Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

time
මිනිත්තු 6 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ වාහනයක තියෙන ඉතාමත් වැදගත්, ඒ වගේම ගොඩක් දෙනෙක් නිතරම පටලවා ගන්නා උපාංගයක් වෙන ඕල්ටනේටරය, එහෙමත් නැත්නම් සමහර අය කියන විදියට ඩයිනමෝව ගැනයි. සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරන ගොඩක් අය හිතාගෙන ඉන්නෙ වාහනේ දුවන්න අවශ්‍ය කරන හැම විදුලි බලයක්ම ලැබෙන්නෙ වාහනේ ඉස්සරහා තියෙන බැටරියෙන් කියලා. හැබැයි ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්. බැටරියෙන් කෙරෙන්නේ වාහනය පණගන්වන්න, එහෙමත් නැත්නම් ස්ටාර්ට් කරගන්න අවශ්‍ය මූලික බලය ලබා දෙන එක විතරයි. වාහනය එක පාරක් ස්ටාර්ට් වුණාට පස්සෙ මුළු වාහනයටම අවශ්‍ය කරන විදුලිය සම්පූර්ණයෙන්ම නිපදවන්නෙ සහ බැටරිය ආයෙමත් චාර්ජ් කරන්නෙ මේ ඕල්ටනේටරය මගින්. ඒ නිසා මේක වාහනයක තියෙන කුඩා විදුලි බලාගාරයක් කිව්වොත් නිවැරදියි. මේකෙන් වෙන කාර්යභාරය හරියටම දැනගෙන හිටියොත් වාහනයේ එන ලෙඩ ගොඩක් කලින්ම අඳුරගන්න පුළුවන්.

මූලික ක්‍රියාකාරීත්වය

එතකොට මේ ඕල්ටනේටරය ඇතුලෙ ඇත්තටම මොකද වෙන්නෙ කියලා අපි සරලව සහ පැහැදිලිව බලමු. වාහනේ එන්ජිම ක්‍රියාත්මක වෙනකොට එන්ජිමේ ක්‍රෑන්ක්ෂාෆ්ට් එක කැරකෙනවා. මේ ක්‍රෑන්ක්ෂාෆ්ට් එකට බෙල්ට් එකක් මගින් ඕල්ටනේටරයේ පුලිය සම්බන්ධ කරලයි තියෙන්නෙ. එතකොට එන්ජිම ක්‍රියාත්මක වෙලා කැරකෙන වාරයක් පාසා ඕල්ටනේටරය ඇතුලෙ තියෙන රෝටරය කියන කොටසත් ඉතාමත් වේගයෙන් කැරකෙන්න ගන්නවා. මේ රෝටරය වටේට ස්ටේටරය කියලා හඳුන්වන තඹ කම්බි දඟර සමූහයක් තියෙනවා. මේ කැරකීම නිසා ඕල්ටනේටරය ඇතුලෙ තියෙන දඟර සහ චුම්බක ක්ෂේත්‍රය හරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක්, ඒ කියන්නෙ AC කරන්ට් එකක් නිපදවෙනවා. හැබැයි වාහනයක තියෙන බැටරිය ඇතුළු හැම විදුලි පද්ධතියක්ම වැඩ කරන්නෙ සරල ධාරාවෙන්, ඒ කියන්නෙ DC කරන්ට් එකෙන් නිසා මේ නිපදවන AC කරන්ට් එක ඒ විදියටම වාහනයට ගන්න බැහැ.

