වාහනයකට Hazard light මොකටද?

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහන ගැන උනන්දු වෙන ඔයාලා හැමෝම දැනගන්න ඕන වැදගත් මාතෘකාවක් තමයි මේ Hazard Lights කියන්නෙ එහෙමත් නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන "ඩබල් සිග්නල්" භාවිතය. ගොඩක් වෙලාවට පාරවල් වල යනකොට අපි දකින දෙයක් තමයි, රියදුරන් මේ ලයිට් එක පාවිච්චි කරන්න ඕන තැන් සහ නොකළ යුතු තැන් පටලවාගෙන ඉන්නවා. ඉතින් අද Motor Guide අපි හිතුව මේ ගැන තාක්ෂණිකවත්, ප්‍රායෝගිකවත් නිවැරදි අවබෝධයක් ලබාදෙන්න.

මොකක්ද මේ Hazard Light එකක් කියන්නේ?

සරලවම කිව්වොත්, වාහනයක තියෙන ඉස්සරහා සහ පිටුපස සිග්නල් ලයිට් හතරම එකපාර පත්තුවීම තමයි මෙතනදි වෙන්නේ. මේකෙන් අනිත් රියදුරන්ට දෙන්නේ එකම එක පණිවිඩයයි. ඒ තමයි, "මගේ වාහනය නිසා පාරේ අනිත් අයට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා අවධානයෙන් ඉන්න" කියන එක. මේක වාහනයක් පාරේ නවත්තලා තියෙනවා කියලා කියන්න පාවිච්චි කරන ලයිට් එකක් නෙමෙයි, ඒක "හදිසි අවස්ථාවක්" පෙන්නුම් කරන සලකුණක්.


වාහනය කාර්මික දෝෂයකට ලක්වුණාම

ඔයා පාරේ යනකොට හදිසියේම වාහනය නතර වුණොත්, එන්ජිම ලොක් වුණොත්, එහෙමත් නැත්නම් රෝදයක හුළං ගිහින් වාහනය පාලනය කරගන්න අමාරු වුණොත්, අන්න ඒ වගේ වෙලාවක මේ ලයිට් එක දාන්න ඕනේ. විශේෂයෙන්ම පාරේ අයිනකට වාහනය ගන්න බැරුව පාර මැද නතර වුණොත්, පිටුපසින් එන රියදුරන්ට දුර තියාම පේන්න ඕනේ ඔයාගේ වාහනය අකර්මන්‍ය වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔවුන්ට පුළුවන් තමන්ගේ වේගය පාලනය කරගෙන, ඔයාගේ වාහනය මගහැරලා යන්න. මතක තියාගන්න, වාහනය අයිනකට කරලා නතර කරාට පස්සෙත්, පාරේ ඉඩ කඩ මදි නම් හෝ අඳුරු තැනක නම් මේ ලයිට් එක දිගටම දාලා තියන්න ඕනේ.

පාරේ තියෙන බාධක ගැන අනිත් අයට කියන්න

අපි හිතමු ඔයා වේගයෙන් යනකොට ඉස්සරහින් ලොකු ගහක් කඩන් වැටිලා තියෙනවා දකිනවා, නැත්නම් ලොකු අනතුරක් වෙලා පාර අවහිර වෙලා තියෙනවා දකිනවා. ඔයා ඒ වෙලාවේ තදින් බ්‍රේක් කරනවා නම්, පිටුපසින් එන කෙනා ඒක දන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවක හදිසියේම බ්‍රේක් කරන ගමන් Hazard light එක දැම්මොත්, පිටුපස රියදුරා දැනගන්නවා ඉස්සරහ මොකක් හරි ලොකු ගැටලුවක් තියෙනවා, ඒ නිසා වේගය අඩු කරන්න ඕනේ කියලා. මේකෙන් ලොකු රිය අනතුරු දාමයක් වළක්වගන්න පුළුවන්.

ටොවිං (Towing) කරන අවස්ථාවකදී

ඔයා තවත් වාහනයක් ඇදගෙන යනවා නම් (Towing), ඇදගෙන යන වාහනය සහ ඇදෙන වාහනය දෙකේම මේ ලයිට් එක දාන එක වැදගත්. මොකද ඒ වාහන දෙක සාමාන්‍ය වේගයට වඩා අඩුවෙන් යන්නේ සහ ඒ දෙක අතර කඹයක් හෝ දාමයක් තියෙන නිසා අනිත් අයට ඒක අනතුරුදායක වෙන්න පුළුවන්. ඒත් මෙතනදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා, Hazard දාලා තියෙන වෙලාවට සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා හැරෙන වෙලාවට Hazard නිවලා, අදාළ පැත්තට සිග්නල් එක දාලා, හැරුණට පස්සේ ආයෙත් Hazard දාන්න ඕනේ.


