Hydroplaning effect එක ගැන දැනගමු

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහන පාවිච්චි කරන, විශේෂයෙන්ම වැහි කාලෙට පාරට බහින හැමෝම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන භයානකම තත්වයක් තමයි මේ Hydroplaning කියන්නේ. සරල සිංහලෙන් කිව්වොත් "වතුර මත ලිස්සා යාම". මම අද මේ ගැන ටිකක් තාක්ෂණිකව වගේම ඔයාලට තේරෙන විදිහට පැහැදිලි කරන්නම්. මේක නිකන්ම ලිස්සල යනවා වගේ දෙයක් නෙවෙයි, මීට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා.

මොකක්ද මේ Hydroplaning කියන්නේ?

Hydroplaning Effect Diagram

අපි වාහනයක් පදවනකොට ටයර් එකයි පාරයි අතර නිරන්තරයෙන්ම ඝර්ෂණයක් (Friction) තියෙන්න ඕනේ. වැස්ස වෙලාවට පාරේ වතුර පිරිලා තියෙද්දී, ඔයාගේ වාහනය වේගයෙන් යනකොට ටයර් එකට බැහැ ඒ වතුර ටික පාරෙන් අයින් කරලා පාරේ ගෑවෙන්න. එතකොට වෙන්නේ ටයර් එකයි පාරයි අතරට තුනී වතුර තට්ටුවක් (Water film) එකතු වෙන එක. අන්න ඒ වෙලාවට ටයර් එක පාරේ ගෑවෙන්නේ නැතුව වතුර තට්ටුව උඩ පාවෙන්න ගන්නවා. මේක හරියට අයිස් කෑල්ලක් පොළොවේ ලිස්සලා යනවා වගේ වැඩක්. මේ අවස්ථාවේදී ඔයාට වාහනයේ ස්ටියරින් (Steering) පාලනය හෝ බ්‍රේක් පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.

මේක වෙන්න බලපාන ප්‍රධාන හේතු

මුලින්ම බලන්නේ ඔයාගේ වාහනයේ ටයර් වල තත්වය. ටයර් එකක තියෙන ඉරි එහෙම නැත්නම් කට්ට (Grooves/Treads) හදලා තියෙන්නේ පාරේ තියෙන වතුර දෙපැත්තට විදලා අයින් කරලා ටයර් එක පාරේ වද්දන්නයි. හැබැයි ඔයාගේ ටයර් ගෙවිලා නම් (Worn out tires), ඒ වතුර අයින් කරන්න තියෙන ඉඩ මදි වෙනවා. ඒ වගේම තමයි වාහනයේ වේගය. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50-60 ට වඩා වැඩි වෙනකොට මේ අවදානම දරුණු විදිහට වැඩි වෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි ටයර් ප්‍රෙෂර් (Tire Pressure) එක. හුළං අඩු ටයර් එකක් ලේසියෙන්ම වතුර උඩ පාවෙන්න බලනවා.

Hydroplaning වෙන්නේ කොහොමද කියලා අඳුරගන්නේ?

ඔයා වාහනය පදවාගෙන යනකොට එකපාරටම ස්ටියරින් එක හරිම සැහැල්ලුයි වගේ දැනෙනවා නම්, ඒ කියන්නේ පාරෙන් ටයර් එක ගිලිහී ගිහින් කියන එකයි. ඒ වගේම එන්ජින් එකේ RPM එක එකපාරටම වැඩි වෙනවා නම්, ඒ කියන්නේ රෝද පාරේ ගෑවෙන්නේ නැතුව නිකන් කැරකෙනවා කියන එක. ගොඩක් වෙලාවට වාහනයේ පිටුපස පැත්ත එහා මෙහා වුසික වෙන්න (Fish-tailing) ගන්නෙත් මේ වෙලාවටයි. මේක හරිම තත්පර කිහිපයකින් සිද්ධ වෙන දෙයක්.

මෙහෙම වුණොත් මොකද කරන්නේ?

ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි බය වෙලා එකපාරටම බ්‍රේක් ගහන එක. ඔයා බ්‍රේක් ගැහුවොත් රෝද ලොක් වෙලා වාහනය පාලනයෙන් තොරව කැරකිලා යන්න පුළුවන්. ඒ නිසා කරන්න ඕන දේවල් ටික මම පිළිවෙලින් කියන්නම්:

  • කකුල ඇක්සලරේටරයෙන් අයින් කරන්න: වාහනයේ වේගය ඉබේම අඩු වෙන්න දෙන්න. එන්ජින් බ්‍රේකින් (Engine braking) හරහා වේගය පාලනය වෙන එක තමයි ආරක්ෂිතම ක්‍රමය.
  • බ්‍රේක් ගහන්න එපා: වාහනය පාලනයට එනකල් බ්‍රේක් පෑගීමෙන් වළකින්න. ඔයාගේ වාහනයේ ABS (Anti-lock Braking System) තියෙනවා නම් විතරක් මෘදු ලෙස බ්‍රේක් කරන්න පුළුවන්, හැබැයි ඒකත් රෝද පාරේ ගෑවෙනවා කියලා දැනුණොත් විතරයි.
  • ස්ටියරින් එක කෙළින් තියාගන්න: වාහනය යන දිශාවටම ස්ටියරින් එක තියාගන්න. ඒක මේ පැත්තටයි අර පැත්තටයි කරකවන්න ගියොත් වාහනය පාරෙන් ඉවතට පනින්න තියෙන ඉඩ වැඩියි.
  • ක්ලච් එක පාගන්න එපා: මැනුවල් වාහනයක් නම් ක්ලච් එක පාගන්න එපා, මොකද එතකොට එන්ජිමෙන් රෝද වලට තියෙන සම්බන්ධය නැති වෙලා වාහනය තවත් නිදහසේ ලිස්සන්න ගන්නවා.

මේ අනතුරෙන් බේරෙන්න Motor Guide අපි දෙන උපදෙස්

වැහි කාලේ එන්න කලින් මේ දේවල් ටික චෙක් කරගන්න කියලා අපි උපදෙස් දෙනවා:

  • ටයර් වල Tread Depth එක බලන්න: අවම වශයෙන් මිලිමීටර් 3ක් වත් ගනකම ඉරි ටයර් එකේ තියෙන්න ඕනේ. නීත්‍යානුකූලව 1.6mm තිබුණත් වැඩක් නැහැ, වැස්ස වෙලාවට ඒක ආරක්ෂිත නැහැ.
  • ටයර් ප්‍රෙෂර් එක හරියට තියාගන්න: සතියකට සැරයක්වත් හුළං බලන්න. නිෂ්පාදකයා නිර්දේශ කරපු ප්‍රමාණයටම හුළං ගහන්න.
  • පාරේ වතුර පිරුණු තැන් මගහරින්න: පාරේ දෙපැත්තේ වතුර රැඳෙන තැන් තියෙනවා නම්, පුළුවන් තරම් පාරේ මැදින් ධාවනය කරන්න.
  • Cruise Control පාවිච්චි කරන්න එපා: වැස්ස වෙලාවට කවදාවත් Cruise Control දාන්න එපා. මොකද Hydroplaning වෙන වෙලාවට ඒ සිස්ටම් එකට වේගය අඩු කරන්න තේරෙන්නේ නැහැ.
  • ඉදිරි වාහනයේ ටයර් සලකුණු (Tracks) අනුගමනය කරන්න: ඔයාට ඉස්සරහින් යන වාහනයේ ටයර් පාරේ ගෑවිලා වතුර අයින් වුණු තැන් තියෙනවා. ඒ ටයර් සලකුණු උඩින්ම යන්න උත්සාහ කරන්න, එතකොට ඔයාගේ ටයර් වලට අයින් කරන්න තියෙන වතුර ප්‍රමාණය අඩුයි.

අවසාන වශයෙන්

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, තාක්ෂණය කොච්චර දියුණු වුණත් සොබාදහම ඉදිරියේ අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. වැස්ස වෙලාවට වේගය පාලනය කිරීම තමයි Hydroplaning වලින් බේරෙන්න තියෙන හොඳම සහ එකම විසඳුම. හැමවෙලේම මතක තියාගන්න, ඔයා පදවන්නේ යකඩ ගොඩක්, ඒක පාලනය කරන්න පුළුවන් වෙන්නේ රෝද හතර පාරේ තදින් ගෑවී පවතින තුරු විතරයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!