Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

time
මිනිත්තු 7 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ වාහනයක තියන සාමාන්‍ය බැටරියක ආයු කාලය ඉවරද නැද්ද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ක්‍රම මොනවාද කියන එක ගැනයි. වාහනයක් පාවිච්චි කරන හැමෝටම තියන ලොකුම ප්‍රශ්නයක් තමයි උදේට වාහනය ස්ටාර්ට් කරන්න යනකොට ස්ටාර්ට් වෙන්නෙ නැතිව වද දෙන එක. ගොඩක් වෙලාවට බැටරියක් සම්පූර්ණයෙන්ම සවුත්තු වෙන්න කලින් අපිට විවිධ ආකාරයේ පෙරනිමිති පෙන්වනවා. හැබැයි අපි ඒව ගැන හරියට අවධානය යොමු නොකළොත් අපිට සිද්ධ වෙන්නෙ පාරක් අයිනෙ නැත්නම් ගමනක් යන්න ලෑස්ති වෙලා වාහනය ස්ටාර්ට් කරගන්න බැරුව අසරණ වෙන්නයි. ඒ නිසා බැටරියක ලෙඩක් එනකොට දැනෙන ප්‍රධානම දේවල් ටිකක් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ.

එන්ජිම පණගැන්වීමට (Crank) ගතවන කාලය වැඩිවීම

බැටරියක ආයු කාලය ඉවර වේගෙන එනකොට අපිට බලාගන්න පුළුවන් ප්‍රධානම සහ පොදුම ලකුණ තමයි එන්ජිම ස්ටාර්ට් වෙන්න ගන්න වෙලාව වැඩි වීම. සාමාන්‍යයෙන් යතුර කරකවලා හෝ ස්ටාර්ට් බටන් එක ඔබපු ගමන් එන්ජිම ක්ෂණිකව ස්ටාර්ට් වෙන්න ඕනේ. හැබැයි බැටරිය දුර්වල වෙලා නම් එන්ජිම කැරකෙන්නෙ හරිම අමාරුවෙන් සහ හෙමින්. සද්දයක් දාලා ලොකු ට්‍රයි එකක් දීලා තමයි එන්ජිම පණ ගැන්වෙන්නෙ. විශේෂයෙන්ම උදේ කාලයේදී වාහනය දවස් ගණනාවකට පස්සෙ ස්ටාර්ට් කරද්දි මේ තත්වය ගොඩක් වැඩියෙන් දැනෙන්න ගන්නවා. මෙන්න මේ වගේ slow රෑන්ක් එකක් එනවා කියන්නෙම බැටරියේ තියන විද්‍යුත් ධාරිතාවය රඳවා ගැනීමේ හැකියාව ගොඩක් අඩු වෙලා කියන එකයි.

එන්ජිම ක්‍රෑන්ක් වෙන්න ගන්න වෙලාව ගැන කතා කරද්දි ගොඩක් අය හිතන්නෙ ඒක stater මෝටරයේ ප්‍රශ්නයක් කියලයි. හැබැයි බැටරිය දුර්වල වුනාම stater මෝටරයට අවශ්‍ය කරන නියමිත ඇම්පියර් ගණන දෙන්න බැරි වෙනවා. ඒ නිසා තමයි එන්ජිම කැරකෙන්නෙ හරිම හෙමින්. සාමාන්‍යයෙන් හොඳ බැටරියක් තියන වාහනයක් කී එක කරකවපු සැනින් එක පාරින්ම පණ ගැන්වෙන්න ඕනේ. හැබැයි ඔයාලට දැනෙනවා නම් උදේට විතරක් නෙවෙයි දවල්ට වුනත් වාහනය නවත්තලා ටික වෙලාවකින් ආයෙ ස්ටාර්ට් කරද්දිත් ගොඩක් අමාරුවෙන් ස්ටාර්ට් වෙන්නෙ කියලා, එතනදි අනිවාර්යයෙන්ම බැටරියේ ඇතුලත රසායනික ක්‍රියාවලිය දුර්වල වෙලා තියෙන්නෙ.

