වාහනයක් පදින ඔයා කිසිම දවසක කරන්න හොඳ නැති වැරදි

time
මිනිත්තු 4 කියවීම
feature image

නිත්‍යානුකූල විදිහට මහා මාර්ගයේ රිය පදවන්න නම් අනිවාර්යයෙන්ම ඔබට රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ. රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ඔබට ලිඛිත පරීක්ෂණයකට වගේම ප්‍රායෝගික පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ පරීක්ෂණ වලට සූදානම් වීමේදී ඔබට මාර්ග නීති පිළිබඳව දැනුම ලබා දීම සිදු කරනවා. හැබැයි මහා මාර්ගයට ගියාම නම් ගොඩක් දෙනා මේ මාර්ග නීති පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකරන බව තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ.

මේ හේතුව නිසා මාර්ග අනතුරු පවා සිදු වෙනවා. සියලුම මාර්ග අනතුරු වලින් 99%ක්ම සිදුවන්නේ මිනිසුන්ගේ වැරදි නිසා බව ඔප්පු වෙලා තියෙනවා. අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයක් පදින ඔබ කිසිම දවසක කරන්න හොඳ නැති වැරදි කිහිපයක් ගැන.

Passing/overtaking lanes වල රැඳී සිටීම

සමහර රියදුරන් passing/overtaking lanes වල දිගටම රැදී සිටිමින් වාහන drive කරනවා ඔබ දැකලා ඇති. ඇත්තටම ඒක වැරදි වැඩක්. මෙම රියදුරන්ට passing/overtaking lane එක තියෙන්නේ පසුකර යෑමට සහ overtake කිරීමට බව අමතක වෙනවා. තමන් යම් වාහනයක් overtake කළ පසු අනෙක් රියදුරන්ට ඉඩ දී දකුණු පසට ගමන් කරන්න අමතක කරන්න එපා. ඔබ overtake නොකර එම මංතීරුවේ දිගටම ධාවනය කරන්නේ නම්, ඔබ නීතිය කඩ කරන අතර, රථවාහන අනතුරක් ඇති කිරීමට හේතුවක් වෙන්නත් පුලුවන්.

අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේම නතර කිරීම

කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ගමන් කරමින් සිටින අතරතුර brake කිරීම, මාර්ගවල සහ highways වල සිදුවන අනතුරුවලට ප්‍රධානතම හේතුවක්. කලින් සිතා බැලීමකින් හෝ ඇඟවීමකින් තොරව හදිසියේම වාහන නතර කිරීම අනතුරු රැසකට මඟ පාදනවා. ඉතින් ඒ නිසා අනෙක් රියදුරන්ට react කිරීමට සහ adjust කිරීමට කාලය ලබා දෙමින් සෙමින් හා ප්‍රවේශමෙන් වාහනය නවත්වන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔබට පිටුපසින් පැමිණෙන මෝටර් රථ පිළිබඳව සැමවිටම හොඳ අවධානයකින් සිටින්න.

Indicator signs භාවිතා නොකිරීම

මංතීරු වෙනස් කිරීමේදී හෝ හැරවීමේදී indicator භාවිතා කිරීම driving etiquette එකක් විතරක්ම නෙමෙයි. අනෙකුත් මෝටර් රථ රියදුරන්ට අපි ගන්නා ඉදිරි තීරණය ගැන දැනුම් දීම සඳහා තිබෙන ආරක්ෂක අංගයක් විදිහට indicators හඳුන්වන්න පුලුවන්. අප අසලින් හෝ පිටුපසින් සිටින රියදුරන් අප මාර්ගයේ සිදු කරන විට සිදු කරන වෙනස්කම් ගැන නොදන්නා විට, අනතුරු ඇඟවීමකින් තොරව අපගේ ක්‍රියා සඳහා react කරන්න පුලුවන්. මෙය අනතුරු සඳහා ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා සැම විටම Indicator signs භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අදාළ පියවර ගත් පසු indicator signs ක්‍රියාවිරහිත කිරීමට මතක තබා ගන්න.

