Highway එකේ හරියටම වාහනයක් drive කරන්නේ කොහොමද?

time
මිනිත්තු 5 කියවීම
feature image

ළඟදි Highway එකේ එහෙම ගියාද? දුර ගමනක් යන්න set වුණොත් නං, ගමන ඉක්මන් කර ගන්න Highway එකේනෙ යන්නෙ. ඒ ඇරෙන්න බොහෝ දෙනා සාමාන්‍යයෙන් තමන්ගෙ ගමන් බිමන් යන්නෙ Highway එකේ. මොකද Highway එකේ යනකොට, කාලෙ ඉතිරි වෙනවා වගේම traffic ප්‍රශ්නත් නැති තරම්. ඒ නිසා අනිවාර්යයෙන්ම Highway එකේ වාහනයක් drive කරන විදිය ගැන දැනගෙන ඉන්න එක වැදගත්. ඔබ වාහනයක් ගන්න ඉන්න කෙනෙක් වුණත්, ළඟදි වාහනයක් ගත්තු කෙනෙක් වුණත් නැත්නම් වාහනයක් තියෙන කෙනෙක් වුණත් මේ ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඉතින් ඔය කාට කාටත් දැන ගන්න, MotorGuide අපි හිතුවා, Highway එකේ හරියටම වාහනයක් drive කරන්නෙ කොහොමද කියලා step by step ඔබට කියන්න.

Highway එකට ඇතුළු වෙන්නෙ කොහොමද?

Highway එකට පිවිසෙනකොට ඔබට ticket එකක් හම්බ වෙනවා. ඒක Highway එකෙන් Exit වෙනකම්ම පරිස්සම් කරලා තියාගන්න. ගමන් කළ යුතු දිශාව, මාර්ග දිශා පුවරුව තුළින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියෙන් ඇති නගරයේ Exit එකට තියෙන km ගණනත් දර්ශන පුවරු මඟින් ඔබට බලා ගන්න පුළුවන්. Highway එකේ යන්න පුළුවන් උපරිම වේගය 100 km/h යි. ඊට වඩා වැඩි වේගයකින් වාහනේ drive කළොත් එහෙම ඔබට සිද්ධ වෙනවා, පොලීසියේ දඩ කොළයකට යටත් වෙන්න.

Highway එකේ drive කරන්නෙ කොහොමද?

මතක ඇතුව seat belt නිසිලෙස පැළඳ ගන්න. ඒක නම් Highway එකේදි විතරක් නෙවෙයි, Normal Root එකේ යනකොටත් අනිවාර්යයෙන් කරන්න. අනිත් එක තමයි, Highway එකේ යනකොට, phone එක නම් පැත්තකට කරලා තියන්න. මොකද ඔබේ මුළු focus එකම තියෙන්න ඕනෙ ඔබේ root එකට. අපි දැන් වෙන වෙනම බලමු කොහොමද Highway එකේ drive කරන්නෙ කියලා.

Highway එකේ තියෙන Lanes මොනවද?

Highway එකේ වම්පස සහ දකුණුපස ලෙස lane දෙකක් තියෙනවා. වම්පස තියෙන lanes එක භාවිතා කරන්නෙ, ඉදිරියට යන්න. තවත් වාහනයක් overtake කරන්න තමයි දකුණුපස lane එක භාවිතා කරන්නෙ. Highway එකේ drive කරනකොට එකම lane එකේ යන්න බෑනෙ. Lane එක මාරු කරන්න වෙනවා. තවත් වාහනයක් overtake කරන එක, overtake කළාට පස්සෙ නැවත මුල් lane එකටම යන එක, ඒ වගේ අවස්ථා වෙනවා. මොනම හේතුවක් නිසාවත් වැරදි lane එකේ යන්න එපා. ඔබට යන lane එක වෙනස් කරන්න අවශ්‍ය නම්, සුදුසු signal light භාවිතා කරන්න. ඒ වගේම වේගය ගැන අවධානෙන් ඉන්න ඕනෙ.

වාහන අතර තිබිය යුතු දුර

Highway එකේ drive කරනකොට ඔබේ වාහනය සහ Highway එකේ යන අනිත් වාහන අතර වැඩි දුරක් තියා ගන්න ඕනෙ. හිතන්නකො ඔබේ වාහනෙයි, ඉදිරියෙන් යන වාහනෙයි අතර වැඩි පරතරයක් නෑ කියලා. එතකොට හදිසියේ හරි ඉදිරියෙන් යන වාහනේ brake කළොත් එක පිට එක වාහන අනතුරට ලක් වෙන්න පුළුවන්. ඒත් ආරක්‍ෂිත දුර ප්‍රමාණයක් තියා ගත්තොත් ඔබට brake ගැසීමට හෝ අනිත් වාහන සමඟ ගැටීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් තියෙනවා. ඒ නිසා නිතරම ඉදිරියෙන් යන වාහනේට වඩා සැළකිය යුතු දුරකින් ඔබේ වාහනේ තියා ගන්න.

Overtake කරන්නෙ කොහොමද?

