Fuel ඉතුරු කරගෙන වාහනය Drive කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

ඉන්ධන ඉතුරු කරගෙන වාහනයක් පදින එක හැමෝටම කරන්න බෑ. වාහනේ තත්වෙ අනුව, අපි ගමන් ගන්නා වාහනේ අනුව, වාහනේ බර අනුව වාහනේ දහනය වෙන පෙට්‍රල් ප්‍රමාණය දේ තීරණය වෙනවා. මොන දේ වුණත් අපිට යන ගමන් සීමා කරන්නත් බෑනෙ. ඒත් ඉතින්, Diesel, Petrol අඩුවෙන් වැය වෙන විදියට drive කරන්න ඔබටත් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අද අපි MotorGuide තුළින් ඒ ගැන කතා කරමු.

Maintain කරන්න

ඔබේ වාහනය නිසිලෙස maintain කිරීම, ඉන්ධන ඉතිරි කරගන්න උදව් වෙනවා. ඒ නිසා, වාහනයේ රෝද නිසිලෙස aligned කර, air filter එක පිරිසිදු කර High - quality energy conserving oil භාවිතා කරන්න. ඉතින් ඔබේ වාහනයත් maintain කරලා ඉන්ධන ඉතුරු කරගන්න.

අරපිරිමැස්මෙන් AC පාවිච්චි කරන්න

ඔබට කළ හැකි හොඳම ඉන්ධන ඉතිරි කිරීමේ tip එක තමයි, AC අරපිරිමැස්මෙන් භාවිතා කිරීම. මේකෙන් ඉන්ධන පරිභෝජනය, 5% ත් 20% ත් අතර ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන වාෂ්ප වීම වැළක්වීම සඳහා සෙවණ ඇති තැනක වාහනය park කරන්නත් අමතක කරන්න එපා.

Speed limit එක බලන්න

පැයට සැතපුම් 65 ට වඩා, පැයට සැතපුම් 55 ක වේගයෙන් drive කරන විට, fuel economy එකේ 10% ත් 15% ත් අතර ප්‍රමාණයක වැඩිදියුණුවක් කරනවා.

ටයර් පොම්ප කරන්න

වාහනයේ ටයර් වල pressure එක recommend කරපු level එකේ තියාගන්න. ඒ සඳහා කරන්න ඕනෙ, ටයර් පොම්ප කරලා තියන එක. මොකද අඩුවෙන් පොම්ප කර ඇති ටයර් වලට පාරෙදි, පෙරළීමේ ප්‍රතිරෝධය වැඩියි. මේකෙන් අදහස් කරන්නෙ, ගමන් කරන සෑම කිලෝමීටරයක් සමඟම අඩුවෙන් පොම්ප කර ඇති ටයර්, වැඩි ඝර්ෂණයක් සහ පෙරළීමේ ප්‍රතිරෝධයක් ජනනය කරන අතර ඒ නිසා ඉන්ධන පරිභෝජනය වැඩි කරන බවයි.

Trunk එකට වැඩි බරක් දෙන්න එපා

වාහනයට අධික ලෙස බර පටවා නොමැති විට, වඩා හොඳ සැතපුම් ගාණක් ඔබට drive කරන්න පුළුවන්. මේක පැරණි ඉන්ධන ඉතිරි කිරීමේ trick එකක් වන අතර trunk එකේ අමතර බර ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කරනවා. ඒ නිසා හදිසි අමතර කොටස් වලට අමතරව අනිත් හැම දේමත් trunk එකේ දානකොට දෙපාරක් හිතන්න. මොකද අමතරව වැඩි කරන හැම 50 kg ක්ම ඉන්ධන පරිභෝජනයත් 2% කින් වැඩි කරනවා.

හයියෙන් යන්නත් එපා, හෙමින් යන්නත් එපා

Highway එකේ drive කරනකොට, වාහනයේ එන්ජිම සුළං මඟින් ඇති කරන ප්‍රතිරෝධය ජය ගන්න මහන්සි වෙලා වැඩ කරනවා. 100 km/h ක වේගයෙන් යන විට, 15% ක් සහ 110 km/h ක වේගයෙන් යන විට, 25% ක් ඉන්ධන දහනය කරනවා. මේක ඔබව සෙමින් drive කිරීමටත් පොළඹවනවා. නමුත් ඔබ 50 km/h ට වඩා හෙමින් drive කරනවා නම්, වාහනයේ එන්ජිම අඩු gear එකකට පහත වැටෙනවා. ඒ මඟිනුත් වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා ප්‍රශස්ත fuel economy එකක් ලබා ගැනීම සඳහා highway එකේ ස්ථාවර වේගය 50 - 90 km/h ක් වෙනවා.

Predictive driving එකට practice වෙන්න

ඉදිරි මාර්ගය දෙස බලලා ඔබේ ඊළඟ step එක plan කරන්න. Red light එකක් වෙත ළඟා වෙනකොට සම්පූර්ණ නැවතුමට brake පාගනවා වෙනුවට, වේගය අඩු කරන්න try කරන්න. ඔබේ වාහනය සම්පූර්ණ නැවතුමකින් ගෙන යාම හෝ කඳු නැගීමේදී දැඩි accelerations එකකට යාමෙන් වළකින්න. මොකද ඔබ එසේ කිරීම, ඉන්ධන පරිභෝජනය වැඩි කරනවා.

මේ හැම tip එකක්ම, වාහනයේ ඉන්ධන ඉතුරු කරගන්න ඔබට උදව් වෙනවා. ඉතින් ඔබ කැමති ගමන යන්න, මතක ඇතුව අපි කියපු විදියට ඉන්ධනත් ඉතුරු කරගන්න try කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!