හැරෙන විට මංතීරු මාරු කිරීම

වංගුවක් හරවන අතරතුර මංතීරු කිහිපයක් තරණය කිරීම කියන්නේ ඉතා අනතුරුදායක රිය පැදවීමේ වරදක්. ඉතින් මේ විදිහට වාහනය හැරවීමට මංතීරු කිහිපයක්ම භාවිතා කරනකොට, වෙනත් මංතීරුවල ගමන් කරන මෝටර් රථ සමඟ ගැටීමට ඉඩ තියෙනවා. ඒ නිසා මුලින්ම ඔබ සිටින මංතීරුවේ හැරවීම සිදු කර, පසුව ඔබේ මංතීරුව වෙනස් කිරීමට පුරුදු වෙන්න.

Brake මත කකුල තබාගෙන රිය පැදවීම

බොහෝ දෙනෙක් සිතන වැරදි දෙයක් තමයි වම් පාදය තිරිංග මත සහ දකුණු පාදය ඇක්සලරේටරය මත තබා ගැනීම ඉතා හොඳ දෙයක් බව. නමුත් මේ පුරුද්ද නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. එමඟින් ඔබ පසුපස ගමන් කරන අනෙක් රියදුරන්ට කරදරයක් වෙනවා වගේම ඉක්මනින්ම ඔබේ brake paddles ගෙවී යෑමටත් පුලුවන්. ඒ නිසා නිතරම වම් පාදය brake එකෙන් ඉවතට ගෙන drive කරන්න පුරුදු වෙන්න. අවශ්‍ය අවස්ථා වලදී පමණක් කකුල brake එක මත තබන්න.

කහ ඉරි අසල නතර නොවීම

මහා මාර්ග වල වාහන වගේම පදිකයනුත් ගමන් කරන්න ඕනේ. හැබැයි සමහර රියදුරන් හිතන්නේ නම් පාර තියෙන්නේ වාහන වලට යන්න විතරයි කියලා. ඒ නිසා පදිකයෙක් පාර මාරු වෙන්න හිටියත් ඒ ගැන වැඩි තැකීමක් නැතුව වාහනය drive කරන්න පෙළඹෙනවා. මේ වගේ අවස්ථා වලදී පදිකයාට වගේම රියදුරාටත් අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් ඒ නිසා ඒ වගේ අවදානමක් ගන්නේ නැතුව කහ ඉරි අසලදී වාහනයේ වේගය අඩු කරන්න පුරුදු වෙන්න.

වැරදි seating position එක

වාහනයක් drive කරනකොට අපි සුවපහසු විදිහට තමයි ඉඳගන්න ඕනේ. හැබැයි එම ඉරියව්ව ඕනෑවට වඩා සැපපහසු වීම එතරම් හොඳ දෙයක් නම් නෙමෙයි. මොකද ඔබගේ වැරදි seating position එක reaction time එකට සහ visibility එකට බාධාවක් වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා කෙලින් හිඳගෙන අත් දෙකම නිතරම සුක්කානම මත තබා ගැනීමට වගබලා ගන්න ඕනේ.

දුරකථනය භාවිතා කිරීම

වාහනයක් පදවන විට දුරකථන භාවිතා කිරීම හොඳ දෙයක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි ගොඩක් අය හිතනවා hands-free mode එකට දුරකථනය භාවිතා කළාට කමක් නැහැ කියලා. හැබැයි hands-free mode එක භාවිතයේදීත් රිය අනතුරු සිදු වීමේ හැකියාවක් තියෙනවා. මොකද සුක්කානම මත ඔබේ අත් දෙක තිබුණත්, ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ දුරකථන ඇමතුමට. ඒ නිසා hands-free mode එකේදී පවා දුරකථන ඇමතුමක සිටින ගමන් වාහනය පැදවීම රිය අනතුරු වලට හේතුවක් වෙන්න පුලුවන්.

ඉතින් මේ තමයි ඔබ වාහනයක් පදවන විට කිසිම දවසක කරන්න හොඳ නැති දේවල්. ඔබට තේරෙන්න ඇතිනේ ඇත්තටම අද කතා කරපු වැරදි නිසා රිය අනතුරු සිදුවෙන්න පුලුවන් ඉඩ වැඩියි කියලා. ඉතින් ඔබේ ආරක්ෂාවට වගේම, පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා නිසියාකාරව වාහනය පැදවීම ඔබේ වගකීමක් බවට පත් කරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!