How to Properly Park an Auto Gear Vehicle

time
මිනිත්තු 3 කියවීම
feature image

Auto Gear වාහනයක් හරියට Park කරමු

ඔටෝ ගියර් (Autogear/Automatic) වාහනයක් නිවැරදිව සහ ආරක්ෂිතව නවත්වන (park කරන) ආකාරය ගැන Motor Guide අපි සවිස්තරාත්මකව සහ ප්‍රායෝගිකව කතා කරන්න හිතුව.

ඔටෝ ගියර් වාහනයක් නිවැරදිව Park කරන්නෙ කොහොමද?

අද වන විට බොහෝ දෙනෙක් ස්වයංක්‍රීය ගියර් පද්ධතිය (Autogear) සහිත වාහන භාවිත කරනවා. මෙම වාහන ධාවනය කිරීම පහසු වුවත්, නිවැරදිව සහ ආරක්ෂිතව නවතා තැබීම (Parking) ගැන බොහෝ දෙනෙක් එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔටෝ ගියර් වාහනයක් නවත්වන විට, ඔබ අනුගමනය කළ යුතු නිවැරදි පියවර සහ එම පියවරයන් පිටුපස ඇති වැදගත්කම අපි මේ විදියට පැහැදිලි කරගමු.

මේක ඔබේ වාහනයේ ගියර් පෙට්ටිය (Transmission) දිගු කාලයක් ආරක්ෂා කර ගැනීමටත්, වාහනය ලිස්සා යාමෙන් වළක්වා ගැනීමටත් ඉතාම වැදගත්.

නිවැරදි Parking කිරීමේ පියවර බලමු

ඔබේ ඔටෝ ගියර් වාහනය (පාරේ, ගරාජයක, හෝ පල්ලම් සහිත තැනක වුවත්) නවත්වන විට, සෑම විටම පහත සඳහන් පියවර 3 අනුගමනය කරන්න.

පියවර 1:

වාහනය සම්පූර්ණයෙන් නවතන්න.
ඔබ වාහනය නැවැත්වීමට බලාපොරොත්තු වන ස්ථානයට පැමිණි පසු, ගියර් එක 'Drive' (D) හෝ 'Reverse' (R) හි තිබියදී බ්‍රේක් (Foot Brake) එක පය තබා වාහනයේ චලනය සම්පූර්ණයෙන්ම නවතන්න.

පියවර 2:

දැන්, ගියර් ලීවරය 'Neutral' (N) ස්ථානයට මාරු කරන්න.

Neutral gear position

දැන්, Handbrake (පාකින් බ්‍රේක්) එක හොඳින් අදින්න. බෑවුම් සහිත තැනක නම් හැකි තරම් තදින් අදින්න. Electronic parking brake නම් එය යොදන්න. මේ මොහොතේ, ඔබ බ්‍රේක් එකෙන් පය අයින් කළත්, වාහනයේ බර දරන්නේ Handbrake එකෙන්. මෙතැනදී ගියර් පෙට්ටියට කිසිම බරක් නැහැ.

පියවර 3:

අවසාන වශයෙන්, ගියර් ලීවරය 'Park' (P) ස්ථානයට මාරු කර එන්ජිම නිවා දමන්න.

Park gear position

ඔබ නැවතත් බ්‍රේක් එකෙන් පය අයින් කරන විට, වාහනය සුළු වශයෙන් චලනය විය හැකියි (Handbrake එකෙන් දැනටමත් බර දරා ඇති නිසා). මේ චලනය ඉතාම සුළු විය යුතුයි.

ඇයි මෙහෙම කරන්න ඕන? ('P' එකේ රහස)

ඔටෝ ගියර් වාහන වල 'Park' (P) එකේදී සිදුවන්නේ ගියර් පෙට්ටිය තුළ ඇති Parking Pawl නමැති කුඩා ලෝහ කැබැල්ලක් මගින් ගියර් පෙට්ටිය අභ්‍යන්තරයේ කොටසක් සිර කිරීමයි. සරලවම, 'P' යනු වාහනය නවතා තැබීම සඳහා ඇති අවසාන ආරක්ෂක යාන්ත්‍රණය මිස, එය බර දරන ප්‍රධාන යාන්ත්‍රණය නොවේ.

ඔබ කෙලින්ම 'P' එකට දමා, Handbrake එක නොදා හෝ නිවැරදිව නොදා බ්‍රේක් එකෙන් පය ඉවත් කළහොත්, වාහනයේ සම්පූර්ණ බර දරන්නේ අර කුඩා 'Parking Pawl' එකෙන්. මෙය බරපතල යාන්ත්‍රික හානියකට හේතු විය හැකියි.

විසඳුම

අපි 'N' එකේදී Handbrake දාන නිසා, වාහනයේ බර සම්පූර්ණයෙන් Handbrake එකට යනවා. ඊට පස්සේ 'P' එකට දැම්මම, 'P' එකෙන් සිදු කරන්නේ අමතර ආරක්ෂාවක් විතරයි. මේ නිසා ඔබේ ගියර් පෙට්ටිය ආරක්ෂා වෙනවා.

බෑවුම් ස්ථානයක නවත්වන්නේ කෙසේද? (කඳුකර ප්‍රදේශ වලට)

ඔබ කඳුකර ප්‍රදේශයක හෝ වෙනත් නැඹුරු ස්ථානයක නවත්වන්නේ නම්, ඉහත පියවර 3 අනුගමනය කිරීමට අමතරව තවත් ආරක්ෂක පියවරක් ගත යුතුයි.

රෝද හැරවීම (Turning the Wheels)
Turning wheels uphill

ඔබ කන්ද උඩට මුහුණලා නවත්වන්නේ නම් (පාරට), ඉදිරිපස රෝද පාරෙන් ඉවතට (දකුණු පැත්තට) හරවන්න. ඔබ කන්ද පහළට මුහුණලා නවත්වන්නේ නම්, ඉදිරිපස රෝද පාරට මුහුණලා (වම් පැත්තට) හරවන්න.

Turning wheels downhill

මෙහෙම කරන එකේ වැදගත්කම වෙන්නෙ වාහනය Handbrake එකෙන් ගිලිහී ගියත්, රෝද හැරවීම නිසා වාහනය කෙලින්ම පහළට ලිස්සා නොගොස්, වැටක් හෝ පදික වේදිකාවක් (Curb) වෙත නවතී. එමඟින් විශාල අනතුරක් වළක්වා ගත හැකියි.

නැවත ධාවනය ඇරඹීමේදී අනුගමනය කළයුතු පියවර

ඔබ නැවත ගමන ආරම්භ කරන විටත් නිවැරදි පියවර අනුගමනය කළ යුතුයි. පළමුව වාහනයට නැග, එන්ජිම පණ ගන්වන්න. ඊට පස්සෙ බ්‍රේක් එක තදින් පාගන්න. දැන් ගියර් එක 'P' එකෙන් 'R' හෝ 'D' වෙත මාරු කරන්න. (පා බ්‍රේක් එක නොපාගා 'P' එකෙන් මාරු කරන්න උත්සාහ කරන්න එපා — එයින් ගියර් ලීවරයට හානි විය හැකියි). දැන් Handbrake එක මුදා හරින්න. ඔබේ ගමන ආරම්භ කරන්න.

මෙම සරල නමුත් ඉතාම වැදගත් පියවරයන් පුරුදු වන්න. එය ඔබේ වාහනයේ යාන්ත්‍රික පද්ධතියේ ආරක්ෂාවට සහ ඔබේ මාර්ග ආරක්ෂාවට අතිශයින්ම වැදගත් වෙනවා නිසැකයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!