Dashboard එකේ රතු light එක පත්තු වුනොත්?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් හරියට drive කරන්න ඕනේ නම් අපි අනිවාර්යෙන්ම dashboard එක ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද වාහනයේ හැසිරවීම ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් තැනක් තමයි dashboard එක කියන්නේ. ඉතින් ඒ නිසා වාහනයක dashboard එකේ තියෙන අනතුරු ඇඟවීමේ ලයිට් වලින් කියවෙන දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අද MotorGuide තුළින් අපි ඔබට කියලා දෙන්නේ dashboard එකේ තියෙන රතු lights ගැනයි.

Traffic Light System

Dashboard එකක් අනතුරු ඇඟවීමේ බල්බ තියෙන්නේ traffic light system එකකට. ඒ කියන්නේ කහ, කොළ සහ රතු කියන පාට තුනෙන් තමයි අපිට lights බලාගන්න පුලුවන්.ඔයාගේ dashboard එකේ කොළ පාට light එක පත්තු වෙනවා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද වාහනය නිවැරදිව ක්‍රියා කරන කොට තමයි කොළ පාට light එක පත්තු වෙන්නේ.හැබැයි කහ පාට light එක පත්තු වෙනවා කියන්නේ වාහනයේ යම් පද්ධතියක් නිවැරදිව ක්‍රියා කරන්නේ නැහැ කියන එක. ඒ නිසා පුලුවන් තරම් ඉක්මනින්ම ඔබ ඒ ගැන සොයා බලන්න ඕනේ.නිකන් හරි dashboard එකේ රතු light එක පත්තු වුණොත් නම් වහාම drive කරන එක නවත්වන්න ඕනේ. මොකද වාහනයේ බරපතල ගැටලුවක් තියෙන කොට තමයි රතු light එක පත්තු වෙන්නේ.

Brake Warning Light

Parking Brake සම්පූර්ණයෙන් මුදා හැරලා ඇති විටත් brake warning light එක දිගටම පත්තුවෙනවා නම් එයට හේතුව brake fluid අඩු වීම. මේ සමගම ABS අනතුරු ඇඟවීමේ ලයිට් එකද දැල්වුනොත් break system එක අක්‍රිය වී තිබෙන්නට පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ වගේ අවස්ථාවක EBD warning light එකත් දැල්වෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් වාහනය ආරක්ෂිතව නතර කරලා මේ සම්බන්ධයෙන් පියවර ගන්න එක ගොඩක් වැදගත්.

Engine Temperature Warning Light

Engine Temperature Warning Light එක දැල්වෙන්නේ engine එක අධික ලෙස රත් වෙනකොට. Coolant මට්ටම අඩු වීම, පද්ධතියේ කාන්දුවීමක් හෝ head gasket failure වීමක් නිසා මෙම තත්වය ඇති වෙන්න පුලුවන්.ඉතින් ඔයා වාහනය drive කරනකොට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් කරන්න ඕනේ මුලින්ම ආරක්ෂිතව වාහනය නවත්වන එක. ඊට පස්සේ engine එක සිසිල් වූ පසු coolant අවශ්‍ය ලෙස පිරවීම සිදු කරන්න පුලුවන්.හැබැයි පද්ධතියේ කාන්දුවීමක් හෝ head gasket failure වීමක් තිබෙනවා නම් වහාම මෝටර් රථ කාර්මිකයෙකු මුණ ගැසී ගැටලුව නිරාකරණය කරගන්න ඕනේ.

Oil Warning Light

Oil Warning Light දැල්වෙන්නේ oil උෂ්ණත්වය අධික වූ විට හෝ oil මට්ටම හෝ පීඩනය අඩු වූ විටයි.ඉතින් oil warning light දැල්වෙන අවස්ථාවක ඔබ කරන්න ඕනේ වාහනය නවතා engine එක off කරන එක. Engine එක සිසිල් වූ පසු ඔයිල් මට්ටම පරික්ෂා කර නැවත oil පුරවා ඔබට යළිත් ගමන ආරම්භ කරන්න පුලුවන්. නමුත් oil පිරවීමෙන් පසුවත් oil warning light එක දැල්වෙනවා නම් වහාම කාර්මික සහය ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

Battery Warning Light

Battery එක charge නොවන අවස්ථාවකදී battery warning light දැල්වීම සිදු වෙනවා. Battery එකේ ගැටළු එසේත් නොමැතිනම් මෝටර් රථයේ විදුලි පද්ධතියේ ඇති ගැටළුවක් මෙම රතු බල්බය දැල්වීමට හේතු වෙනවා.මේ වගේ අවස්ථාවක ඔයා करना ඕනේ පුලුවන් ඉක්මනට ගරාජ් එකකට යන එක. මොකද battery එකේ charge එක තියෙනකම් ඔයාට drive කරන්න පුලුවන් වුණත් charge එක ඉවර වුණ ගමන් වාහනය නවතිනවා.

ඉතින් මේ දේවල් තමයි dashboard එකේ පත්තු වෙන red light එකෙන් කියවෙන්නේ. ඔයා වාහනය drive කරන අතරතුරදී red light එක දැල්වුනොත් වහාම වාහනය ආරක්ෂිතව නවත්වලා මෝටර් කාර්මිකයෙකුගේ උපදෙස් ලබා ගන්න එක තමයි සුදුසුම වෙන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!