Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක් පදවනකොට අපේ සුවපහසුවට කෙලින්ම බලපාන, ඒ වගේම නොසලකා හැරියොත් වාහනයේ අනෙකුත් ප්රධාන කොටස්වලටත් විශාල හානියක් සිද්ධ කරන්න පුළුවන් ඉතාම සංවේදී යාන්ත්රික උපාංගයක් ගැනයි. ඒ තමයි වාහනයක Engine mounts. මේ Engine mounts ගෙවී ගියහොත් වාහනයේ අනවශ්ය ගැස්සීම සහ දෙදිරීම් ශීඝ්රයෙන් වැඩි වෙන්නේ කොහොමද කියන කාරණය බලමු. අපි හැමෝම දන්නවා අලුත් වාහනයකට නැගල එන්ජිම පණගැන්වූ සැනින් වාහනය ඇතුළට කිසිම සද්දයක් හෝ ගැස්සීමක් දැනෙන්නේ නැති තරම්. හැබැයි කාලයක් පාවිච්චි කරද්දී, වාහනය නතර කරලා තියෙන වෙලාවට හෙවත් idle තත්ත්වයේදී හෝ ගියර් මාරු කරනකොට මුළු dashboard එකම වගේම steering wheel එකත් තදින්ම වෙව්ලන්න පටන් ගන්නවා. අන්න ඒ කරදරකාරී ප්රශ්නයට ප්රධානම හේතුව වෙන මේ ඇන්ජින් මවුන්ට්ස්වල තාක්ෂණික කතාව අද අපි හරියටම තේරුම් ගනිමු.
සරලවම කිව්වොත්, Engine mounts කියන්නේ වාහනයේ engine එක සහ ගියර් පෙට්ටිය හෙවත් transmission එක වාහනයේ ප්රධාන යකඩ චැසියට එනම් chassis හෝ frame එකට ස්ථාවරව සම්බන්ධ කර තබා ගන්නා ශක්තිමත් ආධාරක පද්ධතියකටයි. සාමාන්යයෙන් වාහනයක එන්ජින් මවුන්ට්ස් 3ක් හෝ 4ක් දක්වා ප්රමාණයක් අන්තර්ගත වෙනවා. මේවා නිපදවන්නේ ඉතාම ශක්තිමත් metal කොටස් දෙකක් මැදට ඝන rubber තට්ටුවක් හෝ සමහර නවීන වාහනවල සුවිශේෂී hydraulic fluid ඇතුළත් කරලයි. මේ ක්ෂේත්රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, මවුන්ට් එකක් ඇතුළේ තියෙන මේ රබර් හෝ ද්රව පද්ධතියේ ප්රධානම කාර්යය වෙන්නේ එන්ජිම ඇතුළත සිලින්ඩර ධාවනය වන විට එනම් internal combustion ක්රියාවලියේදී නිපදවන දෙදිරීම් සියල්ලම උරාගෙන එනම් shock absorption මාධ්යයක් ලෙස ක්රියා කරමින් චැසිය වෙත ගමන් කිරීම 100%ක්ම වළක්වාලීමයි.
නමුත් කාලයත් සමඟ වාහනය ධාවනය වන විට මෙම මවුන්ට්ස් අධික ලෙස රත් වීමට වගේම එන්ජිමෙන් කාන්දු වන engine oil leaks නිසා රසායනික ප්රතික්රියාවලට ලක්වෙනවා. මෙහි ප්රතිඵලයක් ලෙස රබර් තට්ටුව දැඩි ලෙස දිරාපත් වී කැඩී යාම හෝ ඉරී යාම එනම් cracking and tearing සිදුවෙනවා. hydraulic මවුන්ට්ස්වල ඇති ද්රව කාන්දු වීම හෙවත් fluid leak වීම සිදුවෙනවා. මෙලෙස Engine mounts worn out වූ සැනින්, එන්ජිමෙන් නිපදවන ව්යවර්ථය සහ දෙදිරීම් පාලනය කරන්න කිසිදු මාධ්යයක් ඉතිරි වෙන්නේ නැහැ. එහි ප්රතිඵලයක් ලෙස එම සියලුම චාලක තරංග කෙළින්ම වාහනයේ යකඩ චැසිය හරහා මුළු වාහනයේ cabin එක ඇතුළටම ගලාගෙන එනවා. වාහනයේ එන්ජිම ක්රියාත්මක වන විට සිදුවන දහන ක්රියාවලිය නිසා ඇතිවන සහ පිස්ටන් ඉහළ පහළ යාම නිසා ඇතිවන සියලු. ගැස්සීම් චැසියට දැනීම වැළැක්වීමට මෙම රබර් කොටස් නිසි පරිදි තිබීම අත්යවශ්යම කරුණක් වෙනවා.
