මොකද්ද මේ Drifting (ඩ්‍රිෆ්ටින්) කියන්නෙ?

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ ගොඩක් අය ගොඩක් ආස කරන, ඒ වගේම දැකලා පුරුදු, නමුත් ඇතුලාන්තය ගැන තාමත් ගොඩක් අය හරියටම නොදන්න අපූරු මෝටර් රථ ක්‍රීඩාවක් වන ඩ්‍රිෆ්ටින් (Drifting) කියන අපූරු සංකල්පය ගැනයි. වාහනයක් අධික වේගයෙන් වක්‍ර මාර්ගයක් හෝ වංගුවක් හරහා ගමන් කරන විට, එහි පසුපස රෝධ වල Traction එක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නැති කර ගනිමින්, වාහනය පාලනය කරමින් පැත්තට ලිස්සා යමින් ගමන් කිරීමයි මෙයින් සිදුවන්නේ. මෙය සාමාන්‍ය රිය පැදවීමකදී සිදු වන අනතුරුදායක තත්වයක් නොව, රියදුරුගේ දැඩි පාලනය යටතේ හිතාමතාම සිදුකරන තාක්ෂණික කලාවකි.

ඩ්‍රිෆ්ට් කිරීමේ මූලධර්මය සහ ඉතිහාසය

සාමාන්‍යයෙන් මෝටර් රථයක් මාර්ගයක් හරහා ගමන් කරන විට, රෝද සහ පාර අතර ඇති වන ග්‍රහණය ඉතා වැදගත් වේ. නමුත් ඩ්‍රිෆ්ට් කිරීමේදී සිදු වන්නේ මෙම භෞතික විද්‍යාත්මක මූලධර්මය බිඳ දමමින් රෝද ලිස්සා යාම පාලනය කිරීමයි. මෙහිදී වාහනයේ ඉදිරිපස රෝද රියදුරු ගමන් කිරීමට අපේක්ෂා කරන දිශාවට හරවා තිබුණද, වාහනය ගමන් කරන්නේ වෙනත් කෝණයකටයි. මේ හරහා නිර්මාණය වන දර්ශනය මෙන්ම රියදුරා පෙන්වන කුසලතාව ඉතා ඉහළ මට්ටමක පවතී.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි ඩ්‍රිෆ්ට් කිරීමේ ඉතිහාසය ආරම්භ වන්නේ ජපානයෙන් බව. විශේෂයෙන්ම ජපානයේ කඳුකර මාර්ග වල (Mountain passes) සිදුකළ අනවසර වීදි තරඟ හරහා මෙම කලාව බිහි විය. පසුව එය ක්‍රමානුකූලව සංවර්ධනය වී අද වන විට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය මෝටර් රථ ක්‍රීඩාවක් දක්වා වර්ධනය වී තිබේ.

ඩ්‍රිෆ්ට් රථයක අත්‍යවශ්‍ය තාක්ෂණික වෙනස්කම්

මේ සඳහා භාවිත කරන වාහන සැකසීමේදී විශේෂ තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කළ යුතුය. සාමාන්‍ය මෝටර් රථයකින් මෙවැනි දෙයක් කිරීම අපහසුය. ඩ්‍රිෆ්ට් වාහන බොහෝ විට පසුපස රෝද ධාවන (Rear-Wheel Drive - RWD) වාහන වේ. ඉදිරිපස රෝද මගින් ධාවනය වන වාහනවලින් නිවැරදි ලෙස ඩ්‍රිෆ්ට් කිරීම ඉතා දුෂ්කරයි. ඒ මොකද කියනවනන් පසුපස රෝද වලට බලය ලැබෙන විට ඒවා ලිස්සා යාමට සැලැස්වීම පහසු වන නිසා.

මෙහිදී භාවිත කරන වැදගත්ම තාක්ෂණික උපාංගයක් වන්නේ අවකලනය (Differential) යි. සම්පූර්ණ ඩ්‍රිෆ්ට් රථයක අනිවාර්යයෙන්ම වෙල්ඩඩ් ඩිෆරෙන්ෂියල් (Welded Differential) හෝ ලිමිටඩ් ස්ලිප් ඩිෆරෙන්ෂියල් (Limited Slip Differential - LSD) එකක් තිබිය යුතුය. සාමාන්‍ය වාහනවල හැරෙන විට පිටත රෝදය වේගයෙන්ද ඇතුළත රෝදය සෙමින්ද භ්‍රමණය වේ. නමුත් ඩ්‍රිෆ්ට් වාහනවලදී මෙම රෝද දෙක එකම වේගයෙන් භ්‍රමණය වීමට සලස්වන අතර, එය පසුපස කොටස පහසුවෙන් පාලනය කරමින් ලිස්සා යාමට මඟ පාදනවා.

මීට අමතරව, hand බ්‍රේක් පද්ධතිය (Hydraulic Handbrake) ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සාමාන්‍ය කේබල් මඟින් ක්‍රියාත්මක වන hand බ්‍රේක් වෙනුවට, Hydraulic pressure භාවිත කරන විශේෂ hand බ්‍රේක් පද්ධති මෙහිදී යොදා ගන්නවා. වංගුවකට ඇතුළු වන මොහොතේදී මෙම hand බ්‍රේක් එක තාවකාලිකව ක්‍රියාත්මක කිරීමෙන් පසුපස රෝද සම්පූර්ණයෙන්ම lock කර, වාහනයේ පිටුපස කොටස පිටතට පැනීමට සලස්වනවා.

