Cold start කරනකොට engine එක warm කරන්න ඕනෙද?

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් පාවිච්චි කරන කෙනෙක් විදිහට "Cold Start" එකකදී එන්ජිම රත් කරන එක ගැන තියෙන කුතුහලය සාධාරණයි. ඉස්සර කාලේ වාහන වලට නම් මේක අනිවාර්ය දෙයක් වුණාට, අද තියෙන නවීන තාක්ෂණයත් එක්ක මේකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. Motor Guide අපි මුලින්ම පැහැදිලි කරන්නම් ඇයි අපි එන්ජිමක් "Warm up" කරන්න ඕනේ කියලා. එන්ජිම ඇතුළේ තියෙන ලෝහ කොටස් එකිනෙක ගැටෙමින් තමයි වැඩ කරන්නේ. මේ කොටස් අතරේ ලිහිසි තෙල් (Engine Oil) තට්ටුවක් තියෙන්නම ඕනේ. වාහනය පැය කිහිපයක් නවත්තලා තියෙද්දී මේ ඔයිල් ඔක්කොම පහළ තියෙන ඔයිල් පෑන් (Oil Pan) එකට බැහැලා තියෙන්නේ. ඉතින් ආයෙත් ස්ටාර්ට් කරපු ගමන්ම එන්ජිමේ ඉහළ කොටස් වලට ඔයිල් යන්න පොඩි වෙලාවක් යනවා.

පරණ කාර්බියුරේටර් (Carburetor) තියෙන වාහන වල නම් එන්ජිම රත් වෙනකම් ඒක හරියට වැඩ කරන්නේ නැහැ. මොකද ඉන්ධන සහ වාතය මිශ්‍ර වෙන එක රඳා පවතින්නේ එන්ජිමේ උෂ්ණත්වය මතයි. ඒ නිසා ඒ කාලේ විනාඩි 5ක් 10ක් එන්ජිම රත් කරන එක අනිවාර්ය වුණා. හැබැයි දැන් තියෙන වාහන වල තියෙන්නේ EFI (Electronic Fuel Injection) තාක්ෂණය. මෙතනදී එන්ජිමේ තියෙන සෙන්සර් (Sensors) මගින් එළියේ උෂ්ණත්වය සහ එන්ජිමේ උෂ්ණත්වය මැනලා, ඒකට ගැළපෙන විදිහට ඉන්ධන ප්‍රමාණය පාලනය කරනවා. ඒ නිසා නවීන වාහනයක් ස්ටාර්ට් කරපු ගමන්ම ධාවනය කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ.

ඇත්තටම කොච්චර වෙලාවක් රත් කරන්න ඕනෙද?

ඇත්තම කිව්වොත්, නවීන වාහනයක එන්ජිම රත් කරන්න විනාඩි ගණන් ඉන්න ඕනේ නැහැ. ඔයා වාහනය ස්ටාර්ට් කරලා තත්පර 30ක් හෝ උපරිම විනාඩියක් වගේ කාලයක් තියන්න. ඒ කාලය ඇති එන්ජින් ඔයිල් පොම්පය මගින් එන්ජිමේ හැම තැනකටම ඔයිල් ටික යවන්න. ඔයාට පෙනෙයි වාහනය ස්ටාර්ට් කරපු ගමන් RPM (Revolutions Per Minute) එක ටිකක් වැඩියෙන් තියෙනවා. ඒක තත්පර කිහිපයකින් ටිකක් පහළට බහිනවා. අන්න ඒ වෙලාව තමයි වාහනය ධාවනය කරන්න පටන්ගන්න හොඳම වෙලාව.

අනවශ්‍ය විදිහට විනාඩි 10-15 එන්ජිම "Idle" එකේ තියලා රත් කරන එකෙන් වෙන්නේ වාහනයේ ඉන්ධන අපතේ යන එක විතරයි. ඒ වගේම පරිසරයට පිට කරන අහිතකර වායු ප්‍රමාණයත් වැඩි වෙනවා. නවීන එන්ජිමක කොටස් රත් වෙන්න හොඳම ක්‍රමය තමයි වාහනය ධාවනය කරන එක. හැබැයි මෙතනදී ඉතාම වැදගත් කරුණක් තියෙනවා. වාහනය පාරට ගත්ත ගමන්ම වේගයෙන් රේස් කරන්න හෝ අධික වේගයෙන් යන්න එපා. එන්ජිමේ උෂ්ණත්වය පෙන්වන කටුව (Temperature Gauge) සාමාන්‍ය මට්ටමට එනකම් ඉතාම සෙමින් සහ අඩු වේගයකින් ධාවනය කරන්න ඕනේ. එතකොට තමයි එන්ජිම වගේම ගියර් පද්ධතියත් (Transmission) ක්‍රමයෙන් රත් වෙලා හොඳ ක්‍රියාකාරීත්වයකට එන්නේ.

