අනතුරු නොවන විදිහට වාහනයක් Drive කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන අනතුරු වලට මූලිකම හේතුව තමයි නොසැළකිලිමත්ව drive කිරීම. ඉතින් පරිස්සමින් වාහනය drive කළොත් ඔයාට අනතුරු වෙන එක වළක්වා ගන්න පුළුවන්. ආරක්ෂිතව drive කළොත් ඔයාට වගේම ඔයාගේ පවුලේ අයවත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා සැළකිලිමත්ව වාහනය drive කරනවා නම් පාරේ යන අනිත් අයත් ආරක්ෂා වෙනවා. ඉතින් MotorGuide අපි අද කියන්නේ අනතුරු නොවෙන විදිහට වාහනයක් drive කරන විදිහ ගැන.

අනතුරු වෙන්න පුළුවන් තැන් හඳුනාගන්න

මුලින්ම ඔයා අනතුරක් වෙන්න පුළුවන් ස්ථාන කලින් දැනගන්න ඕනේ. අන්න ඒ ස්ථාන වල ඔයා වාහනය ගොඩක් පරිස්සමින් drive කරන්න ඕනේ. විශේෂයෙන්ම ලොකු වංගුවක් ළඟ, bus holt එකක් ළඟ වගේම කහ ඉර ළඟදීත් ඔයා විශේෂ සැළකිල්ලක් දක්වන්න ඕනේ. මොකද ඒ වගේ ස්ථාන කියන්නෙම වාහන අනතුරක් වෙන්න පුළුවන් අවදානම වැඩි තැන්. මොකද කොයි වෙලාවේ වාහනයක් එයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කුඩා දරුවන් පාර මාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා ඒ තැන් වලදී විශේෂ අවධානයකින් වාහනය drive කරන්න මතක තියාගන්න.

වංගු වලදී පරිස්සම් වෙන්න

වංගු සහිත පාරවල් වලදී වේගයෙන් drive කරන ගමන් වාහනය හරවන්න හොඳ නැහැ. වංගු වල drive කරනකොට පාරෙන් පිට යන්න පුළුවන් වගේම ඉදිරිය කෙළින් ඔයාට පේන්නේ නැති නිසා අනතුරු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා වංගු වල drive කරනකොට වේගයෙන් drive කරන්නේ නැතුව ඒ තැන් වලදීත් විශේෂ අවධානයක් ලබා දෙන්න.

ගමන් කරන මාර්ගය ගැන සැළකිලිමත් වෙන්න

ඔයා ගමන් කරන මාර්ගය ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා යන්නේ කැලෑබද පාරකද, නාය යාම් වැඩි පාරකද ඒ වගේම සතුන් වැඩිපුර ගැවසෙන පාරකද කියන එක ගැන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ වගේ පාරවල් වලදී ඔයාට අනතුරක් වෙන්න පුළුවන් chance එක වැඩියි.

වාහන අතර නියමිත දුර තියාගන්න

ඔයා වාහනය drive කරනකොට ඔයාගේ වාහනයයි ඉදිරියෙන් තියෙන වාහනයයි අතර නියමිත දුරක් තියාගෙන වාහනය drive කරන්න. මොකද ඉස්සරහින් යන කෙනා brake කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේලාවකදී ඔයාට ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම drive කරනකොට නියමිත දුරක් තියාගන්න. ඒ වගේම drive කරනකොට ඔයාගේ focus එක සම්පූර්ණයෙන්ම පාරට දෙන්න. වැස්ස දවස් වලදී මේ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න. ඒ වගේ දවස් වලදී ඔයා සාමාන්‍ය දුරට වඩා දෙගුණයක් දුර තියාගෙන drive කරන්න මතක තියාගන්න.

මාර්ග නීති පිළිපදින්න

පාරේ අනතුරු සිදු වෙන්න ප්‍රධානම හේතුව තමයි මාර්ග නීති පිළිනොපැදීම. පාරේ ඉරි කැපීම මඟින් වුණත් විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම turn signals භාවිතා නොකිරීම, අවිධිමත් හැරවීම් නිසාත් අනතුරු වෙන්න පුළුවන්. ඉතින් ඔයා වාහනය drive කරනකොට අනිවාර්යයෙන්ම මාර්ග නීති පිළිපදින්න. ඒකෙන් ඔයා වගේම පාරේ යන අනිත් අයත් ආරක්ෂා වෙනවා.

අවධානය තියාගන්න

සමහර අය වාහනය drive කරන ගමන් phone එකෙන් කතා කර කර යනවා. එහෙමත් නැත්නම් වාහනය drive කරන ගමන් message කරනවා. ඉතින් මේ විදිහට ඔයා අවධානය වෙන පැත්තකට යොමු කරන එකෙන් වෙන්නේ ඔයාව අනතුරට පත් වෙන එක.

ඔයා වාහනය drive කරනකොට අඩුම phone එකෙන් කතා කරන්නවත් එපා. මොකද ඔයා පාරෙන් ඇස් දෙක ඉවතට ගන්න තප්පරයකදී විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඔයාට අත්‍යාවශ්‍යම call එකක් ගන්න තියෙනවා නම් හරි, එහෙමත් නැත්නම් ඔයාගේ අත්‍යාවශ්‍ය වැඩක් කරන්න තියෙනවා නම් හරි වාහනය නවත්තලා කරන එක තමයි වඩාත් සුදුසු.

වේග සීමා අනුගමනය කරන්න

පාරේ වේග සීමා ලකුණු කරන්නේ නිකම් නෙමෙයි. වාහනය drive කරන්න සුදුසුම වේගය තමයි එහෙම ලකුණු කරන්නේ. ඔයා වාහනය drive කරන වේගය වැඩි වෙනකොට අනතුරක් වළක්වා ගන්න අවශ්‍ය කාලයත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා නියමිත වේග සීමාවන් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

මත්පැන් භාවිතයෙන් වළකින්න

ගොඩක් අය කරන වැරද්දක් තමයි බීමත්ව වාහනය drive කරන එක. මත්පැන් භාවිතය නිසාත් මාර්ග අනතුරු ගොඩක් වෙනවා. ඔයා මත්පැන් භාවිතා කරලා ඉන්න වෙලාවක වාහනය drive කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ වෙලාවට ඔයා වාහනය drive කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම. මොකද ඒකෙන් ඔයාට වගේම පාරේ ගමන් කරන අනිත් අයටත් අනතුරක් වෙන්න පුළුවන් chance එක වැඩියි.

මෙන්න මේ විදිහට තමයි ඔයා අනතුරක් නොවන විදිහට වාහනයක් drive කරන්න ඕනේ. දැන් ඔයාටත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා පරිස්සමින් වාහනය drive කරන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!