Hand brake ගැන හරියට දැනගමු

time
මිනිත්තු 5 කියවීම
feature image

මේක වාහනයක ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන වැදගත්ම, ඒත් ගොඩක් දෙනෙක් නිසි අවධානයක් යොමු නොකරන උපාංගයක් මොකද්ද ඒ, ඒ තමයි හෑන්ඩ් බ්‍රේක් (Hand brake) එහෙමත් නැත්නම් පාකින් බ්‍රේක් (Parking brake) කියන පද්ධතිය. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක වාහනය නවත්තලා තියෙද්දි විතරක් පාවිච්චි කරන දෙයක් කියලා. හැබැයි මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දන්නවා හෑන්ඩ් බ්‍රේක් එක කියන්නේ හදිසි අවස්ථාවකදී ඔබේ ජීවිතය බේරගන්න තියෙන අවසාන බාධකය කියලා. ඒ නිසා මේ ගැන තාක්ෂණිකව වගේම ප්‍රායෝගිකව නිවැරදිව දැනගෙන ඉන්න එක රියදුරෙක් විදියට ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා Motor Guide අපි හිතුව අද මේ ගැන කතා කරන්න.

හෑන්ඩ් බ්‍රේක් එකක් වැඩ කරන්නේ කොහොමද?

මුලින්ම බලමු හෑන්ඩ් බ්‍රේක් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි කකුලෙන් පාගන බ්‍රේක් එක ක්‍රියාත්මක වෙන්නේ හයිඩ්‍රොලික් පීඩනයෙන්. ඒ කියන්නේ බ්‍රේක් ඔයිල් හරහා රෝද හතරටම පීඩනය ගිහින් තමයි වාහනය නතර වෙන්නේ. හැබැයි හෑන්ඩ් බ්‍රේක් එක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ යාන්ත්‍රිකව, ඒ කියන්නේ මෙකෑනිකල් ක්‍රමයට. ඔබ හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක උඩට අදිනකොට ඒකට සම්බන්ධ කරලා තියෙන වානේ කේබල් එකක් මගින් පිටුපස රෝද දෙකේ තියෙන බ්‍රේක් පෑඩ් හෝ බ්‍රේක් ෂූස් තද කරනවා. මේක හදලා තියෙන්නේ ප්‍රධාන බ්‍රේක් පද්ධතිය අකර්මන්‍ය වුණොත් වාහනය පාලනය කරගන්න පුළුවන් විකල්ප ක්‍රමයක් විදියටයි. අන්න ඒ නිසයි තමයි මේකට "Emergency Brake" කියලත් කියන්නේ.

හෑන්ඩ් බ්‍රේක් වර්ග

හෑන්ඩ් බ්‍රේක් වර්ග කිහිපයක්ම අද වෙද්දි වෙළඳපොළේ තියෙන වාහනවල දැකගන්න ලැබෙනවා. පරණ වාහනවල සහ ගොඩක් සාමාන්‍ය වාහනවල තියෙන්නේ අතින් අදින ලිවර් එකක් සහිත හෑන්ඩ් බ්‍රේක් එක. සමහර වෑන් රථ සහ පැරණි වාහනවල ඩෑෂ් බෝඩ් එක යටින් අදින "Pull-type" බ්‍රේක් තියෙනවා. ඒ වගේම මෑතකදී ආපු සුඛෝපභෝගී වාහනවල තියෙන්නේ ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් (EPB) පද්ධතියක්. මෙතනදී වෙන්නේ කුඩා ස්විච් එකක් එබුවම මෝටරයක් මගින් බ්‍රේක් තද වෙන එකයි. මේ මොන වර්ගය වුණත් මූලික සිද්ධාන්තය එකමයි. හැබැයි ඉලෙක්ට්‍රොනික ක්‍රමයේදී වාහනය ස්වයංක්‍රීයවම බ්‍රේක් නිදහස් කිරීම වගේ අමතර පහසුකම් ලැබෙනවා.

Handbrake Mechanism

නිවැරදිව භාවිතා කරන ආකාරය

හෑන්ඩ් බ්‍රේක් එකක් පාවිච්චි කරද්දි ගොඩක් අය කරන වැරැද්දක් තමයි ලිවර් එකේ තියෙන බොත්තම ඔබාගෙනම උඩට ඇදීම. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දෙන උපදෙස තමයි, ඔබ හෑන්ඩ් බ්‍රේක් එක අදිනකොට ඒකෙන් එන "කිරි කිරි" ශබ්දය ඇහෙන විදියට බොත්තම ඔබන්නෙන් නැතුව උඩට අදින්න කියන එක. ඒ ශබ්දය එන්නේ "Ratchet mechanism" එක හරහායි. ඒකෙන් හෑන්ඩ් බ්‍රේක් එක නිවැරදි මට්ටමට ලොක් වුණාද කියලා අපිට දැනගන්න පුළුවන්. හැබැයි නිදහස් කරද්දී (Release කරද්දී) අනිවාර්යයෙන්ම බොත්තම ඔබලාම පහළට දාන්න ඕනේ. ඒ වගේම හෑන්ඩ් බ්‍රේක් එක ඕනෑවට වඩා හයියෙන් උඩටම අදින්න එපා. ඒකෙන් කේබල් එක ඇද වෙන්න හෝ කැඩෙන්න පුළුවන්. බ්‍රේක් එක තද වුණා කියලා දැනෙන මට්ටමට ඇද්දම ප්‍රමාණවත්.