විදුලිය පරිවර්තනය කිරීම සහ පාලනය කිරීම

දැන් බලමු මේ කරන්ට් එක පරිවර්තනය කිරීමේ සහ පාලනය කිරීමේ වැදගත්කම. ඕල්ටනේටරය ඇතුලෙම තියෙන රෙක්ටිෆයර් එහෙමත් නැත්නම් ඩයෝඩ ඇසුරෙන් හදපු කොටස මගින් මේ නිපදවන AC කරන්ට් එක DC කරන්ට් එකක් බවට පත් කරනවා. ඊට පස්සෙ තමයි ඒක වාහනයේ භාවිතයට සුදුසු තත්ත්වයට පත්වෙන්නෙ. තවත් වැදගත් කරුණක් තමයි එන්ජිම එක එක වේගයෙන් කැරකෙද්දි ඕල්ටනේටරයෙන් නිපදවන විදුලි ප්‍රමාණයත් වෙනස් වෙනවා. එන්ජිම රේස් කරද්දි වැඩි විදුලියකුත්, අයිඩ්ල් එකේ තියෙද්දි අඩු විදුලියකුත් තමයි හැදෙන්නෙ. හැබැයි වාහනයක තියෙන සියුම් ඉලෙක්ට්‍රොනික උපාංග සහ බැටරිය ආරක්ෂා කරගන්න නම් හැමතිස්සෙම එකම මට්ටමක වෝල්ටීයතාවයක් ලැබෙන්න ඕනෙ. මේ වැඩේ කරන්නෙ ඕල්ටනේටරය ඇතුලෙම තියෙන වෝල්ටේජ් රෙගියුලේටරය මගින්. මේ කොටස මගින් වාහනයේ වේගය කොපමණ වුණත් පිටවන විදුලි ධාරාව වෝල්ට් 13.5 ත් 14.5 ත් අතර එකම මට්ටමක පාලනය කරලා තබාගන්නවා.

Alternator Internal Diagram

වාහනයේ පද්ධති වලට විදුලිය සැපයීම

අපි රෑක වාහනය පදවනකොට වාහනයේ ප්‍රධාන ලයිට් දාලා, ඒ වගේම ඒසී එකත් උපරිමයෙන් දාලා, සින්දු අහන්න සෙටප් එකත් දාලා, වයිපර්ස් පවා වැඩ කරන වෙලාවක වාහනයට විශාල විදුලි බලයක් අවශ්‍ය වෙනවා. මේ හැම අවස්ථාවකදීම එන්ජිමට සහ බැටරියට කිසිම බරක් නොවී ඒ හැම උපාංගයකටම අවශ්‍ය ස්ථාවර විදුලිය නොකඩවා දෙන්නෙ ඕල්ටනේටරයයි. යම් හෙයකින් ඕල්ටනේටරයෙන් නිපදවන විදුලිය වාහනයේ පරිභෝජනයට වඩා වැඩි වුණොත්, ඒ අතිරික්ත විදුලිය කෙලින්ම යන්නෙ බැටරිය චාර්ජ් කරන්නයි. අන්න ඒ නිසයි වාහනය දුවනකොට බැටරිය නිරායාසයෙන්ම චාර්ජ් වෙන්නෙ. ඕල්ටනේටරයෙන් හැදෙන කරන්ට් එකෙන් තමයි එන්ජිමේ ප්ලග් වලට කරන්ට් එක දෙන ඉග්නිෂන් කොයිල් වැඩ කරන්නෙ, සෙන්සර්ස් වලට කරන්ට් එක යන්නෙ, ඒ වගේම fuel පොම්පය වැඩ කරන්නෙ. ඒ නිසා ඕල්ටනේටරය දුර්වල වුණොත් මුළු වාහනයම අතරමඟ නැවතීමට ඉඩ තියෙනවා.

