වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

time
මිනිත්තු 5 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ වාහනයක් පදවන, වාහන වලට ගොඩක් ආදරය කරන ඔයාලා හැමෝටම තමන්ගේ වාහනයේ නිතරම තබාගත යුතුම සහ හදිසි අවස්ථාවකදී ලොකු උදව්වක් වෙන ඉතාම වැදගත් මෙවලමක් ගැනයි. ඒ තමයි ටයර් පන්චර් රෙපෙයාර් කිට් එකක් එහෙමත් නැත්නම් ටියුබ්ලස් ටයර් පන්චර් කිට් එකක් නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. වර්තමානයේ පාරේ ධාවනය වෙන හැම වාහනයකම වගේ භාවිත වෙන්නේ ටියුබ්ලස් ටයර් නිසා, මේ වගේ කිට් එකක් පාවිච්චි කරලා විනාඩි කිහිපයකින් පන්චර් එකක් තනියම සාදාගන්න එක රියදුරෙක් විදියට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනෙම දෙයක්. මේකෙන් ඔයාලගේ වටිනා කාලය වගේම මුදලුත් ඉතිරි කරගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.

හදිසි අවස්ථාවකට සූදානම් වීම

මුලින්ම අපි බලමු මේ වගේ හදිසි වැඩකට ලෑස්ති වෙන්නෙ කොහොමද කියලා. පාරෙ ධාවනය වෙමින් පවතින වාහනයක හදිසියේම හුලං අඩුවෙන බවක් හෝ ටයර් එකක් පන්චර් එකක් එහෙමත් නැත්නම් පැච් එකක් තියෙන බවක් තේරුණොත්, කලබල වෙලා එකපාරටම තදින් බ්‍රේක් කරන්න යන්න එපා. වාහනය සෙමින් පාලනය කරගෙන පාරෙන් අයිනට කරලා, සමතලා සහ ආරක්ෂිත ස්ථානයක නතර කරගන්න එක තමයි ප්‍රධානම සහ පළවෙනිම දේ. ඉන්පසුව වාහනයේ හෑන්ඩ් බ්‍රේක් එක හොඳින් ඇදලා, ගියර් එක පාර්කින් හෝ නිව්ට්‍රල් තත්වයට පත් කරලා, අනෙක් වාහන වලට දුර තියාම පෙනෙන විදියට හසර්ඩ් ලයිට්ස් දාගන්න එක අනිවාර්යයි. මොකද පාර අයිනේ වැඩක් කරද්දී ආරක්ෂාව තමයි හැමදේටම වඩා වටින්නේ.

සිදුර (Puncture) සොයාගැනීම

ඊළඟ වැදගත් පියවර තමයි ටයර් එකේ පන්චර් එක තියෙන තැන හරියටම හොයාගන්න එක. වාහනය ටිකක් ඉදිරියට හෝ පස්සට කරමින් ටයර් එක වටේම හොඳින් ඇස් දෙකෙන් නිරීක්ෂණය කරන්න ඕනෙ. ගොඩක් වෙලාවට ටයර් එකේ ඇතුලට ගිය ඇණයක්, කම්බි කෑල්ලක් හෝ කුඩා වීදුරු කැබැල්ලක් ඔයාලට දැකගන්න ලැබෙයි. පැහැදිලිවම පෙනෙන්න නැත්නම්, හුලං පිටවන ශබ්දය එන දිශාවට කන් දීලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් සබන් කුඩු ස්වල්පයක් වතුරට දාලා හදපු සබන් වතුර ටිකක් ටයර් එක වටේට හැමතැනටම දැම්මොත්, හුලං යන සිදුර තියෙන තැනින් සබන් බුබුළු මතු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රමයෙන් සිදුර තියෙන තැන සියයට සීයක්ම නිවැරදිව තහවුරු කරගන්න ඔයාලට පුළුවන් වෙනවා.