කන්දක වාහනයක් නවත්වන විට

කන්දක වාහනය නවත්තලා තියෙද්දි හෑන්ඩ් බ්‍රේක් එක විතරක් විශ්වාස කරන එකත් අවදානම් වෙන්න පුළුවන්. ඒ නිසා කන්දක ඉහළට මුහුණලා නවත්වනවා නම් වාහනය පළමු ගියර් එකට (1st Gear) දාලා තියන්න, ඒ වගේම පහළට මුහුණලා නවත්වනවා නම් රිවර්ස් ගියර් එකට (Reverse Gear) දාලා තියන්න කියලා. එතකොට හෑන්ඩ් බ්‍රේක් එක මොන යම් හේතුවකින් හෝ ලිස්සා ගියොත් එන්ජිමේ ප්‍රතිරෝධය නිසා වාහනය පල්ලමට යන එක නතර වෙනවා.

ස්වයංක්‍රීය (Auto) වාහනයක් නම් අනිවාර්යයෙන්ම "P" ගියර් එකට දාන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, පී ගියර් එකට දාන්න කලින් හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා වාහනය නවත්තගන්න. නැත්නම් මුළු වාහනයේම බර ගියර් බොක්ස් එකේ තියෙන පොඩි පින් එකක් (Parking Pawl) මත රැඳිලා ඒක කැඩෙන්න ඉඩ තියෙනවා.

Electronic Parking Brake (EPB) Switch

නඩත්තුව සහ සැලකිලිමත් විය යුතු කරුණු

තවත් වැදගත් කරුණක් තමයි හෑන්ඩ් බ්‍රේක් එකේ නඩත්තුව. ගොඩක් අය හෑන්ඩ් බ්‍රේක් එක ගැන බලන්නේ වාහනය දුම් පරීක්ෂාවට (Eco test) දාන්න යනකොට විතරයි. ඔබේ හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක ගොඩක් උඩට ඇදෙනවා නම්, ඒ කියන්නේ කේබල් එක බුරුල් වෙලා හෝ පෑඩ් ගෙවිලා කියන එකයි. සාමාන්‍යයෙන් "ක්ලික්" ශබ්ද 5ක් හෝ 7ක් ඇදෙද්දී බ්‍රේක් එක තද වෙන්න ඕනේ. ඊට වඩා උඩට යනවා නම් වහාම කාර්මික ශිල්පියෙක් ලවා ඒක ඇජස්ට් කරගන්න. ඒ වගේම දිගු කාලයක් වාහනය පාවිච්චි නොකර නවත්වලා තියනවා නම් (උදාහරණයක් විදියට සති කිහිපයක්), හෑන්ඩ් බ්‍රේක් එක තද කරලා තියන්න එපා. එහෙම වුණොත් බ්‍රේක් ෂූස් හෝ පෑඩ් ඩ්‍රම් එකට ඇලිලා පස්සේ වාහනය ගන්න යනකොට රෝද හිර වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට රෝදවලට ගල් හෝ ලී කොට තියලා හෑන්ඩ් බ්‍රේක් එක නිදහස් කරලා තියන්න. විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තමයි, වාහනය ධාවනය කරන අතරතුර හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා තිබුණොත් බ්‍රේක් පද්ධතිය අධික ලෙස රත් වෙලා විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන පිරිමැස්ම අඩු වෙනවා. ඒ නිසා වාහනය පණගන්වලා ඉදිරියට යන්න කලින් ඩෑෂ් බෝඩ් එකේ තියෙන රතු පාට බ්‍රේක් ලයිට් එක නිවිලා තියෙනවද කියලා සැක හැර දැනගන්න.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින තවත් දෙයක් තමයි වැසි දිනවල වතුර වලවල් මැදින් ගිහින් වාහනය නැවැත්වූ සැනින් හෑන්ඩ් බ්‍රේක් ඇදීම. එහිදී බ්‍රේක් වල ඇති තෙතමනය නිසා පසු දින රෝද හිරවීමේ සම්භාවිතාව වැඩියි. ඒ නිසා ටික දුරක් බ්‍රේක් පාවිච්චි කරලා තෙතමනය වියළා ගත්තාට පස්සේ වාහනය නවත්වන්න.

Motor Guide අපේ උපදෙස

අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස තමයි, හෑන්ඩ් බ්‍රේක් එක කියන්නේ නිකම්ම උපකරණයක් නෙවෙයි, ඒක ඔබේ වාහනයේ අවසාන ආරක්ෂකයා. මාස හයකට වරක්වත් හෑන්ඩ් බ්‍රේක් කේබල් එකට ඔයිල් ටිකක් දාලා, ඒකේ නිදහස් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරගන්න. ඒ වගේම හදිසියේවත් ප්‍රධාන බ්‍රේක් අකර්මන්‍ය වුණොත්, එකපාරටම හෑන්ඩ් බ්‍රේක් එක උඩටම අදින්න එපා. එහෙම වුණොත් රෝද ලොක් වෙලා වාහනය පාලනයෙන් තොරව කැරකෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බොත්තම ඔබාගෙන හෙමින් හෙමින් බ්‍රේක් එක තද කරමින් වාහනයේ වේගය පාලනය කරගන්න උත්සාහ කරන්න. මේ දේවල් නිවැරදිව පිළිපැද්දොත් ඔබේ වාහනයට වගේම ඔබටත් උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.

නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න Motor Guide අපිව follow කරන්නත් අමතක කරන්න එපා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!