ඕල්ටනේටරයක දෝෂ හඳුනාගැනීමේ ලක්ෂණ

ඒ වගේම ඕල්ටනේටරයක ලෙඩක් ආවම ඒක හඳුනාගන්න පුළුවන් ලක්ෂණ කීපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි වාහනයේ මීටර් බෝඩ් එකේ බැටරියක සලකුණක් සහිත රතු පාට වෝනින් ලයිට් එකක් පත්තුවීම. ගොඩක් අය හිතන්නෙ මේ ලයිට් එක පත්තු වුණාම බැටරියේ ලෙඩක් කියලා, නමුත් ඇත්තටම ඒකෙන් කියවෙන්නෙ ඕල්ටනේටරයෙන් නිවැරදිව බැටරිය චාර්ජ් වෙන්නෙ නැහැ කියන එකයි. ඒ වගේම රෑට වාහනය පදවනකොට හෙඩ්ලයිට් එළිය අඩු වැඩි වීම, වාහනයේ ඇතුලෙ තියෙන ලයිට් අඳුරු වීම, සිග්නල් ලයිට් වැඩ කරන වේගය වෙනස් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි ඕල්ටනේටරය ඇතුලෙ තියෙන බෙයාරින් දිරාපත් වුණාම නැත්තං ගෙවිල ගිහාම වාහනය ස්ටාර්ට් කරලා තියෙද්දි එන්ජිම පැත්තෙන් කෙඳිරිලි හඩක් වගේ හෝ ගොරෝසු අමුතු සද්දයක් එන්න ගන්න එක. ඒ වගේම ඕල්ටනේටරය හරියට වැඩ නොකරද්දි බැටරිය බැහැලා වාහනය නැවත ස්ටාර්ට් නොවී යන අවස්ථාත් නිතරම දකින්න ලැබෙනවා. සමහර වෙලාවට වයර් පිච්චෙන ගඳක් හෝ රබර් බෙල්ට් එකක් පිච්චෙන ගඳක් එන්නෙත් මේකෙ දෝෂ නිසයි.

Alternator Warning Light on Dashboard

මල්ටිමීටරයක් භාවිතයෙන් පරීක්ෂා කිරීම

ඒ වගේම මේ ඕල්ටනේටරයක තත්ත්වය නිවැරදිව පරික්ෂා කරන්නෙ මල්ටිමීටරයක් භාවිත කරලයි. වාහනය නවත්වා තිබෙන වෙලාවක බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 12.6 ක් විතර තියෙන්න ඕනෙ. හැබැයි වාහනය ස්ටාර්ට් කරලා, සියලුම ලයිට් සහ ඒසී දාලා තියෙන වෙලාවක බැටරි අග්‍ර දෙකට මල්ටිමීටරය තියලා බැලුවම ඒක වෝල්ට් 13.8 ත් 14.2 ත් අතර අගයක් පෙන්වන්න ඕනෙ. මේ අගය වෝල්ට් 13 කට වඩා අඩුයි නම් ඒකෙන් කියවෙන්නෙ ඕල්ටනේටරය දුර්වල වෙලා කියලා. ඒ වගේම වෝල්ට් 15 කට වඩා වැඩි අගයක් පෙන්වනවා නම් ඒ කියන්නෙ වෝල්ටේජ් රෙගියුලේටරය අක්‍රිය වෙලා ඕල්ටනේටරයෙන් ඕවර් චාර්ජ් වෙනවා කියන එකයි. ඕවර් චාර්ජ් වීම වාහනයේ තියෙන මිල අධික පරිගණක පද්ධති, ඒ කියන්නෙ ඊසියු එක වගේ කොටස් මෙන්ම සෙන්සර්ස් සම්පූර්ණයෙන්ම පිච්චිලා යන්න හේතුවක් වෙන්න පුළුවන් නිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.