රෙපෙයාර් කිට් එකේ මෙවලම් හඳුනාගැනීම

දැන් අපි බලමු මේ පන්චර් කිට් එකේ තියෙන ආයුධ මොනවාද සහ ඒවා ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. මේ කිට් එකක ප්‍රධාන වශයෙන්ම ටී හැඩයේ මෙවලම් දෙකක් ඔයාලට දැකගන්න ලැබෙනවා. එකක් තමයි රීමර් (Reamer) එක. මේකේ කෙළවර රළු ස්පයිරල් හැඩයක් තියෙන්නේ, ඒකෙන් කරන්නේ ටයර් එකේ සිදුර පිරිසිදු කරන එක. අනෙක් මෙවලම තමයි ඉන්සර්ටර් (Inserter) එක. මේකේ කෙළවර ඉඳිකටුවක සිදුර වගේ මැදින් සිදුරක් නිමවා තියෙන්නේ. මේකට තමයි පන්චර් පටිය දාන්නේ. ඊට අමතරව ඇලෙන සුළු රබර් පටි සහ ගම් ටියුබ් එකක් මේ කිට් එකේ අඩංගු වෙනවා.

සිදුර පිරිසිදු කිරීම සහ සකස් කිරීම

වැඩේ ප්‍රායෝගිකව පටන් ගනිද්දී මුලින්ම ටයර් එකේ ඇනිලා තියෙන ඇණය හෝ කම්බි කැබැල්ල අඬුවක් භාවිත කරලා පරිස්සමට කෙලින්ම එළියට ඇදලා ගන්න ඕනෙ. ඇණය ඇදලා ගත්ත ගමන්ම සිදුරෙන් වේගයෙන් හුලං යන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට පමා වෙන්නෙ නැතුව අර ටී හැඩයේ රීරමර් මෙවලම අරගෙන සිදුර ඇතුලට කෙලින්ම තද කරන්න ඕනෙ.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි නිතරම දකින දෙයක් තමයි, ගොඩක් අය මේ රීමර් එකෙන් සිදුර සුද්ද කරන්න මැලි කමක් දක්වනවා, සිදුර විශාල වෙයි කියලා බය වෙනවා. හැබැයි රීමර් එක සිදුර ඇතුලට දාලා ඉහළට සහ පහළට කිහිප සැරයක් කරකවමින් සිදුර හොඳින් පිරිසිදු කිරීම සහ සිදුරේ ඇතුළු බිත්ති රළු කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. එතකොට තමයි පන්චර් පටිය ඇතුලට දාන්න ලේසි වෙන්නෙත්, ඒක ටයර් එකේ රබර් ලේයර් එකත් එක්ක හොඳින් එකතු වෙලා ඇලෙන්නෙත්.

පන්චර් පටිය ඇතුල් කිරීම

ඊළඟට අපි පන්චර් පටිය සූදානම් කරගන්න ඕනෙ. ප්ලාස්ටික් කොළයට ඇලිලා තියෙන රබර් පටියක් පරිස්සමට ගලවාගෙන, අර ඉන්සර්ටර් මෙවලමේ කෙළවරේ තියෙන සිදුර ඇතුලෙන් දාලා දෙපැත්තටම සමාන දිගක් ඉතුරු වෙන විදියට මැදට ගන්න ඕනෙ. හරියට ඉඳිකටුවකට නූල දානවා වගේ තමයි මේක කරන්න තියෙන්නෙ. ඊටපස්සෙ කිට් එකේ තියෙන රබර් ගම් ටිකක් අර පටිය වටේට සහ රීමර් එකෙන් සුද්ද කරපු සිදුර වටේටත් ස්වල්පයක් ගාන්න ඕනෙ. මේ ගම් එකෙන් සිදුර තවත් හොඳින් සීල් වෙන්නව වගේම පටිය ලිස්සලා ඇතුලට යන්න ලොකු දායකත්වයක් ලැබෙනවා.

