ඔබේ ජීවිතය සුරකින ආරක්ෂිතව රිය පැදවීමේ රහස්

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන රියදුරු බලපත්‍රයක් හැමෝටම ගන්න බැහැ. මොකද රියදුරු බලපත්‍රයක් ගන්න නම් writing test එකක් වගේම practical test එකකුත් ඔයා pass වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කරන්නේ පාරේ ගමන් කරන මගීන්ගේ වගේම වාහනයක් drive කරන රියදුරාගේත් ආරක්ෂාව තහවුරු කරන්න. හැබැයි තවත් මහා මාර්ගයේ විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ නිසාම අද MotorGuide අපි හිතුවා ඔබේ ජීවිතය සුරකින ආරක්ෂිතව රිය පැදවීමේ රහස් කිහිපයක් කියලා දෙන්න.

අවධානය යොමු කරන්න

ආරක්ෂිතව රිය පැදවීමේදී ඔබ සැළකිලිමත් වෙන්න ඕනේ වැදගත්ම කරුණක් තමයි අවධානය කියන්නේ. ඒ නිසා drive කරන හැම වෙලාවකම ඔබේ අවධානය drive කිරීම කෙරෙහිම යොමු කරන්න ඕනේ.

වේග සීමාවන්ට අවනත වෙන්න

බොහෝ රථ වාහන අනතුරු වලට ප්‍රධාන හේතුවක් තමයි අධික වේගය කියන්නේ. අධික වේගයකින් drive කරන විට වාහනය control කරගන්න අපහසු වෙනවා වගේම stopping distance එකත් ගොඩක් අඩු වෙනවා. වාහනයේ වේගය වැඩි කරනවාත් එක්කම ඔබේ reaction time එක සහ brake කිරීමට ගත වන කාලයත් වැඩි වීම සිදු වෙනවා. ඉතින් ඒ නිසා සෑම විටම නියමිත වේගයෙන් වාහනය drive කරන්න පුරුදු වෙන්න.

බීමත්ව, වෙහෙසට පත්ව සිටින විට රිය පදවන්න එපා

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පැදවීම කොහොමත් දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම බීමත්ව රිය පැදවීම ඔබේ ජීවිතය පවා නැති කරලා දාන්න පුලුවන්. මොකද එවිට ඔබේ reaction time එක අඩු වීම සිදු වෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක බීමත්ව රිය පදවන්න නම් එපා. ඒ වගේම තමයි වෙහෙසට පත්ව රිය පැදවීම. එයිනුත් ඔබේ reaction time එක අඩු වෙනවා.

Seat belt පළඳින්න

වාර්තා වලට අනුව ඇමරිකාව තුළ seat belt පැළඳීම නිසා සෑම වසරකම ජීවිත 15,000ක් පමණ බේරා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ගොඩක් අය හිතන්නේ seat belt වලින් කෙරෙන්නේ ඔබව seat එකට රඳවා තබා ගැනීම විතරක් කියලයි. නමුත් එයට පුලුවන් ඔබේ ජීවිතය පවා රැකලා දෙන්න.

හොඳින් බලන්න

පාර දිහා බලාගෙන drive කරනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද drive කරන ගමන් ඉස්සරහ විතරක් බැලුවොත්, දෙපසින් සහ පිටුපසින් සිදු වෙන්නට තියෙන අනතුරු මඟ හැරෙන්නට පුලුවන්. ඒ නිසා drive කරනකොට ඉස්සරහ, දෙපස සහ පිටුපසත් නිතරම නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න.

කලින් පිටත් වෙන්න

අපේ තියෙන කලබලයත් අනතුරු සිදු වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට හරිම වෙලාවට ගමනක් යන්න තියෙනවා නම් විනාඩි කිහිපයකට කලින් යන්න පුරුදු වෙන්න. එතකොට ඔබට නියමිත වේගයකින් ආරක්ෂාකාරීව ගමනාන්තයට ළඟා වෙන්න පුලුවන්.

Engine එක check කරන්න

ඔබ නිවසෙන් පිටත් වීමට පෙර අනිවාර්යයෙන්ම වාහනයේ engine එක පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. මොකද ඔබ වාහනය බොහෝ වෙලාවක් නවතා තබන විට යම් ගැටලු ඇති වෙන්න පුලුවන්. ඉතින් නිවසෙන් පිටත් වීමට පෙර වාහනයේ engine එක පරීක්ෂා කිරීම අවදානමකින් තොරව, ආරක්ෂාකාරීව රිය පැදවීමට හේතු වෙනවා.

පැහැදිලි නැත්නම් headlights on කරන්න

වාහනයක් drive කරනකොට ඉදිරිය හොඳින් පැහැදිලිව පෙනෙන එක ගොඩක් වැදගත්. මොකද එහෙම නැති වුණොත් අනතුරු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඉතින් ඒ නිසා ඉදිරියෙන් එන රියදුරන්ට ඔබව පෙනෙන්න වගේම, ඔබට ඉදිරියෙන් එන රියදුරන්ව සහ මාර්ගය පැහැදිළිව පෙනෙන ලෙස headlights on කරන්න අමතක කරන්න එපා.

දුරකථනය භාවිතා කරන්න එපා

මොන විදිහකින් හරි අවධානය වෙනතක යොමු කරමින් වාහනයක් drive කරන එක අනතුරුදායක ක්‍රියාවක්. කෙනෙක්ගේ අවධානය නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ජංගම දුරකථනය. අද කාලේ බොහෝ දෙනෙක් drive කරන ගමන් hands-free mode එකේ phone එක use කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ මොන ක්‍රමයකට වුණත් ජංගම දුරකථන භාවිතය නිසා ඔබේ ජීවිතයට වගේම පාරේ ගමන් කරන අනෙක් අයගේ ජීවිතයටත් හානියක් සිදු වෙන්න පුලුවන්.

කාලගුණය ගැන සැළකිලිමත් වෙන්න

ආරක්ෂාකාරීව රිය පදවන්න ඕනේ නම් ඔබ අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි කාළගුණය කියන්නේ. අධික වර්ෂාව, මීදුම වගේ අයහපත් කාළගුණය හමුවේ රිය ධාවනය නිසාත් අනතුරු ඇති වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා MotorGuide අපි කියන්නේ ඔබ වාහනය drive කරනකොට අධික වර්ෂාවක් හෝ මීදුමක් ඇති විට ඔබේ ගමන ප්‍රමාද කරන්න කියලා.

ඉතින් මේ දේවල් තමයි ඔබේ ජීවිතයත් ආරක්ෂා කරගෙන, පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේ ජීවිතත් ආරක්ෂා කරගන්න වැදගත් වෙන්නේ. එහෙනම් අදින් පස්සෙවත් ඔබ වාහනයක් drive කරනකොට MotorGuide අපි අද කිව්ව දේවල් ගැන හිතන්නත් අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!