විදුලි පද්ධතියේ ඇතිවන වෙනස්කම්

ඊළඟ වැදගත් කරුණ තමයි වාහනයේ තියන විදුලි පද්ධතියේ වෙනස්කම්. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි නිතරම දකින දෙයක් තමයි බැටරිය දුර්වල වෙද්දි වාහනයේ හෙඩ් ලයිට් එළිය අඩු වෙන එක. එන්ජිම නවත්වලා තියන වෙලාවට හෙඩ් ලයිට් දැම්මොත් ඒකෙ එළිය හරිම අඩුයි වගේ දැනෙනවා නම්, එහෙමත් නැත්නම් වාහනයේ පවර් වින්ඩෝස් උඩට පහළට යද්දි වෙනදාට වඩා හෙමින් ක්‍රියාත්මක වෙනවා නම්, ඒක බැටරියේ සවුත්තු වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයේ ඩෑෂ් බෝඩ් එකේ තියන ලයිට් එකපාරටම නිවී නිවී පත්තු වීම් හෝ බැටරි සලකුණ සහිත වෝනින් ලයිට් එක දිගටම පත්තු වී තිබීම වගේ දේවල් සිද්ධ වෙනවා. නූතන වාහනවල සෙන්සර්ස් ගොඩක් තියන නිසා බැටරි වෝල්ටේජ් එක අඩු වෙද්දි ඩෑෂ් බෝඩ් එකේ එක එක ලෙඩ පෙන්නන්න ගන්නවා.

තවත් දෙයක් තමයි වාහනයේ alternator එක සහ බැටරිය අතර තියන සන්නිවේදනය බිඳ වැටීම. බැටරියේ ආයු කාලය ඉවර වේගෙන එද්දි ඇල්ටර්නේටර් එකෙන් කොච්චර චාර්ජ් එකක් දුන්නත් බැටරිය ඒ change එක රඳවා ගන්නෙ නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි රෑට වාහනය පදවනකොට හෙඩ් ලයිට් වල එළිය එකපාරටම අඩු වෙන්නෙ. වාහනය ideal එකේ, ඒ කියන්නෙ නවත්තලා එන්ජිම විතරක් පණ ගන්වලා තියන වෙලාවට ඒසී එක දැම්මොත් හෝ හෙඩ් ලයිට් දැම්මොත් එන්ජිමේ ආර් පී එම් එක අනවශ්‍ය විදිහට පහළ බහිනවා නම් ඒකටත් හේතුව බැටරියෙන් ලැබෙන සහය මදි වීමයි. වාහනයක තියන සවුන්ඩ් සිස්ටම් එක, සිගරට් ලයිටර් ප්ලග් එකෙන් චාර්ජ් වෙන ෆෝන් එක පවා බැටරියට ලොකු බලපෑමක් කරනවා බැටරිය දුර්වල වෙලා තියන වෙලාවට.

බැටරිය බාහිරව නිරීක්ෂණය කිරීම

ඒ වගේම අපිට පුළුවන් බැටරිය බලලත් ලොකු නිගමනයකට එන්න. වාහනයේ බොනට් එක ඇරලා බැටරිය තියන තැන හොඳින් පරීක්ෂා කරලා බලන්න. බැටරියේ දාරවල් එහෙමත් නැත්නම් බැටරි කූඩුව නිකන් පිම්බිලා වගේ මතු වෙලා පේන්න තියනවා නම්, ඒකෙන් කියන්නෙ බැටරිය ඇතුලෙ අධික රීචාර්ජ් වීමක් හෝ රත් වීමක් නිසා ඇතුලෙ තියන තහඩු නරක් වෙලා ගෑස් පිරිලා තියනවා කියන එකයි. මේ වගේ පිම්බුනු බැටරියක් තවදුරටත් පාවිච්චි කරන එක වාහනයට වගේම ඔබටත් අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ වගේම බැටරි ටර්මිනල්ස් උඩ සුදු පාට හෝ කොළ පාට කුඩු වගේ බැඳිලා තියනවා නම්, ඒකෙන් කියන්නෙ බැටරියෙන් ඇසිඩ් වාෂ්ප පිටතට කාන්දු වෙනවා කියන එකයි. මේකත් බැටරියේ ආයු කාලය අවසන් වීමේ ලකුණක්.