එන්ජිම සහ එහි බලය (Engine Power and Torque) ද මෙහිදී අතිශයින් වැදගත් වෙනවා. ඩ්‍රිෆ්ට් කිරීමේදී රෝදවල ග්‍රහණය නැති වී ගිය පසුත්, වාහනය දිගටම ලිස්සා යන වේගය පවත්වා ගැනීමට ඉහළ බලයක් අවශ්‍ය වේනවා. මේ නිසා මෙම වාහනවල එන්ජින් ටර්බෝචාජ් (Turbocharged) කර හෝ වෙනත් තාක්ෂණික ක්‍රම මඟින් බලය වැඩි කරනු ලබනවා.

ටයර් තේරීම සහ වාහනයේ බර බෙදීයාම (Weight Distribution and Tires) ද ඩ්‍රිෆ්ට් ක්‍රියාවලියේදී තවත් වැදගත් සාධකයක්. ඉදිරිපස ටයර් සඳහා හොඳ ග්‍රහණයක් සහිත ටයර් භාවිත කරන අතර, පසුපස ටයර් සඳහා ඝනකම අඩු, ඉක්මනින් දුම් නංවමින් ලිස්සා යා හැකි ටයර් භාවිත කරනවා. වාහනයේ බර ඉදිරියට සහ පසුපසට සමතුලිතව බෙදීයාම මඟින් රියදුරුට වාහනය පාලනය කිරීම පහසු වෙනවා.

රියදුරු තාක්ෂණික ක්‍රමවේද සහ තරඟ

රියදුරෙකු මෙම තාක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී Clutch Kick, Weight Transfer සහ Counter-steering වැනි ක්‍රමවේද එකවර භාවිත කරනවා. ක්ලච් පැඩලය එකවර පාගා මුදා හැරීමෙන් එන්ජින් වේගය හදිසියේ ඉහළ නංවා පසුපස රෝද ලිස්සා යාමට සැලැස්වීම ක්ලච් කික් නම් වෙනවා. වාහනය ලිස්සා යන දිශාවට විරුද්ධ දිශාවට සුක්කානම හැරවීම කවුන්ටර් ස්ටියරින් වන අතර, එය හරහා වාහනය පාලනයෙන් තොරව කැරකී යාම (Spin out) වළක්වා ගන්නවා.

අද වන විට ලෝකය පුරා ඩ්‍රිෆ්ට් තරඟ (Drifting Competitions) ඉතා ජනප්‍රියය. ජපානයේ ඩීවී ශ්‍රේණිගත කිරීමේ තරඟ (D1 Grand Prix) මෙන්ම ඇමරිකාවේ ෆෝමියුලා ඩ්‍රිෆ්ට් (Formula Drift) වැනි තරඟ මාලා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත. මෙහිදී විනිසුරුවන් විසින් වාහනයේ වේගය, පිවිසුම් කෝණය (Angle), රේඛාව (Line) සහ සංදර්ශනාත්මක බව පදනම් කර ගනිමින් ලකුණු ලබා දෙනවා.

Motor Guide අපේ උපදෙස

අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස නම්, ඔබ කුමන මට්ටමක රියදුරෙක් වුවද, කිසිම විටක මෙවැනි අධි අවදානම් සහිත ඩ්‍රිෆ්ට් කිරීමේ අත්හදා බැලීම් පොදු මහජන මාර්ගවල හෝ අධිවේගී මාර්ගවල කිරීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි. එය ඔබගේ මෙන්ම අනෙක් මගීන්ගේ ජීවිත වලටත් දැඩි ලෙස තර්ජනයක් විය හැකියි. ඔබට මේ සඳහා සැබෑ උනන්දුවක් තිබේ නම්, නිසි ආරක්ෂක උපකරණ සහිත කෝචින් පාසල් සහ වෙන් කළ රේස් ට්‍රැක් (Race Tracks) වෙත ගොස් ආරක්ෂිතව මෙම කලාව හැදෑරීම සහ පුහුණුවීම කළ යුතුය. ආරක්ෂාවට මුල් තැන දෙමින් ක්‍රීඩාවේ නිරත වීම සැමවිටම බුද්ධිමත් ක්‍රියාවක්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • මෝටර් රථ ක්‍රීඩා සහ කාලීන සිදුවීම්

    මොකද්ද මේ Drifting (ඩ්‍රිෆ්ටින්) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • මෝටර් රථ ක්‍රීඩා සහ කාලීන සිදුවීම්

    The Crazy Australian: Casey Stoner – MotoGP හි පුරාවෘත්තයක්

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ ක්‍රීඩා සහ කාලීන සිදුවීම්

    The Doctor: Valentino Rossi – MotoGP හි පුරාවෘත්තයක්

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ ක්‍රීඩා සහ කාලීන සිදුවීම්

    වාහන ආනයනය ගැන කැබිනට්ටුව ගත් තීරණය

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!