වැස්සේ වාහනේ drive කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 2 කියවීම
feature image

හොඳටම අහස කලු කරලා තියෙන වෙලාවක වාහනේ drive කරන්න කළිං නම්, යන්න ඕනෙ ගමන පොඩ්ඩක් කල් දාන්න පුළුවන්. ඒත් හිතන්නකො, drive කරන වෙලාවට එක පාරටම මහා වැස්සක් කඩං වැටුණොත් කොහොමද? මොකද වැස්ස sure කරන්න බෑනෙ. හැබැයි අපි දැනගන්න ඕනෙ, කොච්චර හයියෙන් වැස්සත් හරිම පරිස්සමෙන් වාහනේ drive කරන්න. ඉතින්, මහා වැස්සෙත්, වැස්සෙන් පරිස්සම් වෙලා වාහනේ drive කරන්නෙ කොහොමද? ඒ ගැන තමයි අද MotorGuide තුළින් අපි ඔබට කියන්නෙ.

වැස්සෙ drive කරන්න කළිං මේ ගැන හිතන්න.

"හොඳටම වහිනවා, ඇත්තටම මේ ගමන මේ වෙලාවෙ යන්න ඕනෙද? වැස්ස ටිකක් පායනකං ගමන ටිකක් කල් දාන්න බැරිද?" මේ ගැන ඔබ ඔබෙන්ම විමසන්න. ඒත් යන්න අවශ්‍යම නම්, windshield සහ wiper පරීක්ෂා කරන්න. ඉදිරිපස සහ පසුපස wiper blades හොඳ තත්වයේ තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඒවා වෙනස් කරන්න. ඊට පස්සෙ ඔබට යන්න ඕනෙ මාර්ගය වහලද, අනතුරක්ද, ගංවතුරද කියලා හොයලා බලන්න.

මහා වැස්සක වාහනේ drive කරන හැටි.

මාසෙකට පාරක් පිරිසිදු කරන්න.

මාසෙකට පාරක් windshield සහ shutters වල පිටත සහ ඇතුළත පිරිසිදු කරන්න. අනිත් එක තමයි, හැම දවසකම drive කරන්න කළිං headlight, taillight, turn signal සහ tyre treads පරීක්ෂා කරන්න. එතකොට යන අතර මගදි කොච්චර වැස්සත් ඔබට කලබල වෙන්න දෙයක් නෑ.

steering සැහැල්ලුද?

වාහනයේ steering එක හදිසියේම සැහැල්ලු බවක් දැනෙනවා නම් පාදය accelerator එකෙන් ඉවතට ගෙන නැවත control එකක් දැනෙන තුරු වේගය අඩු කිරීමට ඉඩ දෙන්න. ඔබ නැවත control කරන තුරු තිරිංග තද කරන්න එපා. එම අවස්ථාවේදී යම් ඝර්ෂණයක් සහ තාපයක් ඇති කිරීම සඳහා brake pedal එක මෘදු ලෙස මදින්න.

වේගය අඩු කරන්න.

කතාවකුත් තියෙන්නෙ, ඉක්මන් කොටයි කියලා. ඒ නිසා වැස්සෙ වාහනේ drive කරනකොට තියෙන හදිසියට ඉක්මනින් යන්නැතුව ඉවසීමෙන් යන්න. වාහනයේ වේගය නිරීක්ෂණය කරලා ඔබේ වාහනයයි ඉදිරියෙන් ඇති වාහනයයි අතර අවම වශයෙන් තත්පර පහක පරතරයක් තියන්න.

ඒ වගේම වේගයෙන් ගමන් කරන වාහන ගැනත් සැළකිලිමත් වෙන්න වග බලාගන්න ඕනෙ. පදිකයින් හෝ පාපැදිකරුවන් අසළ ඇති වලවල් හරහා වේගයෙන් යාමෙන් වළකින්න.

ඕනවට වඩා ගැඹුරට යන්න එපා.

මාර්ගයේ තිබෙන වලවල් වතුරෙන් වැසී ඇත්නම් ඒ තැන්වල වාහනයක් drive කරන්න බැරි තරම් ගැඹුරු වෙන්න පුළුවන්. මාර්ගයේ අඟල් තුනක් වගේ ගැඹුරකින් වාහනය ඔබට control නැති වෙනවා. ඔබට එය control කරගන්න පුළුවන් වුණත්, විශාල වාහනයකට ඒ වතුරෙන් කොටසක් ඔබේ වාහනයට යටින් තල්ලු කරන්න පුළුවන් අතර එමඟින් එන්ජිම ක්‍රියාවිරහිත වෙනවා.

වැස්සෙ වුණත් මේ වගේ පොඩි පොඩි දේවල් missed කිරීම තමයි මහා විශාල අනතුරු වලට හේතු වෙන්නෙ. ඒ නිසා වැස්සෙ drive කරන්න කලිනුත් වැස්සෙ drive කරනකොටත් අද කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!