බැටරියක් ඇතුලෙ තියෙන්නෙ ඊයම් තහඩු සහ සල්ෆියුරික් ඇසිඩ් එකතු වෙලා සිද්ධ වෙන රසායනික ක්‍රියාවලියක්. කාලයක් යද්දි මේ තහඩු දිරාපත් වෙන්න ගන්නවා. අන්න ඒ වගේ වෙලාවට බැටරියේ ඇතුලතින් අධික ලෙස රත් වීම් සිදු වෙනවා. මේ රත් වීම නිසා බැටරියේ පිටත ප්ලාස්ටික් කවරය දෙපැත්තට පිම්බෙන්න ගන්නවා. ඔබ වාහනයේ බොනට් එක ඇරලා බලද්දි බැටරියේ පැති දෙක නිකන් බඩ ඇවිල්ලා වගේ පිම්බිලා තියනවා දැක්කොත් කිසිම වෙලාවක ඒක තවත් පාවිච්චි කරන්න එපා. මොකද ඒ වගේ බැටරියක් ඕනෑම වෙලාවක ඇතුලතින් ෂෝට් වෙලා පිපිරෙන්න වුනත් පුළුවන්. ඒ වගේම බැටරියේ අග්‍ර, ඒ කියන්නෙ පොසිටිව් සහ නෙගටිව් ටර්මිනල්ස් ලඟ සුදු පාට කුඩු වගේ බැඳිලා තියනවා නම් ඒව උණු වතුර දාලා පිරිසිදු කරලත් දවස් කිහිපයකින් ආයෙත් බැඳෙනවා නම් ඒකෙන් කියන්නෙ බැටරිය ඇතුලෙන් ඇසිඩ් වාෂ්ප පිටතට එනවා කියන එකයි. ඒකත් බැටරිය අයින් කරන්න කියන ලොකු ලකුණක්.

තාක්ෂණික පරීක්ෂණ ක්‍රමවේද

අපි ඊළඟට බලමු මේක තාක්ෂණිකව මැනගන්නෙ කොහොමද කියලා. ගොඩක් අයට මල්ටිමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. වාහනය ස්ටාර්ට් නොකර පැය කිහිපයක් තිබුනට පස්සෙ බැටරියේ වෝල්ටේජ් එක බැලුවොත් ඒක වෝල්ට් දොළහයි දශම හයක් හෝ හතක් වගේ තියෙන්න ඕනේ. ඒක වෝල්ට් දොළහයි දශම දෙකකට වඩා අඩුයි කියන්නෙ බැටරියේ චාර්ජ් එක සෑහෙන්න අඩුයි කියන එකයි. හැබැයි නියම පරීක්ෂණය කරන්නෙ වාහනය ස්ටාර්ට් කරන මොහොතෙයි. කෙනෙක් ලවා වාහනය ස්ටාර්ට් කරවන ගමන් ඔබ මල්ටිමීටරයේ අගය දෙස බලා සිටිය යුතුයි. එන්ජිම ක්‍රෑන්ක් වෙන ඒ තත්පරය ඇතුලත වෝල්ටේජ් එක වෝල්ට් දහයකට වඩා, ඒ කියන්නෙ වෝල්ට් නවයකට හෝ අටකට වගේ බහිනවා නම් ඒ බැටරිය නැවත පාවිච්චි කරන්න බැරි තරමටම දුර්වල වෙලා තියෙන්නෙ. ඒ වගේම බැටරි පරීක්ෂා කරන විශේෂ උපකරණ තියනවා ගරාජ් වල. ඒවයින් බැටරියේ සී සී ඒ (CCA) අගය මැනල බලන්න පුළුවන්. බැටරියේ සලකුණු කරල තියෙන සී සී ඒ අගයට වඩා සෑහෙන්න අඩු අගයක් පෙන්වනවා නම් බැටරියේ ආයු කාලය සම්පූර්ණයෙන්ම ඉවරයි.

