Motor Insurance එකක් තෝරාගන්න නිවැරදිම ක්‍රම පහක්

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයාට දැනටමත් රක්ෂණයක් තියෙනවද ? නැත්නම් රක්ෂණයක් ගන්න ඉන්න කෙනෙක්ද ? වාහනයකට හදිස්සි අනතුරක් වෙන්න පුළුවන් මොන වගේ වේලාවකද කියන එක අපිට හරියටම කියන්න බැහැ. ඉතින් එහෙම අනතුරක් වුණාම වෙන හානි වලට රක්ෂණ සමාගමකින් අපිට වන්දි ලබා ගන්න ඕනේ වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට හොඳ රක්ෂණයක් ඕනේ වෙන්නේ. ඉතින් අනතුරක් වුණොත් වන්දි ලබා ගන්න නම් අපේ ලංකාවේ වාහන අයිතිකරුවන්ට රක්ෂණ සහතිකය අනිවාර්ය දෙයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි හැමවෙලාවකම තෝරාගන්න ඕනේ ඔයාට දරන්න පුළුවන් සහ හැම අවධානමක්ම ආවරණය කරන රක්ෂණයක්. ඒත් ගොඩක් අය මේ දේවල් ගැන සැළකිලිමත් නැහැ. ඒ නිසා Motorguide අපි හිතුවා ඔයා Motor Insurance එකක් තෝරාගන්න ඕනේ විදිහ ගැන කියන්න.

හොඳ රක්ෂණ සමාගමක් තෝරාගන්න

ඔයා රක්ෂණයක් තෝරගන්නකොට සැළකිලිමත් වෙන්න ඕනේ පළවෙනි දේ තමයි හොඳ රක්ෂණ සමාගමක් තෝරාගන්න එක. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව වෙන කෙනෙක් කිව්ව නිසා, එක්කෝ යාළුවෙක් කිව්ව නිසා ඒ අය දාලා තියෙන තැන වලින් තමන්ගේ රක්ෂණය දාන්න. ඒත් ඒ විදිහට ඔයාට හොඳ රක්ෂණ සමාගමක් තෝරගන්න බැහැ. ඔයා රක්ෂණ සමාගමක් තොරගන්නකොට ඒ රක්ෂණ සමාගමේ කීර්තිය, මුල්‍ය ස්ථායිතාවය, තියෙන ශාඛා ගණන, රක්ෂණ ගෙවීම් සිදු කරන ආකාරය වගේම ණය ශ්‍රේණි ගත කරන ආයතන වලින් ස්වාධීනව තක්සේරු කරලා තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ.

ගැළපෙන රක්ෂණ ඔප්පුවක් තෝරාගැනීම

ඔයා තෝරගන්න යන රක්ෂණ ඔප්පුවෙන් මොන වගේ අවධානම් තත්ත්වයන්ද ආවරණය වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ වගේම ඔයාට ලැබෙන ප්‍රතිලාභ, කොන්දේසි වගේම රක්ෂණ සැලැස්මේ කරුණු ගැන අවබෝධයක් ලබා ගන්න එකත් වැදගත්. ඔයා වාහනය පාවිච්චි කරන්නේ ඔයාගේ පෞද්ගලික ප්‍රයෝජනයටද, rent කරන්නද එහෙමත් නැත්නම් හයර් කරන්නද කියන දේ එක්ක රක්ෂණය තෝරාගන්න ඕනේ.

රක්ෂණ ඔප්පුවක් ලබා ගන්න පුළුවන් ස්ථාන

රක්ෂණ ඔප්පුවක් ලබා ගන්න පුළුවන් ස්ථාන විදිහට රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙන,

  1. රක්ෂණ සමාගම් විසින් සෘජුවම
  2. ලියාපදිංචි රක්ෂණ නියෝජිතයන් හා තැරැව්කරුවන් වෙතින්
  3. රක්ෂණ සමාගම් සමග බැංකු සුරැකුම් ක්‍රම ස්ථාපිත කරගත් බැංකු ආයතන මඟින්

දරන්නට පුළුවන් වාරිකයක් තෝරා ගැනීම

ඔයා ගන්න රක්ෂනාවරණයට ගෙවිය යුතු වාරිකය දරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා තව හිතන්න ඕනේ දෙයක් තමයි ඔයා තෝරාගන්න රක්ෂණාවරණය සඳහා ගෙවිය යුතු මුදල ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙනවද කියන එක. එක් එක් රක්ෂණ සමාගම මඟින් එකම වාහනයට ලබා දෙන මුදල් ප්‍රමාණය සහ ලබාදෙන සේවාවන් ගැන බලන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාට ලාබදායි රක්ෂණය මොකක්ද කියලා.

රක්ෂණ සමාගමෙන් ලැබෙන සේවාව

ඔයා තෝරගන්න රක්ෂණ සමාගමේ පැය 24 ක පාරිභෝගික සේවාවක් තියෙනවද, තක්සේරු කරුවන් යොමු කිරීමේ පහසුව තියෙනවද බලන්න. මොකද ඔයාට අනතුරක් සිදු වුණොත් වහාම ඒ ගැන රක්ෂණ සමාගම දැනුවත් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලැබෙන වාසි සහ අවාසි මොනවද කියලත් දැනුවත් වෙන්න. අනතුරක් වුණු වෙලාවට කොහොමද ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ කියන දේත් බලන්න.

Claim එක ගැන බලන්න

ඔයාට කොච්චර ඉක්මනට ඔයාගේ රක්ෂණයෙන් claim එක ගන්න පුළුවන්ද කියලා බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම claim එක ගන්න මොනවද ඉල්ලන document කියලා බලන්න. දැන් තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක paperless concept එක තමයි ගොඩක් දකින්න තියෙන්නේ. ඒක ඉතාම පහසු ක්‍රමයක්. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ අනතුරක් වුණාට පස්සේ රක්ෂණ ආයතනයට ඉදිරිපත් කරන්න ඕනේ දේවල් මොනවද කියලා.

මේ දේවල් තමයි motor insurance එකක් දාන්න කලින් සැළකිලිමත් වෙන්න ඕනේ දේවල්. දැන් ඔයාට පුළුවන් හොඳ insurance එකක් ගැන බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!