වාහනයක් Brake කරන විධි

time
මිනිත්තු 6 කියවීම
feature image

වාහනයක් නිවැරදිව සහ ආරක්ෂිතව නවත්වන විදි ගැන පැහැදිලි දැනගෙන සිටීම ඉතා වැදගත් ඒ නිසා Motor Guide අපි හිතුව වාහනයක් නිවැරදිව brake කරගන්න විදිහ ගැන කතා කරන්න.

වාහනයක් නවත්වන එක කියන්නේ නිකන්ම බ්‍රේක් එක පාගන එක නෙවෙයි, ඒක ටිකක් සැලකිලිමත් වෙන්න ඕන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් Brake කරන නිවැරදි විදි කිහිපයක් තියනවා. (Manual/Automatic)

සාමාන්‍ය තත්ත්වයන් යටතේ වාහනයක් නවත්වද්දී මේ විදිහට කරන්න. මුලින්ම කරන්න ඕන දේ තමයි හැමවිටම ඈතින් අපට පෙනෙන්නට තියන මාර්ගයේ තත්වය — ඒ කියන්නෙ රථවාහන ලයිට්, පදික මාරු, ඉස්සරහ වාහනවල වේගය අඩු වෙන හැටි, නැත්නම් ඔබ යන්න ඕන තැන පේන විදිහට කලින්ම නවත්වන්න ලෑස්ති වෙන්න.

මෙහෙම මාර්ගය ගැන හොද අවදානයකින් ගමන් කලොත් කලින්ම තීරණ ගැනීමෙන් ඔබට හදිසියේ brake කරන්න වෙන්නේ නැහැ. ක්‍රමයෙන් Brake (Progressive Braking) කරල වාහනය අපහසුවකින් තොරන නවතා ගන්න පුළුවන්. මේක තමයි වඩාත්ම වැදගත් දේ. මුලින්ම ඇක්සලරේටර් එකෙන් (ගෑස් පැඩලය) කකුල අයින් කරලා, ඊටපස්සේ හොඳටම හෙමින් බ්‍රේක් පැඩලය පාගන්න පටන් ගන්න. brake පැඩලය පාගන පීඩනය ටිකෙන් ටික, ක්‍රමානුකූලව වැඩි කරන්න. වාහනය වේගය අඩු වෙනකොට බ්‍රේක් පීඩනය ටිකක් අඩු කරන්න. මේ විදියට කලහම වාහනය නතර වෙන්නේ ඉතාමත් සුමටව (Smoothly), අපිව ඉස්සරහට විසිවෙන්නේ නැති වෙන්න. වාහනය සම්පූර්ණයෙන්ම නතර වෙන්න ආසන්න වන විට, බ්‍රේක් පැඩලයේ පගා ඇති පීඩනය සුළු වශයෙන් ලිහිල් කරන්න. මේකෙන් වාහනය 'ජර්ක්' වෙන්නේ නැතිව, ඉතාමත් සුවපහසු විදිහට නතර වෙනවා. (මේකට තමයි සමහර වෙලාවට 'chauffeur stop' කියලත් කියන්නේ).

Manual වාහනයකදී

Manual Vehicle Braking

Gear මාරු කිරීම (Downshifting/Engine Braking)

මේක ගොඩක් වැදගත් වෙන්නෙ දිගු බැස්මක් බහිනකොට හෝ වේගය ඉක්මනින් අඩු කරන්න ඕන නම් තමයි. එහෙම අවස්ථාවකදී ගියර් අඩු කරමින් (උදා: 4 සිට 3ට, 3 සිට 2ට) එන්ජින් බ්‍රේකින් එක පාවිච්චි කරන්න. මේකෙන් ප්‍රධාන බ්‍රේක් පද්ධතියට වෙන හානිය අඩු වෙනවා. නමුත් සාමාන්‍යයෙන් නවත්වද්දී ගියර් ගොඩක් පහළට දානවාට වඩා, බ්‍රේක් කරලා අවසන් මොහොතේ ක්ලච් එක අල්ලා ගැනීම පහසුයි.

