වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහන පදවන ගොඩක් අය මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි වාහනයක ක්ලච් එක ස්ලිප් වෙන එක (Clutch Slipping). මේක ගොඩක් දෙනෙක් වාහනය පදවන අතරතුර අත්විඳින, හැබැයි මුලදී හරියට තේරුම් ගන්නේ නැති ප්‍රශ්නයක්. මැනුවල් ගියර් වාහනයක ක්ලච් එක කියන්නේ හරිම වැදගත් කොටසක්. ඉතිං අපි අද බලමු ඇයි මේ ක්ලච් එක ස්ලිප් වෙන්නේ, ඒකට මුල් වන හේතු මොනවද සහ ඒකෙන් වාහනයට වෙන හානිය වළක්වා ගන්නේ කොහොමද කියලා.

ක්ලච් එකක කාර්යභාරය කුමක්ද?

මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ clutch එකක වැඩේ මොකක්ද කියලා. එන්ජිමෙන් එන බලය gear box එකට හරියටම සම්ප්‍රේෂණය කරන්න උදව් වෙන්නේ clutch plate එක, pressure plate එක සහ flywheel එක එකිනෙකට තද වීමෙන්. මේ කොටස් ටික එකිනෙකට තදින් ඇකිලී තියෙන නිසා එන්ජිමේ Torque එක කිසිම හානියකින් තොරව රෝදවලට ලැබෙනවා. හැබැයි මේ කොටස් අතර ග්‍රහණය හරි විදිහට නැති වුණාම, එන්ජිම වේගයෙන් කැරකැවුණත් වාහනය හරියට ඉදිරියට යන්නේ නැහැ. අන්න ඒකට තමයි අපි clutch එක ස්ලිප් වෙනවා කියලා කියන්නේ.

ක්ලච් එකක් ස්ලිප් වීමට බලපාන ප්‍රධාන හේතු

1. ක්ලච් ලයිනිං එක ගෙවී යෑම

මේ clutch එකක් slip වෙන්න බලපාන ප්‍රධානම සහ සාමාන්‍යයෙන්ම දකින හේතුවක් තමයි clutch ලයිනිං එක ගෙවී යෑම. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, වාහනයක් කිලෝමීටර් ලක්ෂයක් විතර දුවපු ගමන් clutch plate තියෙන friction material එහෙමත් නැත්නම් ඝර්ෂණ පදාසය ගෙවිලා යනවා. Brake pad එකක් ගෙවුණාම brake අල්ලන්නේ නැතුව යනවා වගේ තමයි මෙතනදිත් වෙන්නේ. ලයිනිං එක ගෙවුණාම pressure plate එකට අර තැටිය තද කරගෙන ඉන්න බැරි වෙනවා. ඒ නිසා එන්ජිමේ speed එක වැඩි වුණත්, රෝදවලට ලැබෙන බලය අඩුවෙලා වාහනය පාරේ ඇඳි ඇඳි යන්නේ.

2. ඔයිල් කාන්දුවක් වීම (Oil Contamination)

ඊළඟට අපි කතා කරන්න ඕනේ තව වැදගත් කාරණයක් ගැන. ඒ තමයි gear box හෝ engine oil කාන්දුවක් වීම (Oil Contamination). ගොඩක් වෙලාවට එන්ජිමේ crankshaft oil seal එකෙන් හරි, gear box input shaft seal එකෙන් හරි එන engine oil හෝ gear oil ටිකක් clutch plate එක උඩට වැටුනොත් මොකද වෙන්නේ? හිතලා බලන්න, ඔයිල් වැටුන තැනක තදින් අල්ලාගෙන ඉන්න තියෙන ඝර්ෂණය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. තෙල් ගෑවුණු clutch plate එකක කිසිම වෙලාවක flywheel එකත් එක්ක හරි විදිහට අල්ලගෙන ඉන්නේ නැහැ. වාහනේ ස්ටාර්ට් කරලා යනකොට clutch එක ලිස්සලා යන්නේ අන්න ඒ හින්දා. මේ වගේ වෙලාවට අපි අලුත් clutch plate දැම්මත්, අර තෙල් කාන්දුව හදන්නේ නැතුව වැඩේ සාර්ථක වෙන්නේ නැහැ.