වැරදි භාවිතයන්: මේවා කවදාවත් කරන්න එපා!

දැන් අපි කතා කරමු අපේ අය කරන ලොකුම වැරදි ගැන.

  • හතරමං හන්දියකදී කෙලින් යාම: ගොඩක් අය හිතාගෙන ඉන්නේ හතරමං හන්දියකදී කෙලින් යනවා නම් Hazard light දාන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණ වැරදි වැඩක්. ඔයා කෙලින් යනවා නම් කිසිම සිග්නල් එකක් දාන්න ඕනේ නැහැ. හතරමං හන්දියක Hazard දාලා යනකොට, පැත්තකින් එන රියදුරෙකුට පේන්නේ එක පැත්තක සිග්නල් එකක් විතරයි. එතකොට එයා හිතනවා ඔයා ඒ පැත්තට හැරෙනවා කියලා. ඒකෙන් ලොකු අනතුරක් වෙන්න පුළුවන්.
  • වැස්ස වෙලාවට Hazard light දාගෙන යාම: වැස්ස වෙලාවට මේක දැම්මම පිටුපස එන කෙනාට ඔයා බ්‍රේක් කරනවද, සිග්නල් දානවද කියලා හරියට පේන්නේ නැහැ. ඒ වගේම ඒ ලයිට් එක පාරේ වතුරට පරාවර්තනය වෙලා අනිත් රියදුරන්ගේ ඇස් නිලංකාර වෙන්න පුළුවන්. අධික මීදුම හෝ වැස්ස තියෙනවා නම් කරන්න ඕනේ Fog lights සහ සාමාන්‍ය හෙඩ් ලයිට් දාන එක මිස Hazard දාන එක නෙමෙයි.

තාක්ෂණිකව සැලකිලිමත් විය යුතු කරුණු

වාහනයක Hazard light එක ක්‍රියාත්මක වෙන්නේ කෙලින්ම බැටරියෙන් (Direct Battery Connection). ඒ කියන්නේ වාහනයේ යතුර (Switch) එක ඕෆ් කරලා තිබුණත් මේ ලයිට් එක වැඩ කරනවා. ඒ නිසා ඔයා වාහනය පාර අයිනේ දාලා යනකොට පැය ගණන් මේක දාලා තිබ්බොත් බැටරිය බැසීමට (Battery Drain) ලොකු ඉඩක් තියෙනවා. විශේෂයෙන්ම පැරණි වාහන වල සාමාන්‍ය බල්බ පාවිච්චි කරන නිසා විදුලිය වැයවීම වැඩියි. අලුත් වාහන වල LED තියෙන නිසා ඒ ප්‍රශ්නය පොඩ්ඩක් අඩුයි. ඒත් හදිසි අවස්ථාවක මිසක් අනවශ්‍ය වෙලාවට මේක දාලා තියන්න එපා.

තවත් දෙයක් තමයි, සමහර නවීන වාහන වල හදිසියේ තදින් බ්‍රේක් ගැහුවොත් (Emergency Braking), ඔටෝමැටිකවම Hazard light පත්තු වෙනවා. ඒක නිෂ්පාදකයා විසින්ම දීලා තියෙන ආරක්ෂිත උපක්‍රමයක්.

අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස

පාරේ යනකොට විනයගරුක රියදුරෙක් වෙන්න. Hazard light එක කියන්නේ "මට ඕන තැනක වාහනය නවත්තන්න බලපත්‍රයක්" නෙමෙයි. පාර මැද වාහනය නවත්තලා පාන් ගන්න යනකොට, පාර අයිනේ නතර කරලා පෝන් එකෙන් කතා කරනකොට මේ ලයිට් එක දාන එක වැරදියි. ඒ වගේ වෙලාවට ඔයා පාවිච්චි කරන්න ඕනේ Parking Lights.

Hazard light එක පාවිච්චි කරන්න ඕනේ ඇත්තටම "අනතුරක්" ගැන සංඥා කරන්න විතරයි. නිවැරදිව සිග්නල් පාවිච්චි කිරීමෙන් ඔයාගේ ජීවිතය වගේම පාරේ යන අනිත් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. අපි හැමදාම කියන්නේ, වාහනයක තියෙන හැම ස්විච් එකක්ම හදලා තියෙන්නේ නිශ්චිත හේතුවකට. ඒ හේතුව දැනගෙන පාවිච්චි කරන එකයි බුද්ධිමත් රියදුරෙකුගේ ලක්ෂණය වෙන්නෙ.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!