕනේ. ඒ කොහොම වුණත් අපි දැන් ඔබට කියන්නේ, ට්‍රයල් එක වෙලාවට ඔබ කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් මොනවද කියලා.

වාහනයට ඇතුල් වෙන්නේ කොහොමද?

වාහනයේ පිටුපසින් ඇවිත් වාහනයට ඇතුල් වෙන්න. එතනදි driving side එකේ දොර අරිනකොට පිටුපස බලලා තමයි, දොර අරින්න ඕනේ. Driving seat එකෙන් වාඩි වුණාට පස්සේ දොර හොඳට වැහුණද කියලා බලන්න. මොකද ගොඩක් අය ඒ වෙලාවට තියෙන කලබලේට seat එකෙන් වාඩි වුණාට පස්සේ දොරවල් එහෙම බලන්නේ නැහැ. ඒකත් ට්‍රයල් එක fail වෙන්න එක හේතුවක් වෙනවා.

Driving seat එකේ වාඩි වුණාට පස්සේ ඊළඟට ඔබ කරන්න ඕනේ, seat එක ඔබට පහසු විදිහට හදාගන්න එක. Clutch එක අඩියට පාගලා තමන්ට ඕන විදිහට driving seat එක හදාගන්න. හරි, දැන් ඊළඟට ඔබට කරන්න තියෙන්නේ side mirrors සහ rear view mirror එක තමන්ට පහසු විදිහට adjust කර ගන්න එක. අමතක නොකර seat belt එක දාගන්න.

පාරේ ස්වභාවය මොකක්ද?

ට්‍රයල් එක පෙන්වන වෙලාවෙදි පාරෙ ස්වභාවය එකිනෙකට වෙනස් අවස්ථා වලට ඔබට මුහුණ දෙන්න වෙනවා. එතකොට මොන ස්වභාවයක් තිබුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම පාරක යන්න පුළුවන් වෙන්න ඕනේ. කඳු සහිත තැනකදී, තැනිතලා තැනකදී නැත්නම් පැල්ලමක් වගේ තැනකදී කොහොමද gear එක මාරු කරගෙන යන්නේ? මේ හැම දෙයක් ගැනම ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ට්‍රයල් එක වෙලාවට මාර්ගයේ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියාගන්න.

වාහනය පාරට දාන්නේ කොහොමද?

මුලින්ම Clutch එක පාගලා පළවෙනි gear එකට දාන්න. ඊළඟට clutch balance කරන්න. දැන් parking brake පහළට දාන්න. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම වම් පැත්තේ side mirror එක හොඳින් බලන්න, මගියෙක් හෝ වෙනත් වාහනයක් එනවද කියලා. දකුණු පැත්තේ side mirror එක බලලා, දකුණු පැත්තට signal light දාන්න. ඊළඟට අනිවාර්යයෙන්ම hand signal එක දාන්න ඕනේ. ඊට පස්සේ brake release කරන්න. වාහන නැත්නම් clutch එකේම තියාගෙන වහනය ක්‍රමානුකූලව පාරට ගන්න. හැබැයි එක පාරටම වාහනය පාර මැද්දට ගන්න එපා. පාර අයින දිගේ සෙමින් ඉදිරියට යන්න. ඒ විදිහට වාහනය පාරට ගත්තට පස්සේ, කලින් දකුණට දාපු signal light off කරන්න.

වාහනයේ speed එක වැඩි කර ගන්න accelerate කරලා ඊළඟ gear එකට යන්න. Neutral, ඊට පස්සේ 2nd. ඊට පස්සේ නැවත accelerate කරලා 3rd gear එකට දාන්න. දැන් ඔබට කරන්න තියෙන්නේ, මාර්ගය ගැන අවබෝධයෙන් සහ side mirrors බලමින් ඉදිරියට යන එක. මෙතනදි steering wheel එක control කරන විදිහ ගැනත් ඔබ සැළකිලිමත් වෙන්න ඕනේ.

එක පාර brake release කරන්න එපා

වාහනය drive කරනකොට මොකක් හරි හේතුවක් නිසා ඔබට වාහනය නතර කර ගන්න ඕන වුණොත්, brake එක පාගන්න. වාහනය නතර කිරීමට, වමට signal දාලා speed එක අඩු කරගෙන සෙමින් වාහනය නවත්වන්න. හැබැයි brake කළා කියලා එක පාරටම කකුල ගන්න එපා.

