කෙටිදුර වලට හොද petrol ද diesel ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් ගන්න කලින් මේ විදිහට හොයලා බලන එක ඇත්තටම වටිනවා. Motor Guide අපි හැමතිස්සෙම කියන්නේ වාහනයක් තෝරගන්න ඕනේ තමන්ගේ පාවිච්චිය අනුවයි. පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් දෙකේම වාසි වගේම අවාසිත් තියෙනවා. අපි මේවා එකින් එක පැහැදිලිව බලමු.

පෙට්‍රල් වාහනයක වාසි සහ අවාසි

පෙට්‍රල් එන්ජිමක් කියන්නේ සාමාන්‍යයෙන් සැහැල්ලු පාවිච්චියට සහ නගරය ඇතුළේ කෙටි දුර ගමන් වලට කදිම විසඳුමක්.

වාසි:

  • ආරම්භක පිරිවැය අඩුයි: සාමාන්‍යයෙන් එකම මාදිලියේ පෙට්‍රල් වාහනයක් ඩීසල් වාහනයකට වඩා මිලෙන් අඩුයි. ඒ නිසා වාහනයක් ගන්නකොටම ඔබට ලොකු මුදලක් ඉතිරි වෙනවා.
  • නඩත්තු වියදම් අඩුයි: පෙට්‍රල් එන්ජිමක කොටස් සරලයි. එන්ජින් ඔයිල් ධාරිතාව අඩුයි, ෆිල්ටර් වර්ග අඩුයි. ඒ වගේම ඕනෑම ගරාජ් එකකින් ලෙහෙසියෙන් හදාගන්න පුළුවන්. අපි කලින් කිව්වා වගේ පෙට්‍රල් එන්ජිමක් ඉතා ඉක්මනින් තමන්ගේ ක්‍රියාකාරී උෂ්ණත්වයට එනවා. මේ නිසා කෙටි දුරක් ගියත් එන්ජිමට වෙන හානිය අවමයි.
  • කම්පනය සහ ශබ්දය අඩුයි: වැදගත්ම දෙයක් තමයි පෙට්‍රල් එන්ජින් වල කම්පනය සහ සද්දය හරිම අඩුයි. ට්‍රැෆික් එකේ ඉන්නකොට මේක ලොකු සහනයක්.

අවාසි:

  • ඉන්ධන පිරිමැස්ම අඩුයි: ඩීසල් වාහන එක්ක බලද්දී පෙට්‍රල් වාහනයක ලීටරයකට දුවන කිලෝමීටර් ගණන සාපේක්ෂව අඩුයි.
  • Torque එක අඩුයි: බර පටවගෙන කඳු පල්ලම් යද්දී ඩීසල් එන්ජිමක තියෙන බලය පෙට්‍රල් වාහනයක දකින්න ලැබෙන්නේ නැහැ.
  • ඉන්ධන වියදම වැඩියි: ලංකාවේ සාමාන්‍යයෙන් පෙට්‍රල් මිල ඩීසල් වලට වඩා වැඩි නිසා මාසික ඉන්ධන වියදම වැඩි වෙන්න පුළුවන්.

ඩීසල් වාහනයක වාසි සහ අවාසි

ඩීසල් එන්ජිමක් කියන්නේ "වැඩකාරයෙක්" වගේ. ඒක නිර්මාණය කරලා තියෙන්නේ දුෂ්කර වැඩ සහ දිගු ගමන් වලටයි.

වාසි:

  • ඉහළ ඉන්ධන පිරිමැස්ම: පෙට්‍රල් වලට සාපේක්ෂව ඉහළ ඉන්ධන පිරිමැස්මක් තියෙනවා. ඩීසල් එන්ජිමක් ලීටරයකට වැඩි කිලෝමීටර් ගණනක් ධාවනය කරනවා. විශේෂයෙන්ම හයිවේ එකේ හෝ දුර ගමන් යද්දී මේක ලොකු වාසියක්.
  • ලොකු Torque එකක් තියෙනවා: ලොකු බරක් පටවගෙන යන්න, කඳු නැගීම වගේ වැඩ වලට ඩීසල් එන්ජිම ඉතාමත් සුදුසුයි.
  • එන්ජිමේ ආයු කාලය වැඩියි: නිසි විදිහට නඩත්තු කරලා දිගු දුර ධාවනය කරනවා නම්, ඩීසල් එන්ජිමක් පෙට්‍රල් එන්ජිමකට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

අවාසි:

  • නඩත්තු වියදම් අධිකයි: පෙට්‍රල් එකකට සාපේක්ෂව නඩත්තු වියදම් අධිකයි. ඩීසල් එන්ජිමක ඔයිල් මාරු කරන්න වැඩි මුදලක් යනවා. ඒ වගේම ඒකේ එන ඉන්ජෙක්ටර්, පම්ප් වගේ දේවල් අලුත්වැඩියා කරන්න වුණොත් ලක්ෂ ගණනින් වියදම් වෙනවා.
  • කෙටි දුර ධාවනයට නුසුදුසුයි: මේ එන්ජින් රත් වෙන්න වෙලාවක් යන නිසා කෙටි දුර ධාවනයේදී කාබන් බැඳීම සහ එන්ජිමේ දෝෂ එන්න තියන සම්භාවිතාව වැඩියි.
  • ශබ්දය සහ රළු බව වැඩියි: පෙට්‍රල් වලට සාපේක්ෂව ශබ්දය සහ රළු බව ඉතා වැඩියි. ඩීසල් එන්ජිමක සද්දය ගොඩක් වැඩියි. පරණ වෙන්න වෙන්න වාහනය ඇතුළට දැනෙන කම්පනය වැඩි වෙන්න පුළුවන්.
  • මිල අධිකයි: වාහනයක් මිලදී ගන්නකොට ඩීසල් මාදිලි වල මිල පෙට්‍රල් වලට වඩා ගොඩක් වැඩියි.

පෙට්‍රල් ද ඩීසල් ද?

ඔබ වාහනයක් තෝරාගනිද්දී සරල ගණිතයක් තියෙනවා. ඔබ වසරකට කිලෝමීටර් 15,000කට වඩා වැඩියෙන් දුවනවා නම් සහ නිතරම දිගු දුර ගමන් යනවා නම් ඩීසල් වාහනයක් වාසියි. මොකද එතකොට ඉන්ධන වලින් ඉතිරි වන මුදල නඩත්තු වියදම් වලට වඩා වැඩි වෙනවා.

හැබැයි ඔබේ ගමන් බිමන් තියෙන්නේ නගරය ඇතුළේ නම්, දවසට කිලෝමීටර් 10-20 වගේ ප්‍රමාණයක් නම් දුවන්නේ, අනිවාර්යයෙන්ම පෙට්‍රල් වාහනයකට යන්න. එතකොට ඔබට එන්ජිම ගැන බයක් නැතුව ඕනෑම කෙටි දුරක් යන්න පුළුවන් වගේම අනවශ්‍ය නඩත්තු වියදම් වලින් නිදහස් වෙන්නත් පුළුවන්.

මේ කරුණු ටික හොඳට හිතට ගන්න. වාහනයක් කියන්නේ ආයෝජනයක් වගේම ලොකු වගකීමක්. ඔබේ දෛනික රටාවට ගැලපෙනම දේ තෝරාගන්න එක තමයි නුවණට හුරු.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!