කඳු මුදුනකදී Manual වාහනයක Clutch එක නිසි ලෙස පාලනය කරමු

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ ළඟ තියෙන්නේ manual වාහනයක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබට clutch එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර අයට නම් manual වාහනයක clutch එක ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. සමහර විට, කඳු වගේ තැනකින් manual වාහනයක් drive කරනකොට clutch එක control කරන්න ඕනෙ කොහොමද කියලා ඔබටත් ඒ තරම් අවබෝධයක් නැතුව ඇති. ඉතින් MotorGuide අපි අද ඔබට කියන්නේ, කඳු මුදුනකදී manual වාහනයක clutch එක හරියටම control කරන විදිහ ගැන.

Clutch එකෙන් මොකද වෙන්නේ?

Engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවය control කරන්නේ, clutch එක මඟින්. Clutch එක පාගනවා කියන්නේ, engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවය නැති වෙනවා කියන එක. එතකොට වාහනය Neutral තත්වෙට පත් වෙනවා. Clutch එක release කරනකොට, engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවය නැවත ඇති වෙනවා.

Clutch එක control කරන්නේ කොහොමද?

මුලින්ම hand brake එක හොඳින් ඉහළට ක්‍රියාත්මක කරන්න. හදිස්සි අවස්ථාවකදී කඳු මුදුනකදී වාහනය නතර වුණොත් foot brake සහ hand brake යන දෙකම ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වෙලාවෙ ඔබ clutch එක පාගගෙනනේ ඉන්නේ. දැන් ටිකෙන් ටික කකුල උඩට ඔසවලා clutch එක release කරන්න. එහෙම කරනකොට, වාහනයේ sound එකත් එක්ක දෙදරන ස්වභාවයක් ඇති වෙනවා. මේ අවස්ථාවට තමයි, clutch එකේ biting point අවස්ථාව කියන්නේ. Clutch එක biting point අවස්ථාවට ආවම hand brake එක release කරන්න ඕනේ. ඊට පස්සේ, foot brake එක release කරලා බලන්න, වාහනය ඉදිරියට හරි පිටු පසට හරි යනවද කියලා. එතකොට වාහනය කොහේටවත් යන්නේ නැත්නම්, ඒ අවස්ථාවට clutch balance කියලා කියනවා.

Clutch balance අවස්ථාවට නාවොත් මොකද කරන්නේ?

කලින් කියපු විදිහටම, මුලින්ම hand brake එක ක්‍රියාත්මක කරනවනේ. ඊට පස්සේ hand brake එක අක්‍රීය කරලා, foot brake එක release කළාම, වාහනය පහළට යනවා නම්, ඒ clutch balance අවස්ථාව නෙවෙයි. ඒ කියන්නේ, clutch එක තව ටිකක් ඉහළට එන්න ඕනේ. මොකද මේ වෙලාවේ clutch එක තියෙන්නේ, balance අවස්ථාවට වඩා පහළින්. එතකොට ආපහු foot brake එක release කරලා, clutch එක තවත් ඉහළට ගේන්න ඕනේ.

හිතන්නකෝ, foot brake එක release කරනකොට, වාහනය ඉදිරියට යනවා කියලා. ඒකත් clutch balance අවස්ථාව නෙවෙයි. Balance අවස්ථාවට එන්න නම්, clutch එක තව පහළට යන්න ඕනේ. ඒ කියන්නේ, clutch එක තියෙන්නේ, balance අවස්ථාවට වඩා ඉහළින්.

Slipping the clutch කියන්නේ මොකක්ද?

