රථ වාහන දඩ ගැන හරියටම

time
මිනිත්තු 5 කියවීම
feature image

ඔබේ වාහනය නිසා ඔබම අමාරුවේ වැටුණු අවස්ථා තියෙනවද? එහෙම අවස්ථා නැතුවාම නෙවෙයි. නේද? හැබැයි ඉතින් ටිකක් කල්පනා කරලා බැලුවොත් ඒකට හේතුවත් ඔබේ නොසැළකිල්ල තමයි. එහෙම එක අවස්ථාවක් විදිහට රථ වාහන වැරදි වලට දඩ නියම වෙන එක හඳුන්වන්න පුළුවන්. මේ කියන්නේ පොලිස් දඩ ගැන නෙවෙයි, උසාවි දඩ ගැන. ගොඩක් අය රථ වාහන වරදක් සම්බන්ධව උසාවියට ගියාට ඇත්තටම, තමන් කරපු වරද සම්බන්ධව කොයි වගේ දඩයක් ලැබෙයිද කියන දේ ගැන හරියටම දන්නේ නැහැ. හැබැයි ඒ ගැන හරියටම දැනගෙන යන එක ඇඟට ගුණයි. මොකද එහෙම නැති වුණොත් නොහිතන ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා, MotorGuide අපි හිතුවා, මේ රථ වාහන දඩ ගැන හරියටම අද ඔබට කියන්න.

දඩ නියම වෙන රථ වාහන සම්බන්ධ වැරදි

High speed එකෙන් drive කිරීම

2019 අංක 10 සංශෝධන පනතේ තුන්වන වගන්තියේ මේ ගැන සඳහන් වෙලා තියෙනවා. නියමිත වේග සීමාව 20% ඉක්මවන අවස්ථාවකදී රු.3,000 කට නොඅඩු සහ රු.5,000 කට නොවැඩි දඩයක් ගෙවන්න වෙනවා.

නියමිත වේග සීමාව 20% ඉක්මවන සහ 30% නොඉක්මවන අවස්ථාවකදී රු.5,000 කට නොඅඩු සහ රු.10,000 කට නොවැඩි දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා.

රු.10,000 කට නොඅඩු සහ රු.15,000 කට නොවැඩි දඩයක් ගෙවන්න වෙන්නේ, නියමිත වේග සීමාව 30% ඉක්මවන සහ 50% නොඉක්මවන අවස්ථාවකදී. නියමිත වේග සීමාව 50% ඉක්මවන අවස්ථාවකදී රු.15,000 කට නොඅඩු සහ රු.25,000 කට නොවැඩි දඩයක් ගෙවන්න වෙනවා.

යම් කෙනෙක්ට තුවාලයක් සිදු කිරීම

හිතන්නකෝ, ඔබේ වාහනයෙන් යම් පුද්ගලයෙක්ට තුවාලයක් වුණා කියලා. එතකොට රු.30,000 කට නොඅඩු සහ රු.50,000 කට නොවැඩි දඩයකට හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම සහ driver ගේ driving license එක අවලංගු කරනවා. ගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම කියන දඩයටත් යටත් වෙන්න ඕනේ.

යම් කෙනෙක්ට බරපතල තුවාලයක් සිදු කිරීම

හදිස්සියේ හරි යම් පුද්ගලයෙක්ට බරපතළ තුවාලයක් සිදු කරන අවස්ථාවක, රු.50,000 කට නොඅඩු හා රු.100,000 ට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම හා driver ගේ driving license එක අවලංගු කිරීමට යටත් වෙන්න ඕනේ.

2019 අංක 10 දරණ මෝටර් වාහන සංශෝධන පනත යටතේ, මෝටර් වාහන පනතට සිදු වෙන්න ඕන සංශෝධන සහ එහි බලපෑම සඳහන් කරලා තියෙනවා. විශේෂම දේ තමයි 2019.06.20 දින සිට මේ සංශෝධනය බලපැවැත්වෙන අතර, ඒ යටතේ ප්‍රධාන ප්‍රඥප්තියට සිදු වුණු වෙනස්කම් ඒකෙ සඳහන් වෙන එක.

Driving License එක නැතුව drive කිරීම

Driving license එකක් නැතුව drive කිරීම යටතේ වන සංශෝධිත දඩ මුදල් කොහොමද කියලා දැන් අපි බලමු.

මුල් අවස්ථාවේදී අවම දඩය රු.25,000 ක් වන අතර, උපරිම දඩය රු.30,000 ක් වෙනවා.

දෙවෙනි අවස්ථාවේදී රු.30,000 ක අවම දඩයක් සහ රු.50,000 ක උපරිම දඩයක් ගෙවන්න වෙනවා.

දුම්රිය ගේට්ටු වසා පැවතියත් දුම්රිය මාර්ග හරහා ධාවනය කිරීම

සාමාන්‍යයෙන් ගොඩක් drivers ලා කරන ලොකු වැරද්දක් තමයි, දුම්රිය ගේට්ටු වහලා තියෙනකොට සංඥා හෝ බලයලත් නිලධාරියෙකුගේ විධාන වලට යටත් නොවී දුම්රිය මාර්ග හරහා drive කරන එක.

පළමුවර රු.25,000 ක අවම සහ රු.30,000 ක උපරිම දඩයක් ද, දෙවනවර රු.30,000 ක අවම සහ රු.40,000 ක උපරිම දඩ මාස 6 ක් දක්වා කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවනවා.