තවත් ක්‍රමයක් තමයි බැටරි ලෝඩ් ටෙස්ටර් (Load Tester) එකක් මගින් බැටරිය පරික්ෂා කිරීම. මේකෙන් බැටරියට ලොකු විදුලි බරක් දීලා ඒක ඔරොත්තු දෙනවාද කියලා බලනවා. සාමාන්‍යයෙන් බැටරි කඩයකට හෝ ගරාජ් එකකට ගියොත් මේ පරීක්ෂාව ඉතාම ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. නඩත්තු කළ යුතු බැටරි, ඒ කියන්නෙ ඇසිඩ් වතුර දාන බැටරි වල නම් හයිඩ්‍රොමීටරයක් පාවිච්චි කරලා ඒ ඒ සෙල් වල තියන ඇසිඩ් වල ගුණාත්මක භාවය මැනලා බලන්න පුළුවන්. හැම සෙල් එකකම අගයන් සමානව තිබිය යුතු අතර, එක සෙල් එකක වත් අගය ගොඩක් අඩු නම් ඒ සෙල් එක ෂෝට් වෙලා කියලා තේරුම් ගන්න පුළුවන්. නඩත්තු රහිත බැටරි වල නම් කුඩා වීදුරු ඇසක් වගේ එකක් තියනවා, ඒකෙන් කොළ පාට පේනවා නම් හොඳයි, කළු හෝ සුදු පාට වෙලා නම් බැටරිය මාරු කරන්න කාලය හරි කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

සාමාන්‍ය ආයු කාලය

අපි හැමවිටම මතක තබා ගත යුතු තවත් දෙයක් තමයි බැටරියක සාමාන්‍ය ආයු කාලය. ලංකාව වගේ උණුසුම් දේශගුණයක් තියන රටක සාමාන්‍යයෙන් කාර් බැටරියක් වසර දෙකක් හෝ උපරිම වසර තුනක් වගේ කාලයක් තමයි හොඳින් ධාවනය වෙන්නෙ. ඔබ වාහනයට අරන් දැනට අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියනවා නම්, කිසිම ලෙඩක් පෙන්නුවේ නැතත් ඒ බැටරිය ඕනෑම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන් මට්ටමක තියෙන්නෙ. ඒ නිසා බැටරිය මිලදී ගත්තු දිනය සටහන් කරගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. කෙටි දුර ධාවනයන් පමණක් නිතරම කිරීමෙන් බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් වෙන්න වෙලාවක් ලැබෙන්නෙ නැති නිසාත් බැටරියේ ආයු කාලය වේගයෙන් අඩු වෙන්න පුළුවන්.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, බැටරිය සම්පූර්ණයෙන්ම සවුත්තු වෙලා නම් පාරේ අතරමං වෙනකම් ඉන්න එපා කියන එකයි. උදේට වාහනය ස්ටාර්ට් වෙන්න පොඩ්ඩක් හරි අමාරුයි වගේ දැනුන සැනින් ලඟම තියන බැටරි කාර්මිකයෙක් ලඟට ගිහින් බැටරිය පරීක්ෂා කරගන්න. බැටරි ටර්මිනල්ස් නිතරම පිරිසිදුව තබා ගැනීමත්, ඇසිඩ් බැටරි වල වතුර මට්ටම නිසි පරිදි පවත්වා ගැනීමත් මගින් බැටරියේ ආයු කාලය උපරිමයෙන් ලබාගන්න පුළුවන්. වාහනයේ අමතර විදුලි උපාංග, ඒ කියන්නෙ සබ් වූෆර්, අමතර ලයිට් වගේ දේවල් සවි කරලා තියනවා නම් බැටරියට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා බරක් වැටෙන නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. නියමිත කාලයට බැටරියේ තත්වය මැන බලා අවශ්‍ය නම් පමණක් අලුත් බැටරියකට මාරු වීමෙන් අනවශ්‍ය වියදම් මෙන්ම අපහසුතාවයන්ද මඟහරවා ගන්න ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම මේ වගේ අලුත් වාහන ගැන සහ තාක්ෂණයන් ගැන වටිනා තොරතුරු දැනගන්න Motor Guide අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!