හදිසි අවස්ථාවකදී (Emergency Braking)

ABS (Anti-lock Braking System) තියෙනවා නම් බ්‍රේක් පැඩලය හැකි තරම් තදින් සහ නොනවත්වා පාගන්න (Stomp and Stay). හැබැයි කිසිම වෙලාවක පැඩලය 'පම්ප්' කරන්න එපා. ABS පද්ධතිය ඒ වැඩේ ඉක්මනින්ම කරනවා. ඔබට පැඩලය ගැහෙනවා වගේ දැනෙන්න පුළුවන්, ඒක සාමාන්‍යයි. තවද, බ්‍රේක් කරමින්ම සුළු වශයෙන් වාහනය මෙහෙයවා (steer කර) බාධක මගහැරීමට ඔබට පුළුවන්.

ABS නැතිනම් මේකට කියන්නේ Threshold Braking කියලා. බ්‍රේක් එක තදින් ඔබලා රෝද ලොක් වෙන්න ආසන්න වන මොහොතට පස්සේ, රෝද ලොක් වෙනවා නම්, පීඩනය සුළු වශයෙන් ලිහිල් කරලා ආපහු තද කරන්න. එහෙම කරන්න හේතුව තමයි රෝද ලොක් නොවී, උපරිම බ්‍රේක් බලය ලබා ගැනීම. (මෙය අමාරු නිසා, නවීන වාහනවල ABS තිබීම ඉතාම හොඳයි).

බැස්මක් බහින විට (Driving Downhill)

Driving Downhill Braking

හදිසියේ බ්‍රේක් නැතිවුණොත් ඇතිවෙන තත්ත්වය ඉතාම භයානකයි, ඒත් ඒ අවස්ථාවකදී ජීවිතේ බේරගන්න සහ අනතුර අවම කරගන්න ඔබට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මේක හදිසි අවස්ථාවක් නිසා, ඔබ ඉක්මනින් සහ සන්සුන්ව ක්‍රියාත්මක විය යුතුයි.

මෙහෙම හදිසියේ Brake නැතිවුණොත් පළවෙන්ම හදිසි අනතුරු ආලෝක (Hazard Lights) දමන්න. එහෙම කරන්නෙ ඔබ සිටින්නේ අතිශය අනතුරුදායක තත්ත්වයක බව සහ අනෙකුත් රියදුරන්ට අනතුරු ඇඟවීමටයි.

ඊටපස්සෙ බ්‍රේක් පැඩලය ඉක්මනින් සහ තදින්, නැවත නැවතත් (Pump) කරන්න. එහෙම කරන්නෙ බ්‍රේක් සිස්ටම් එකේ පොඩි අවුලක් හෝ අඩුපාඩුවක් (උදා: තෙල් රිසාර්වර් එකේ අඩුපාඩුවක්) තියෙනවා නම්, මේ 'පම්ප්' කිරීමෙන් ඉතුරු වෙලා තියෙන පීඩනය ටිකක් හරි ඇති කරලා බ්‍රේක් ටිකක් හරි යොදාගන්න උත්සාහ කරන්නයි. මේක හරිගියේ නැත්තන් Handbrake (පාක් බ්‍රේක්) භාවිතා කරන්න. Handbrake එක එකපාරටම තදින් අදින්න එපා ඒකෙන් රෝද ලොක් වෙලා වාහනය පාලනයෙන් තොර වෙන්න පුළුවන්. ඒ කියන්න වාහනය කැරකිල යන්න පුළුවන්. නිවැරදි විදිය තමයි Handbrake එක ක්‍රමානුකූලව අදින්න. බ්‍රේක් බලය දැනෙනකොට හෙමින් හෙමින් පීඩනය වැඩි කරන්න. මේකෙන් පිටිපස්සේ රෝද නවත්වනවා. මේකෙන් වාහනයේ වේගය අඩු වෙනවා. ඒ එක්කම ඔබේ වාහන Manual වාහනයක් නම් Gear අඩු කරන්න (Downshift). එකවර ගියර ගොඩක් අඩු කරන්නේ නැතිව, ක්‍රමානුකූලව ගියරයක් පාසා පහළට මාරු කරන්න. (උදා: 4ට ඉඳන් 3ට, ඊළඟට 2ට). හේතුව තමයි මේකෙන් Engine Braking (එන්ජිමෙන් නවත්වන බලය) ඇති වෙනවා.