තාක්ෂණිකව බලපෑම වෙන්නේ කොහොමද?

අපි එන්ජිම ස්ටාර්ට් කරපු ගමන්ම අධික ලෙස රේස් (Revving) කළොත් වෙන්නේ මොකක්ද? එන්ජින් ඔයිල් තවමත් තියෙන්නේ ඝනකම් මට්ටමක. ඔයිල් රත් වෙනකම් ඒවායේ දුස්ස්රාවිතතාවය (Viscosity) වැඩියි. එතකොට එන්ජිමේ සියුම් සිදුරු අතරින් ඔයිල් ගමන් කරන්න අපහසුයි. මේ වෙලාවේ රේස් කළොත් ලෝහ කොටස් එකිනෙක ඇතිල්ලීම නිසා එන්ජිමේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම Turbocharger එකක් තියෙන වාහනයක් නම්, ඒකේ තියෙන බෙයාරින් (Bearings) වලට ඔයිල් යන්න අනිවාර්යයෙන්ම තත්පර කිහිපයක් යනවා. ඒ නිසා ටර්බෝ වාහන වල "Cold Start" එක ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.

තවත් පැත්තකින් බැලුවොත්, වාහනය එක තැන තියලා රත් කරන එකෙන් රත් වෙන්නේ එන්ජිම විතරයි. හැබැයි වාහනයේ තියෙන ගියර් බොක්ස් එක, ඩිෆරන්සල් එක සහ ටයර් රත් වෙන්නේ නැහැ. ඒ නිසා වාහනය පණ ගන්වලා තත්පර 30කට පස්සේ හෙමින් ධාවනය කිරීමෙන් මේ හැම කොටසක්ම ඒකාකාරීව රත් වෙන්න පටන් ගන්නවා. මේක තමයි වාහනයක යාන්ත්‍රික සෞඛ්‍යයට හොඳම ක්‍රමය.

ශීතල කාලගුණය සහ එන්ජිම

ලංකාව වගේ රටක උෂ්ණත්වය වැඩියි. හැබැයි ඔයා ඉන්නේ නුවරඑළිය වගේ හරිම ශීතල පැත්තක නම්, එන්ජිම රත් කරන්න තවත් විනාඩියක් වගේ වැඩිපුර කාලයක් ගන්න එකේ වැරද්දක් නැහැ. මොකද අධික ශීතලට ඔයිල් තවත් ඝන වෙනවා. ඒ වගේම බැටරියටත් Cold Start එකකදී ලොකු වෙහෙසක් දරන්න වෙනවා. වාහනය ස්ටාර්ට් කරන කොටම AC එක, හෙඩ් ලයිට් වගේ දේවල් ඕෆ් කරලා තියන්න. එන්ජිම ස්ටාර්ට් වෙලා තත්පර කිහිපයකට පස්සේ ඒවා ඔන් කරන එක බැටරියේ ආයු කාලයටත් හොඳයි.

සමහරු පුරුදු වෙලා ඉන්නවා එන්ජිම ස්ටාර්ට් කරපු ගමන්ම රේස් කරන්න මේක නම් කරන්නම හොද නැති වැඩක්. ඒකෙන් වෙන්නේ පිස්ටන් රින්ග්ස් (Piston Rings) සහ සිලින්ඩර් බිත්ති වලට හානි වෙන එක. මතක තබා ගන්න, එන්ජිම ඇතුළේ තියෙන ලෝහ රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වෙන්නේ නිශ්චිත මිනුම් වලට අනුවයි. එකපාරටම රත් කරන්න ගියොත් ඒ ලෝහ වලට දරාගන්න බැරි පීඩනයක් ඇති වෙන්න පුළුවන්.

Motor Guide අපේ උපදෙස්

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ඔයාගේ වාහනය පණ ගන්වලා, සීට් බෙල්ට් එක දාගෙන, කණ්ණාඩි ටික හදාගෙන, මියුසික් සිස්ටම් එක දාගන්න යන කාලය (තත්පර 30-45) එන්ජිම රත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ හෙමින් ගමන ආරම්භ කරන්න. එන්ජිමේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ආවට පස්සේ ඔයාට සාමාන්‍ය විදිහට ධාවනය කරන්න පුළුවන්. මේ සරල පියවර අනුගමනය කළොත් ඔයාගේ වාහනයේ එන්ජිම කිසිම කරදරයක් නැතුව අවුරුදු ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!