පදිකයින් හා රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති

time
මිනිත්තු 3 කියවීම
feature image

අතීතයේදී අපි ගමනාගමන සඳහා භාවිතා කළේ විවිධ සතුන් සහ කරත්ත. දිනෙන් දින ලෝකය සංවර්ධනය වීමත් එක්ක අපි ගමන්බිමන් යන්න වාහන භාවිතා කරනවා. ඒක ඇත්තටම හොඳ දෙයක් වුණත් මේ වෙනකොට ලොව පුරා වගේම ශ්‍රී ලංකාවේත් දිනකට රිය අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. එම අනතුරු නිසා විශාල සංඛ්‍යාවක් මිය යන බවත්, තවත් විශාල සංඛ්‍යාවක් බරපතල තුවාල ලබන බවත් වාර්තා වෙනවා. ඉතින් MotorGuide අපි හිතුවා සිදු වන රථ වාහන අනතුරු වළක්වා ගන්න ආකාරය ගැන රියදුරන් වගේම පදිකයන් දැනුවත් කරන්න.

රිය අනතුරු ඇති වීමට බලපාන හේතු

  • මහාමාර්ගවල පවතින අඩුපාඩු
  • මාර්ග පුවරු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම
  • මාර්ග අබලන් වීම
  • රියැදුරන් මාර්ග නීති නොපිළිපැදීම
  • පදිකයන්ගේ නොසැලකිලිමත් බව

රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති

රිය පැදවීමට පෙර

  • රිය පැදවීම සඳහා අදාළ සුදුසුකම් සපුරා තිබීම
  • කායික ආබාධ තත්ත්ව නොතිබීම
  • යහපත් මානසික මට්ටමක සිටීම
  • බීමත්ව නොසිටීම
  • වාහනයේ දෝෂ නොමැති බව තහවුරු කර ගැනීම

රථ වාහන අනතුරු අවම කර ගැනීම

  • හදිසි අවස්ථාවක වාහනයක් නවතා ගැනීමට ගත වෙන කාලය පිළිබඳ රියැදුරාට අවබෝධයක් තිබීම
  • තිරිංග යෙදීමට ගත වෙන කාලය පිළිබඳ රියැදුරාට අවබෝධයක් තිබීම
  • මෝටර් රථයේ වේගය ගැන රියැදුරාට අවබෝධයක් තිබීම
  • මාර්ග වල ස්වභාවය පිළිබඳ අවධානයෙන් සිටීම
  • තිරිංග පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීම
  • හැකි හැම විටම නියමිත වේගය පවත්වා ගැනීම
  • මාර්ග නීති රීති අකුරටම පිළිපැදිය යුතුය

රිය පදවන ඉරියව්ව

රිය පැදවීමේදී අපි භාවිතා කරන ඉරියව් හේතුවෙනුත් මාර්ග අනතුරු සිදු වෙන්න පුලුවන්. මොකද සිටින ඉරියව්ව අනුව අනතුරක් වළක්වා ගන්න ගත වෙන වෙලාව තීරණය වෙන නිසා. ඒ නිසා රිය පැදවීමේදී පහසු ඉරියව්වට වඩා නිවැරදි ඉරියව් අනුගමනය කරන්න පුරුදු වෙන්න.

  • රියැදුරු අසුන හරියාකාරව adjust කරගන්න
  • සුක්කානමට උඩින් ඉදිරිය පෙනෙන ලෙස අසුන සකසා ගන්න
  • අසුන සහ ඔබගේ කඳ අතර හිඩැසක් නැති වන සේ හොඳින් හේත්තු වෙන්න
  • සුක්කානම ශරීරයට සමාන්තරව තබා ගන්න

පදිකයින් අනුගමනය කල යුතු නීති රීති

මහා මඟ සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට රියදුරන් මෙන්ම පදිකයන්ගේද සහාය අවශ්‍ය වෙනවා.

මහා මාර්ගයේ ගමන් කිරීමේදී කළ යුතු දේවල්

  • මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කිරීම
  • පදික වේදිකාවක් වේ නම් ඒ මතින් ගමන් කිරීම
  • සුදු ඉරි / කහ ඉරි ඇති ස්ථාන වලින් පමණක් පාර මාරු වීම
  • පළමුව දකුණත්, දෙවනුව වමත්, නැවත දකුණත් ආදී වශයෙන් පාර හොඳින් නිරීක්ෂණය කර පාර මාරු වීම
  • මාර්ග නීති පිළිපැදීම
  • හොඳ සිහියෙන් පාරේ ගමන් කිරීම

මහා මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල්

  • වම් පැත්තෙන් ගමන් කිරීම
  • දුරකථන භාවිතා කරමින් ඇවිදීම
  • රංචු වශයෙන් අනාරක්ෂිත ලෙස ගමන් කිරීම
  • වෙනත් කාර්යයන් වල නිරත වෙමින් ගමන් කිරීම
  • ක්ෂණිකව මාර්ගය හරහා පැනීම
  • පදික වේදිකාවක් වේ නම් ඒ මතින් ගමන් නොකිරීම

මේ දේවල් තමයි මහා මාර්ගයේ ගමන් කිරීමේදී පදිකයින් හා රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති. හැබැයි මේ දේවල් නීතියකට වඩා තමන්ගේ පුරුද්දක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. එවිට ඔබට මෙන්ම මාර්ගයේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ටත් ආරක්ෂිතව ගමන් කරන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!