ස්මාර්ට් ඕල්ටනේටර් තාක්ෂණය

වර්තමානයේ දකින්න ලැබෙන නවීන වාහනවල තියෙන්නෙ ස්මාර්ට් ඕල්ටනේටර් කියලා හඳුන්වන තාක්ෂණයක්. මේවා සාමාන්‍ය ඕල්ටනේටර් වගේ හැමතිස්සෙම එක දිගටම එකම මට්ටමකින් විදුලිය නිපදවන්නෙ නැහැ. වාහනයේ පරිගණක පද්ධතිය loyalty එක මගින් බැටරියේ තත්ත්වය සහ වාහනයට අවශ්‍ය විදුලි ප්‍රමාණය නිරීක්ෂණය කරලා, අවශ්‍ය වෙලාවට විතරක් ඕල්ටනේටරය ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට වාහනය බ්‍රේක් කරන වෙලාවට හෝ වේගය අඩු කරන වෙලාවට ලැබෙන චාලක ශක්තියෙන් වැඩිපුර විදුලිය නිපදවලා බැටරිය ඉක්මනින් චාර්ජ් කරනවා. වාහනය වේගයෙන් ඉදිරියට ධාවනය වන අවස්ථාවලදී ඕල්ටනේටරයේ ක්‍රියාකාරීත්වය අඩු කරලා එන්ජිමට ලැබෙන බර නිදහස් කරනවා. මේ තාක්ෂණය නිසා වාහනයේ ඉන්ධන පිරිමැස්ම ඉහළ යනවා වගේම පරිසරයට පිටවන දුම් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ නිසා නවීන වාහනවල මේ පද්ධතිය නඩත්තු කිරීමේදී වඩාත් උසස් තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා.

නඩත්තුව සහ අලුත්වැඩියාව

ඕල්ටනේටරයක කාබන් බ්‍රෂ් සහ ස්ලිප් රින්ග්ස් කියලා කොටස් ජාතියක් තියෙනවා. මේවා කාලයක් යද්දි ගෙවී යනවා. කාබන් බ්‍රෂ් ගෙවුණම ඕල්ටනේටරයෙන් කරන්ට් එක දෙන එක නතර කරනවා. ගොඩක් වෙලාවට මුළු ඕල්ටනේටරයම මාරු කරන්නේ නැතුව මේ කාබන් බ්‍රෂ් විතරක් මාරු කරලා ඉතාම අඩු වියදමකින් මේක ආයෙත් වැඩ කරන තත්ත්වයට ගන්න පුළුවන්. ඒ වගේම ඕල්ටනේටරයට වතුර හෝ ඔයිල් වැටීමෙන් මේක ඇතුලෙ තියෙන දඟර ෂෝට් වෙන්න පුළුවන්. එන්ජිමේ ඔයිල් ලීක් එකක් තියෙනවා නම් සහ ඒ ඔයිල් ඕල්ටනේටරය මතට වැටෙනවා නම් ඒකෙන් ඕල්ටනේටරයේ ආයු කාලය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා වාහනයේ එන්ජිම පිරිසිදුව තබා ගැනීමත් මේ පද්ධතියේ දිගුකාලීන පැවැත්මට ගොඩක් බලපානවා.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, වාහනයක බැටරිය නිතරම බහිනවා නම් බැටරිය අලුතින් දාන්න කලින් අනිවාර්යයෙන්ම ඕල්ටනේටරයේ ක්‍රියාකාරීත්වය පළපුරුදු කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවා ගන්න. ගොඩක් අය බැටරිය විතරක් මාරු කරලා සති කිහිපයකින් ආයෙමත් ඒ අලුත් බැටරියත් සවුත්තු කරගන්නවා. ඒ වගේම වාහනයට අමතරව ලොකු සවුන්ඩ් සිස්ටම්, අමතර ලයිට් , ඇම්ප්ලිෆයර් වගේ දේවල් සවි කරනවා නම්, වාහනයේ මුල් ඕල්ටනේටරයට ඒ හැම දේකටම අවශ්‍ය විදුලිය දෙන්න පුළුවන්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. එහෙම නැති වුණොත් ඕල්ටනේටරය අධික ලෙස රත් වෙලා ඉක්මනින්ම පිච්චිලා යන්න පුළුවන්. වාහනය සර්විස් කරන කොට ඕල්ටනේටර් බෙල්ට් එකේ බුරුලක් තියෙනවද, එහෙමත් නැත්නම් බෙල්ට් එක දිරාපත් වෙලාද කියලා බලලා නියමිත කාලයට මාරු කිරීමෙන් අනපේක්ෂිත මඟහැරීම් වළක්වා ගන්න පුළුවන්. හැමවිටම ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් පමණක් භාවිත කරන්න මතක තබාගන්න.

නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියල මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!