3. රියදුරන්ගේ වැරදි පුරුදු (Clutch Riding)

අපි දන්නවා සමහර රියදුරන්ගේ පුරුදු නිසාත් මේ ප්‍රශ්නය ඉක්මනට එන්න පුළුවන්. වාහනයක් පදවනකොට නිතරම වගේ ක්ලච් පැඩල් එක උඩ කකුල තියන් ඉන්න අයට (Clutch Riding) මේ අවදානම ගොඩක් වැඩියි. ගොඩක් අය හිතන්නේ කකුල පොඩ්ඩක් තියන් හිටියට මොකද කියලා. හැබැයි එහෙම කකුල තියන් ඉන්නකොට pressure plate එකේ තියෙන පීඩනය ක්ලච් තැටියට අඩුවෙන් ලැබෙන්නේ. ඒක හරියට බයිසිකලේක බ්‍රේක් ලීවරය පොඩ්ඩක් තද කරගෙන පදිනවා වගේ වැඩක්. මේ නිතර සිදුවන ඝර්ෂණය නිසා clutch plate එක ඉක්මනින් රත්වී, ගෙවී ගොස් slip වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ට්‍රැෆික් එකේදී වාහනය ක්ලච් එකෙන් විතරක් බැලන්ස් කරගෙන ඉන්න පුරුදු වෙච්ච අයගේ වාහනවල ක්ලච් තැටි ඉක්මනටම ගෙවිල යන්නෙ මේ නිසා.

4. Pressure Plate එකේ දුර්වලතා

ඊළඟට Pressure Plate එකේ තියෙන දුර්වලතා ගැනත් අපි බලන්න ඕනේ. කාලයත් සමඟ ප්‍රෙෂර් ප්ලේට් එකේ තියෙන Diaphragm Spring වල තද ගතිය නැතිවී යන්න පුළුවන්. එතකොට ඒකෙන් ක්ලච් තැටියට දෙන්න ඕන කරන නිසි පීඩනය ලැබෙන්නේ නැහැ. ස්ප්‍රින්ග් එක දුර්වල වුණාම, එන්ජිමෙන් වැඩි බලයක් ඉල්ලන අවස්ථාවලදී, ඒ කියන්නේ කඳු නගිනකොට හෝ බර පටවාගෙන යනකොට ක්ලච් එක ලිස්සන්න පටන් ගන්නවා.

5. ක්ලච් තැටියේ චලනයට බාධා වීම

ඒ වගේම ක්ලච් ප්ලේ එකේ නිදහසේ චලනය වීමට බාධා වන අවස්ථාත් තියෙනවා. Gear box Input Shaft එකේ අධික ලෙස කුණු හෝ දූවිලි එකතු වීම නිසා ක්ලච් තැටියට එහි නිදහසේ ඉදිරියට සහ පසුපසට යන්න බැරි වෙනවා. ඒ නිසා ක්ලච් පැඩල් එක අතහැරියත්, ක්ලච් තැටිය සම්පූර්ණයෙන්ම ෆ්ලයිවීල් එකට තද වෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසාත් ක්ලච් ස්ලිප් වීම සිදුවෙන්න පුළුවන්.

ක්ලච් එක ස්ලිප් වන බව හඳුනාගත හැකි ලක්ෂණ

ක්ලච් එකක් ස්ලිප් වෙනවා කියලා වාහනේ හරහා අපිට දැනගන්න පුළුවන් ලක්ෂණ මොනවද? වාහනය පදවනකොට සාමාන්‍යයට RPM එකට වඩා එන්ජිමේ RPM එක වැඩි වෙනවා, හැබැයි වාහනයේ වේගය ඒකට සමානුපාතිකව වැඩි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හතරවෙනි හෝ පස්වෙනි ගියර් එකක යද්දී එකපාරටම ඇක්සලේටර් පෑඩලය තද කළොත්, එන්ජින් සද්දේ විතරක් වැඩි වෙලා වාහනය ඉදිරියට අදින්නේ නැති ගතියක් දැනෙනවා නම්, ඒක තමයි හොඳම ලක්ෂණය. ඒ වගේම කඳු නගිනකොට අමුතු සුවඳක් (ගිනිගත් සුවඳක් වගේ) එනවා නම්, ඒකත් ක්ලච් ලයිනිං පිච්චෙන නිසා වෙන දෙයක්.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ඔබේ වාහනයේ මේ වගේ ලක්ෂණ දකිනවා නම් කිසිම වෙලාවක ඒක නොසලකා හරින්න එපා. ක්ලච් එක ස්ලිප් වෙන එක දිගටම කරගෙන ගියොත්, ඒකෙන් Flywheel එකටත් බරපතල හානි වෙන්න පුළුවන්. එතකොට අලුත්වැඩියාව තවත් වැඩි වෙනවා. ඒ නිසා ඉක්මනින්ම විශ්වාසදායක කාර්මිකයෙක් ළඟට ගිහින් ක්ලච් එක පරීක්ෂා කරගෙන, අවශ්‍ය නම් ක්ලච් කිට් (Clutch Kit) එක සම්පූර්ණයෙන්ම අලුතින් දාගන්න එක තමයි වඩාත්ම බුද්ධිමත් දේ. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!