තුන්වන හෝ පසු දඩ විදිහට රු.40,000 ක අවම සහ රු.50,000 ක උපරිම දඩ සමඟ මාස 12 ක් දක්වා කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවනවා.

Drive කරන විට phone එක භාවිතා කිරීම

වාහනයක් drive කරනකොට phone එක හරි වෙනත් mobile communication device එකක් භාවිතා කරන එක නම් ගොඩක් අයගේ පුරුද්දක්. මේ යටතට earphone වගේම bluetooth වගේ communication device ඇතුළත් වෙනවා. මීට අදාළව 224 වන වගන්තිය යටතේ වන දණ්ඩනය පැනවෙන අතර, ස්ථානීය දඩ මුදලකුත් 215 (අ) වගන්තිය ප්‍රකාරව නියම කරන්න පුළුවන්.

බීමතින් රිය පැදවීම

216 වන වගන්තියේ සඳහන් වෙන විදිහට බීමත්ව රිය පැදවීමෙන් රු.25,000 ක අවම සහ රු.30,000 ක උපරිම දඩ සහ /හෝ මාස 3 ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීම සහ මාස 12 ක් දක්වා කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවනවා.

216 (අ) වගන්තිය යටතේ බීමත්ව, මුදලකට හෝ දීමනාවක් මත මගීන් ප්‍රවාහනය කිරීමෙන් පැනවෙන දඩය ගැන සඳහන් කරලා තියෙනවා. රු.25,000 ක අවම, රු.30,000 ක උපරිම දඩ සහ මාස 6 ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම සිද්ධ වෙනවා.

216 (ආ) (අ) වගන්තිය යටතේ බීමත්ව රිය පදවා යම් පුද්ගලයෙක්ගේ මරණය සිදු වුණොත් මොන වගේ දඩයක්ද ලැබෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙතනදි නම් බරපතළ දණ්ඩනයකට යටත් වෙන්න සිද්ධ වෙනවා. රු.1000,000 - 150,000 දඩ සහ / හෝ අවු. 2 - අවු.10 දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම සිද්ධ වෙනවා.

අපරික්ෂාකාරීව drive කිරීම

අන්තරාදායක විදිහට අපරික්ෂාකාරීව drive කිරීමෙන් පළමුවර රු.10,000 - 25,000 ක දඩ ලැබෙනවා. දෙවනවර රු.15,000 - 30,000 දඩ සහ රියදුරු බලපත්‍රය අත්හිටුවනවා. හැබැයි ඒ සඳහා කාලයක් නිශ්චිතව සඳහන් කරලා නැහැ.

තුන්වර හා ඉන් පසුව රු.20,000 - 40,000 සහ / හෝ මාස 6 ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කරනවා.

රක්ෂණ සහතිකය නොමැතිව drive කිරීම

මේ යටතේ රු.25,000 - රු.50,000 ක දඩයකට සහ / හෝ මාසයකට නොවැඩි කාල සීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කරන්න පුළුවන්.

ඒ වගේම ප්‍රධාන ප්‍රඥප්තියේ 136 (4) වගන්තිය ප්‍රකාරව රක්ෂණ සහතිකය නැතුව drive කිරීම කියන වරද සඳහා මේ කියපු දණ්ඩනයට අමතරව driving license එක මාස 12 ක කාලසීමාවක් අත්හිටුවන්න ඕනේ. මේ කාලසීමාව අඩු කරන්න පුළුවන් වෙන්නේ, වාර්තාගත කරන්න පුළුවන් හේතු තියෙනවා නම් විතරයි.

ප්‍රධාන ප්‍රඥප්තියේ 224 වන වගන්තිය (පොදු දණ්ඩනය) සංශෝධනය කිරීම

මෙතනදි වෙන තැනක සඳහන් වෙලා නැති වරදක් සම්බන්ධව දඩ නියම කරන්නේ කොහොමද කියන කාරණාව ගැන සඳහන් වෙනවා.

පළමුවර රු.2,500 - 7,500 ක, දෙවනවර රු.7,500 - 15,000 ක වගේම තුන්වනවර හෝ පසු අවස්ථාවක රු.15,000 - 25,000 ක දඩ මුදල් ගෙවන්න වෙනවා.

වාහනයට අදාළ විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ රැගෙන නොයාම

මෙතනදි පොදු දණ්ඩනය (224 වගන්තිය) යටතේ දඬුවම් ලැබෙන්න ඕනේ. ඒ අතරම මීට අදාළව 215 (අ) වගන්තිය යටතේ වන ස්ථානීය දඩයක් නියම කරන්නත් පුළුවන්.

මේ තමයි, රථ වාහන දඩ ගැන හරිම කතාව. ඇත්තම විස්තරේ තමයි ගොඩක් අය මේ ගැන හරියටම දන්නේ නැහැ. සමහර වෙලාවට දඩයක් නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා, උසාවියෙන් දඩ නියම වෙන රථ වාහන සම්බන්ධ වැරදි මොනවද, ඒ වැරදි වලට නියම වෙන දඩ මොනවද කියන මේ හැම දෙයක් ගැනම ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි හිතනවා, රථ වාහන දඩ ගැන අකුරක් නෑර මේ Article එකෙන් ඔබට දැන ගන්න ලැබෙන්න ඇති කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!