දැන් ටයර් එකේ තියෙන රීමර් මෙවලම එකපාරින්ම එළියට ඇදලා, ඒ සැනින්ම අර පන්චර් පටිය දාපු ඉන්සර්ටර් මෙවලම සිදුරට තියල ඇතුලට තද කරන්න ඕනෙ. පටියෙන් කුඩා ප්‍රමාණයක්, ඒ කියන්නේ අඟලක් විතර ටයර් එකෙන් එළියේ ඉතුරු වන තෙක් එය ඇතුලටම තද කළ යුතුයි. පටිය සම්පූර්ණයෙන්ම ඇතුලට යවන්න එපා. ඉතාම වැදගත් දේ තමයි මේ මෙවලම කිසිම විටක කරකවන්නෙ නැතුව, කෙලින්ම ඉහළට එකපාරින් ඇදලා ගන්න ඕනෙ. එවිට අර දෙබල සහිත කෙළවරින් පටිය නිදහස් වෙලා, පටිය සිදුර ඇතුලේ නියමිත පරිදි තැන්පත් වෙනවා වගේම මෙවලම විතරක් එළියට එනවා.

පරීක්ෂා කිරීම සහ හුළං පිරවීම

දැන් ටයර් එකෙන් එළියට නෙරා ඇවිත් තියෙන පන්චර් පටියේ අතිරික්ත කොටස කුඩා බ්ලේඩ් එකකින් හෝ කතුරකින් පරිස්සමට කපා ඉවත් කරන්න ඕනෙ. මේක කපද්දී ටයර් එකේ මතුපිට මට්ටමටම කැපෙන විදියට කැපීම ප්‍රමාණවත්. ටයර් එක ඇතුලටම හෑරෙන විදියට කපන්න යන්න එපා. ඉන්පසු නැවත වතාවක් සබන් වතුර ස්වල්පයක් අර සාදාගත් ස්ථානයට දමා කිසිදු ආකාරයකින් හුලං කාන්දුවක් සිදු නොවන බව තහවුරු කරගන්න. කිසිදු බුබුළක් මතු නොවන්නේ නම් ඔබේ කාර්යය සියයට සීයක්ම සාර්ථකයි. අවසාන වශයෙන්, වාහනයේ ඇති කුඩා එයාර් කොම්ප්‍රෙෂර් එකක් මඟින් ටයර් එකට නියමිත පීඩනයට අනුව හුලං පිරවීම සිදු කරන්න පුළුවන්.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ටයර් පන්චර් රෙපෙයාර් කිට් එකක් කියන්නේ හදිසි අවස්ථාවකදී භාවිත කරන්න තියෙන තාවකාලික විසඳුමක් විතරයි කියන එක මුලින්ම මතක තබාගන්න ඕනෙ. විශේෂයෙන්ම ටයර් එකක මතුපිට ත්‍රෙඩ් එක තියෙන හරියේ වෙන පන්චර් එකක් මේ ක්‍රමයෙන් සාර්ථකව හදාගන්න පුළුවන් වුණත්, ටයර් එකේ පැත්තකින් එහෙමත් නැත්නම් සයිඩ්වෝල් එකේ වෙන සිදුරු මේ ක්‍රමයෙන් සකසන්න කොහෙත්ම බැහැ. සයිඩ්වෝල් එකේ පන්චර් එකක් වුණොත් අනිවාර්යයෙන්ම ස්පෙයාර් වීල් එක මාරු කරන්න හෝ වෙනත් වෘත්තීය මට්ටමේ පිළියමකට යන්න සිද්ධ වෙනවා.

ඒ වගේම මේ පන්චර් පටිය දාලා තාවකාලිකව ගමන නිමා කරගත්තට පස්සේ, පුළුවන් ඉක්මනින් වෘත්තීය ටයර් කාර්මික ශිල්පියෙකු ලඟට ගිහින් ටයර් එක ගලවලා ඇතුලතින් පැච් එකක් දමා ගැනීම තමයි වඩාත්ම ආරක්ෂිත වෙන්නෙ. අධික වේගයෙන් දිගු දුරක් ධාවනය කිරීමේදී මේ තාවකාලික පන්චර් පටි ගැලවී යාමේ අවදානමක් තියෙන නිසා, නිතරම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා.

නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියල මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    කවුරුත් වැඩිය නොදන්න Tire profiles

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    බැටරි එකක ආයු කාලය තීරණය වෙන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!