මාර්ග නීති අනුගමනය කරන්න

වාහනය drive කරනකොට මාර්ග නීති නම් අනුගමනය නොකර ඉන්න එපා. ඒ වගේම මාර්ග සංඥාත් අනුගමනය කරන්න. මොකද මේ දේවල් ගැන ට්‍රයල් පරීක්ෂකවරයා හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. අනිත් දේ තමයි නියමිත පරිදි හස්ත සංඥා යොදන්නත් ඕනේ. Drive කරනකොට side mirrors සහ rear view mirror එකත් හොඳින් නිරීක්ෂණය කරන්න.

පදිකයන් ගැන සැළකිලිමත් වෙන්න

ගොඩක් අයට ට්‍රයල් එකේ සිහියෙන් ඉන්න නිසා, පදිකයන්ව අමතක වෙනවා. හැබැයි එහෙම වෙන්න බැහැ. මොකද පදිකයන් එක් වරම පාර හරහා පනින්න පුළුවන්. ඒ නිසා පදිකයන් මාරු වෙන ස්ථාන වලින් වාහනය drive කරනකොට ඔබ ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද එහෙම නොවුණොත්, ඔබට ට්‍රයල් එක pass වෙන්න බැහැ. ඊට අමතර තව තව ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

Overtake කරන විට, පරීක්ෂාකාරී වෙන්න

වාහනයක් overtake කරනකොට මුලින්ම බලන්න ඕනේ, දකුණු පැත්තේ side mirror එක. ඊට පස්සේ තමයි lane එක මාරු කරන්නේ. අමතක නොකර හැම වෙලාවේම අත් දෙක steering wheel එකේම තියාගන්න.

නිවැරදි විදිහට steering wheel එක අල්ලා ගන්න

ගොඩක් අය තමන්ට කැමති විදිහට තමයි steering wheel එක අල්ලා ගන්නේ. හැබැයි steering wheel එක අල්ලා ගන්න නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ඔබ මෙතනදි අනුගමනය කරන්න ඕනේ. වාහනය කෙළින් drive කරන්නත් ඔබට පුළුවන් වෙන්න ඕනේ. Signal දානකොට, steering wheel එකෙන් අත ඉවතට ගන්න එපා. අත steering wheel එකේම තියාගෙන signal light දාන්න.

නොසැළකිල්ලෙන් නවත්වන්න එපා

ට්‍රයල් පරීක්ෂකවරයා ඔබට කියනවා, ඉදිරියෙන් වාහනය නතර කරන්න කියලා. ඒ වෙලාවට එක පාරටම කිසිම සැළකිල්ලක් නැතුව වාහනය නතර කළොත් ට්‍රයල් එක fail වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි, වාහන නවත්වන්න බැරි ස්ථානත් තියෙන එක. ඒ තමයි පදිකයින් මාරු වෙන තැන්, මංසන්ධි කොටුවක් අසළ, gate එකක් අසළ. මේ වගේ තැන් වල ඔබට වාහනය නතර කරන්න බැහැ. ඒ නිසා අවධානයෙන් වාහනය නතර කරන්න.

වාහනයෙන් බහින්නේ කොහොමද?

වාහනය නතර කළාට පස්සේ seat belt ගලවන්න. දැන් එක පාරටම දොර අරින්න හදන්න එපා. Side mirrors හොඳින් බලලා පිටුපසින් වාහන එනවද කියලා බලන්න. වාහන නැත්නම් විතරක් දොර අරින්න. මෙතනදිත් වාහනයෙන් බැහැලා පිටුපසින් තමයි එන්න ඕනේ.

ඇත්තටම බැලුවොත් ට්‍රයල් එක තමයි, driving license එක ගන්නකොට ඕනම කෙනෙක්ට ලැබෙන ලොකුම challenge එක වෙන්නේ. හැබැයි ට්‍රයල් එක කියන්නේ එච්චරම බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. හොඳ practice එකක් තියෙනවා නම්, තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම්, අනිවාර්යයෙන් ට්‍රයල් එක pass වෙන්න පුළුවන්. හැබැයි ඒ අතරට අපි අද කියපු දේවලුත් එකතු වෙන්න ඕනේ. ඒ නිසා, ඔබේ ට්‍රයල් එක වෙලාවට මේ දේවල් නම් අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!