Clutch balance අවස්ථාවට ආවම, එතන ඉඳලා ඉහළට එන ප්‍රමාණය තමයි, slipping the clutch අවස්ථාව කියන්නේ. Slipping the clutch අවස්ථාවෙන් පුළුවන්, වාහනය ඉදිරියට ගන්න. දැන් හිතන්න, clutch balance අවස්ථාවේ ඉන්නේ කියලා. මෙතනදි foot brake එක හෙමින් release කරන්න ඕනේ. ඒ කියන්නේ, අනිවාර්යයෙන්ම foot brake එක අක්‍රීය වෙන්න ඕනේ. වාහනය ඉදිරියට යනවත් එක්කම foot brake එක release කරනවා. එතකොට වාහනය යන්නේ, slipping the clutch අවස්ථාවේ. Clutch එක උඩ යට පෑගීමෙන් වාහනයේ speed එක අඩු වැඩි කරන්න පුළුවන්. Clutch balance අවස්ථාවට එනවා කියන්නේ, වාහනය නතර වෙනවා. Balance අවස්ථාවේ ඉඳලා clutch එක උඩට එනවා නම්, වාහනයේ speed එක වැඩි වෙනවා.

හැබැයි කිසිම වෙලාවක කන්දකදි clutch balance කරනකොට, slipping the clutch අවස්ථාව භාවිතා කරලා වාහනය ඉදිරියට ගන්න එපා. තැනිතලා වගේ තැනකදි නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් කඳු මුදුනකදී slipping the clutch අවස්ථාව භාවිතා කරන්න යන්න එපා. එහෙම කළොත්, clutch plate එකට සහ pressure plate එකට හානි වෙනවා. ඒ නිසා, clutch balance අවස්ථාවේදී clutch එක release වෙනවත් එක්කම accelerator එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ විදිහට ඔබට වාහනය ඉදිරියට අරගෙන යන්න පුළුවන්.

කඳු මුදුනකදී clutch balance කරන්න අමාරුයිද?

ගොඩක් අයට කඳු මුදුන් වලදි clutch balance කරන්න අමාරුයි. Clutch balance කරන්න කලින්, clutch එක යම් ප්‍රමාණයක් ඉහළට එන්න ඕනනේ. ඒ කියන්නේ, clutch එක biting point අවස්ථාවට එන්න ඕනේ. Biting point අවස්ථාවට එන්න කලින්, accelerator එක ලබා දෙන්න ඕනේ. හැබැයි එහෙම accelerator ලබා දෙන්න හොඳ නැහැ. වාහනය ඉස්සරහට යනවා තමයි. හැබැයි කලින් කියපු විදිහට ඒකෙන් clutch plate සහ pressure plate වලට වෙන හානිය නිසා, ඔබට තවත් මුදලක් වියදම් කරන්න වෙනවා. Clutch balance අවස්ථාවට ආවට පස්සේ, slipping the clutch අවස්ථාව භාවිතා කරන්න පුළුවන්. Clutch balance එකට ආවම, clutch එකට යම් ප්‍රමාණයක් උඩට එන්න දීලා අනිවාර්යයෙන්ම accelerator එක ක්‍රියාත්මක කරන්න ඕනේ.

Clutch එක control කරන්න බැරි අවස්ථා මොනවද?

Clutch balance අවස්ථාවට ආවට පස්සේ, clutch එක release කරනකොට, foot brake එකෙන් කකුල නිදහස් කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් වාහනය එක තැන නතර වෙනවා. කඳු මුදුනකදී වාහනය slipping the clutch අවස්ථාව භාවිතා කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම මේක භාවිතා කරන්න එපා. Clutch balance අවස්ථාවට ආවට පස්සේ, accelerator එක use කරන්න.

Drive කරනකොට clutch එක මත කකුල තියාගෙන යන්න එපා. එහෙම ගියාට කමක් නැහැ. හැබැයි, clutch එක ක්‍රියාත්මක කරන්න එපා. එහෙම කළොත් වෙන්නේ, engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවයට බාධා ඇති වෙන එක. එතකොට pressure plate එකට අනවශ්‍ය pressure එකක් ඇති වෙනවා.

දැන් ඔබ හරියටම දන්නවා, clutch එකෙන් මොනවද වෙන්නේ කියලා. ඒ වගේම කඳු මුදුනකදී manual වාහනයක clutch එක හරියටම control කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ ගැන නොදන්න, ඔබ දන්න අය ඉන්නවා නම් වරද්දන්නේ නැතුව, එයාලටත් මේ ගැන කියන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!