Automatic වාහන නම් ගියර් ලිවරය 'D' (Drive) ඉඳන් '3', '2', 'L' (Low) වැනි පහළ ගියර්වලට මාරු කරන්න. නමුත් වාහනය ඉතා අධික වේගයකින් යනවා නම්, එකවරම '1' හෝ 'L' ට දාන්න එපා. ඒකෙන් එන්ජිමට හානි වෙන්න පුළුවන්. වාහනය සුරක්ෂිත තැනකට යොමු කරන්න (Steer to Safety). වටපිට බලන්න පාරේ ඇති බාධක (Barrier), වැලි ගොඩවල්, පඳුරු සහිත ප්‍රදේශ හෝ කන්දක බෑවුමක නම් ඉහළට යන මාර්ගයක් වැනි අඩු අනතුරුදායක ස්ථාන සොයන්න. එකට හේතුව තමයි වාහනය ස්වභාවිකව නවත්වන යම් බාධකයකට හෙමින් යොමු කිරීම. එමගින් ද අපිට වාහනය මණ්දගාමී කරන්න පුලුවන්.

ඔබේ වාහනය EPB නම්

Electronic Parking Brake

ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එකක් (Electronic Parking Brake - EPB) සහිත වාහනයක ප්‍රධාන බ්‍රේක් (Brake Pedal) අසාර්ථක වුවහොත්, වාහනය නවත්වා ගැනීමට කළ යුතු දේ තමයි මේ කියන්න යන්නෙ.

බොහෝ නවීන වාහන වල, EPB ස්විචය රිය පැදවීමේදී හදිසි බ්‍රේක් එකක් ලෙස භාවිතා කිරීමට නිපදවල තියනව.

බ්‍රේක් නැති වුන වෙලාවට මේ EPB ස්විචය අල්ලාගෙන සිටින්න (Pull and Hold the Switch). සාමාන්‍යයෙන්, ඔබ පාකින් බ්‍රේක් එක දැමීමට ස්විචය එක වරක් ඇද මුදා හරිනවනෙ, නමුත් හදිසි අවස්ථාවකදී, ඔබ ස්විචය අල්ලාගෙන (අදින්න/ඇතුලට තල්ලු කරන්න - ඔබේ වාහනයේ ආකාරය අනුව) වාහනය නතර වන තුරුම එසේ තබා ගත යුතුය. මෙය කළ විට EPB එක වරක් ගැස්සී රෝද ලොක් වීම වෙනුවට, වාහනයේ වේගය අඩු කරන (Decelerate) ආකාරයට ක්‍රමයෙන් බ්‍රේක් බලය යොදනවා. බොහෝ විට මෙහිදී Anti-lock Braking System (ABS) පද්ධතියද ක්‍රියාත්මක වේනවා. කිසිවිටක එක වරට ස්විචය ඇද මුදා නොහරින්න. එය රෝද ක්ෂණිකව ලොක් කර වාහනය ලිස්සා යාමට (Skid) හේතු විය හැක.