ඒ වගේම මේ engine mounts worn අවස්ථාවකදී වාහනයෙන් අපිට පෙනෙන්නට තිබෙන ප්රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා
1. Idle Vibration:
ඔබ ට්රැෆික් එකක හෝ red light එකක වාහනය නතර කර D mode හෝ idle තත්ත්වයේ බ්රේක් පාගා සිටින විට, වෙනදාට වඩා විශාල vibration එකක් මුළු වාහනය පුරාම දැනෙන්න ගන්නවා. වාහනයේ A/C එක ඔන් කළ සැනින් එන්ජිමට එන අමතර ලෝඩ් එක නිසා මේ දෙදරීම තවත් දරුණු අතට හැරෙනවා. කැබින් එක ඇතුළේ ඇති ප්ලාස්ටික් කොටස් පවා මෙහිදී එකිනෙක ගැටෙමින් ශබ්ද නිකුත් කරන්න පුළුවන්.
1. Clunking dynamic noises:
ඔබ manual වාහනයක ක්ලච් එක මුදාහරින විට හෝ automatic වාහනයක P සිට D හෝ R mode වෙත ගියර් ලීවර් එක මාරු කරන විට ඩෑෂ්බෝඩ් එක ඇතුළෙන් ලොකු ලෝහමය thumping noise එකක් ඇසෙන්න ගන්නවා. මවුන්ට් එක කැඩී ඇති නිසා ගියර් මාරු වන ක්ෂණික බලයට එන්ජිම එක තැනක නොරැඳී ඉදිරියට හෝ පස්සට තදින්ම පෙරළීමට එනම් engine movement එකක් ඇති කිරීමට උත්සාහ කිරීම මෙයට හේතුවයි.
3. Vibration during acceleration:
වාහනය ධාවනය කරමින් accelerator pedal එක තද කරන විට එන්ජිම මත පැටවෙන ඉහළ බලය එක නිසා මුළු වාහනයම එක දිගට ගැස්සෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම කන්දක් නගින විට හෝ වාහනයට වැඩි බරක් පටවා ඇති විට මෙම දෙදිරීම ඉතාම තදින් දැනෙන්නට ගන්නවා.
මෙම ප්රශ්නය දිගින් දිගටම නොසලකා හැරියොත් සිදුවන හානිය අතිමහත්. එන්ජිම තමන්ගේ නියමිත ස්ථානයෙන් මිදී සෙන්ටිමීටර කිහිපයක් හෝ පැත්තකට ඇලවීම නිසා වාහනයේ ඇති ඉතාම සංවේදී radiator hoses, A/C lines වගේම වයරින් එක තදින් ඇදීමට ලක්වී ක්ෂණිකව කැඩී යන්න පුලුවන්. ඒ වගේම ගියර් පෙට්ටියේ සිට රෝද වෙත බලය ගෙනයන drive shafts වල කෝණයන් වෙනස් වීම නිසා වාහනයේ සම්ප්රේෂණ පද්ධතියටම දැඩි යාන්ත්රික හානි සිදුවෙන්න පුළුවන්. එන්ජිම අධික ලෙස සෙලවීම නිසා Exhaust system එකෙහි ඇති බට සහ joints පවා පුපුරා යාමේ ලොකු අවදානමක් තියනවා.
මීට අමතරව, සමහර නවීන වාහනවල active engine mounts පද්ධති දැකගත හැකියි. මේවා සාමාන්ය රබර් මවුන්ට්ස් වගේ නෙවෙයි, එන්ජින් පරිගණකය මඟින් පාලනය වන electronic පද්ධතියක් මඟින් ක්රියාත්මක වෙනවා. එන්ජිමෙන් නිපදවන දෙදිරීම්වලට ප්රතිවිරුද්ධ තරංග (Counter-vibrations) නිපදවමින් කැබින් එක 100%ක්ම නිශ්ශබ්දව තබාගන්න මේවාට පුළුවන්. හැබැයි මේ වගේ active මවුන්ට්ස් ගෙවී ගියොත් හෝ වයරින් ලෙඩක් ආවොත්, dashboard එකේ check engine light එක පවා දැල්වෙන්න පුළුවන්.
Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනය පණගන්වා තිබෙන විට හෝ ධාවනය වන විට ඉහත සඳහන් කළ ලක්ෂණ හෝ අමුතු ගැස්සීමක් දැනුණහොත් වහාම සහතික ලත් කාර්මිකයෙකු ලවා Engine mounts ගලවා පරීක්ෂා කරගන්නා ලෙසයි. විශේෂයෙන්ම එක් මවුන්ට් එකක් කැඩී ඇති බව හඳුනාගත්තොත්, එය පමණක් මාරු කිරීමට සීමා නොවී අනෙක් මවුන්ට්ස්වල තත්ත්වයද හොඳින් බලන්න. මන්ද එකක් කැඩුණු විට එන්ජිමේ සම්පූර්ණ බර අනෙක් මවුන්ට්ස් මත පැටවෙන නිසා ඒවාද ඉතාම කෙටි කලකින් කැවී යන්න ඉඩ තියනවා. සෑම විටම අනුමත කරන ලද උසස් තත්ත්වයේ OEM හෙවත් Original Equipment Manufacturer මවුන්ට්ස්ම භාවිත කිරීමෙන් ඔබේ වාහනයේ සැබෑ සුවපහසුව මෙන්ම එන්ජිමේ ආරක්ෂාවද උපරිමයෙන්ම රැකගන්න පුළුවන්.
ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.


