Highway එකේ drive කරනකොට, තවත් එක වැදගත් අවස්ථාවක් තමයි, අනිත් වාහන overtake කරන එක. Overtake කරන්න භාවිතා කරන්නෙ දකුණු පස lane එකනෙ. මුලින්ම දකුණු පසට signal යොමු කරලා, දකුණු පැත්තෙ side mirror එකෙන්, පිටුපසින් වාහන තියෙනවද කියලා පරීක්ෂා කරන්න. ළඟ වාහන නැත්නම් ඉදිරියෙන් යන වාහනේට වඩා වැඩි වේගයකින් ඒ වාහනය overtake කරන්න. Overtake කළාට පස්සෙ නැවත වම් පස lane එකට යන්න ඕනෙ. ඒකට වම් පසට signal යොමු කරලා, වම් පැත්තෙ side mirror එකෙන්, පිටුපස වාහන පරීක්ෂා කරන්න. ඊට පස්සෙ වම් පස lane එකට වාහනේ ගන්න.

Signal දාන්නෙ ඇයි?

Highway එකේ යන අනිත් වාහන වල movements ගැන ඔබ දැනුවත් වෙන්න ඕන වගේම, ඔබේ වාහනයේ movements ගැනත් අනිත් drivers ලා දැනුවත් කිරීම ගොඩක් වැදගත්. ඒකට තමයි ඔබ signal light use කරන්න ඕනෙ. Lane එක වෙනස් කිරීමේදී, හදිස්සියේ brake ගැසීමට අවශ්‍ය වන හැරවුමක් හෝ බාධාවක් දුටුවොත් නවත්වන්න කලින් වේගය අඩු කරන්න පටන් ගන්න.

Mirrors බලන්න

වාහනයේ තියෙන mirrors නිරන්තරයෙන් පරීක්ෂා කරන්න. ඒ වගේම Drive කරනකොට වාහනේ mirrors දිහා බලන එක පුරුද්දක් කර ගන්න. වාහනයක් overtake කරනකොට සහ lane එක වෙනස් කරනකොට මුලින්ම කරන්න ඕනෙ, පිටු පසින් වාහනයක් එනවද කියලා බලන එක. ඒකට ඔබට side mirrors භාවිතා කරන්න පුළුවන්.

වැස්සෙ Drive කරන්නෙ කොහොමද?

යන්න තියෙන හදිසිම ගමන ප්‍රමාද නොවී යන්න කියලා හිතාගෙන Highway එකේ යනකොට, නොහිතපු විදියට මහා වැස්සක් කඩං වැටුණොත් කොහොමද? ගමනට නම් ටිකක් ප්‍රමාද වෙයි. හැබැයි කොච්චර හදිසි ගමනක් වුණත් කලබල වෙලා drive කරන්න යන්න එපා. කතාවකුත් තියෙන්නෙ, කලබලේට කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා. වහින වෙලාවකදි හරි, වැස්සට පස්සෙ හරි මාර්ගය තෙත් වෙලා තියෙන නිසා ටයර් grip වෙන එක අපහසු වෙනවා වගේම, වාහනය පාරෙන් ඉවතට පනින්න ඉඩ තියෙනවා. ඒ නිසා එක තැන brake දැමීමෙන් වළකින්න. ලොකු වැස්සක් වහින වෙලාවට නම්, දවල් කාලයේදි වුණත් headlight දාගෙන යන්න. ඒක අනිත් drivers ලාට ඔබේ වාහනය දැක ගන්න පහසු වෙනවා.

රාත්‍රියේදී drive කරන්නෙ කොහොමද?

පුළුවන් තරම් රාත්‍රී කාලයට Highway එකේ drive කරන එක අඩු කරන්න. වැඩේ කියන්නෙ, හදිසි ගමන් එන්නෙත් අපිට ඕන වෙලාවට නෙවෙයිනෙ. එතකොට ඉතින් රෑ කියලා බලන්නෙ නැතුව ගමන යන්න වෙනවා. මේ වෙලාවට ගමන පහසු වෙන්නනෙ ඔබ Highway එක තෝරා ගන්නෙ. රාත්‍රියේදි Highway එකේ drive කරනකොට ඔබට හොඳ visibility එකක් තියෙන්න ඕනෙ. වාහනයේ windshield පිරිසිදු කරලා සියලුම headlight on කරලා වාහනේ drive කරන්න.

Highway එකේ කරන්න බැරි මොනවද?

Highway එකේ යනකොට කරන්න බැරි දේවල් කිහිපයකුත් තියෙනවා. එකක් තමයි වෙන root වල වගේ reverse කරන්න බෑ. අනිත් එක වාහනේ නවත්වාගෙන ඉන්නත් බෑ. එහෙම කරන්න පුළුවන් හදිසි අවස්ථාවකදි විතරයි. ඒ කියන්නෙ, මොකක් හරි අනතුරකදි නැත්නම් ආපදාවක් වගේ තත්වයකදි. ඒ නිසා Highway එකේ drive කරන ඔබ මේ ගැනත් දැනගෙන ඉන්න ඕනෙ.

මේ කියපු විදියට තමයි, Highway එකේ වාහනයක් හරියටම drive කරන්නෙ. දැන් ඉතින් පොඩි අවුලක්වත් නැතුව ඔබටත් පුළුවන් Highway එකේ drive කරන්න. හැබැයි මොන දේ දැනගෙන හිටියත්, මතක ඇතුව යන ගමන පරිස්සමින් යන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!