එන්ජින් බ්‍රේක් කිරීම (Engine Braking) EPB භාවිතා කරන අතරතුර, වාහනයේ වේගය ක්‍රමයෙන් අඩු කර ගැනීමට ගියර් පහළට මාරු කරන්න (Downshift). ඔබේ වාහනය ඔටෝමැටික් නම්, "L" (Low) හෝ "+"/"-" පැඩල්/බොත්තම් (Manual Mode/Paddle Shifters) භාවිතයෙන් පහළ ගියර් වලට මාරු කරන්න. ඔබේ වාහනය මැනුවල් නම්, එක් ගියරයකින් ඊළඟ පහළ ගියරයට ක්‍රමයෙන් මාරු කරන්න.

සුක්කානම පාලනය (Steering Control) බ්‍රේක් කරන විට වාහනය පාරේ තබා ගැනීමට සුක්කානම ස්ථාවරව තබා ගන්න. EPB මගින් බ්‍රේක් බලය යෙදෙන විට වාහනය ටිකක් අස්ථායී විය හැක. නමුත් ඔබට එය පාලනය කරගන්න පුළුවන්.

අනතුරු ඇඟවීම (Warning) හැකිනම්, හසාර්ඩ් ලයිට් (Hazard Lights) දමා හෝ හෝන් එක භාවිතා කර අවට රියදුරන්ට අනතුරු අඟවන්න.

ඉතා වැදගත් කරුණ

EPB යනු ප්‍රධාන බ්‍රේක් පද්ධතියට ආදේශකයක් නොවේ. එය සැලසුම් කර ඇත්තේ හදිසි අවස්ථාවකදී පමණක් භාවිතා කිරීමටයි. ඔබේ වාහනයේ හිමිකරුගේ අත්පොත (Owner's Manual) පරීක්ෂා කර බලා ඔබේ විශේෂිත වාහන මාදිලියේ EPB හදිසි අවස්ථාවක භාවිතා කරන නිවැරදි ක්‍රමය හරියටම දැන ගන්න.

Contact Braking භාවිතය

Contact Braking භාවිතා කරන්න (අවසාන විකල්පය). ඔබ සිටින්නේ කඳුකර ප්‍රදේශයක හෝ නගරයේ තදබදය ඇති ප්‍රදේශයක නම් සහ වෙනත් විකල්පයක් නැතිනම් පමණක් මෙය කරන්න. වාහනය වෙනත් වස්තුවක ගැටීමට හෙමින් යොමු කරන්න. උදාහරණයක් ලෙස පාර දෙපස ඇති ගාඩ් රේල් (Guard Rail) හෝ බැම්මක වාහනයේ පැත්තක් හෙමින් අල්ලගෙන යන්න. අවසාන විකල්පය ලෙස ඔබට වඩා විශාල හා බර වාහනයක (උදා: බස් රථයක පිටුපස) ටිකක් ගෑවී ගෑවී වේගය අඩු කරගන්න උත්සාහ කරන්න. නමුත් මේ ක්‍රමය ඉතා අනතුරුදායකයි, නමුත් ජීවිතය බේරගැනීමට වෙනත් විකල්පයක් නැතිනම් පමණක් මෙය කරන්න.

ප්‍රධාන වශයෙන් මතක තබාගත යුතු දේ

  • සන්සුන්ව සිටින්න. කලබල වීමෙන් තීරණ ගැනීමේ හැකියාව නැති වෙනවා.
  • ගියර් අඩු කිරීම සහ Handbrake භාවිතා කිරීම යන මේ ක්‍රම දෙක එකවරම, නමුත් ක්‍රමානුකූලව කළ යුතුයි.
  • වාහනය සම්පූර්ණයෙන්ම නතර වූ පසු, වාහනය පාරෙන් අයින් කරලා, අනෙකුත් වාහනවලට බාධාවක් නොවන තැනක නවත්වා, වහාම යාන්ත්‍රික ශිල්පියෙකු අමතන්න.

මේ තත්ත්වය ඉතාම භයානක වුවත්, ඔබ සන්සුන්ව ඉහත පියවර අනුගමනය කළහොත් අනතුර අවම කරගැනීමට අවස්ථාවක් තිබෙනවා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!