Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ දිනපතා වාහනය පාවිච්චි කරන හැමෝටම ඕනෑම වෙලාවක මුහුණ දෙන්න වෙන්න පුළුවන්, ඒ වගේම ගොඩක් අයව පාරවල් මැද අතරමන් කරන බරපතලම ප්‍රශ්නයක් ගැනයි. ඒ තමයි වාහනයක Starter Motor එක. එකේ ලෙඩක් තියෙනවාද කියලා කලින්ම හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ මොනවාද කියන කාරණය. අපි හැමෝම දන්නවා උදේට වැඩට යන්න ලෑස්ති වෙලා වාහනයට ගොඩවෙලා Key එක කරකවනකොට හෝ Start Button එක ප්‍රෙස් කරනකොට වාහනය සද්දයක්වත් නැතුව තිබුණොත් දැනෙන අපහසුතාවය කොච්චරද කියලා. ගොඩක් වෙලාවට වාහනයක් Start වෙන්නේ නැති වුණාම හැමෝම හිතන්නේ මේක Battery එකේ ප්‍රශ්නයක් විතරයි කියලා. හැබැයි Battery එක 100%ක් හොඳට තිබුණත්, Starter Motor එක ඇතුළේ දෝෂයක් ආවොත් වාහනය පණගන්වන්න කොහොමටවත් බැහැ. අද අපි මේ Starter Motor එක ලෙඩ වෙන්න කලින් අපිට දෙන ලක්ෂණ මොනවාද කියලා තාක්ෂණිකව හරියටම තේරුම් ගනිමු.

පළමුවෙන්ම අපි සරලවම බලමු Starter Motor එකක් කියන්නේ මොකක්ද සහ ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා. Starter Motor එක කියන්නේ වාහනයේ Battery එකෙන් ලැබෙන විදුලි බලය උපයෝගී කරගෙන, එන්ජිම ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික කැරකැවීම ලබා දෙන ප්‍රබල විදුලි මෝටරයක්. අපි Key එක කරකවනකොට මේ මෝටරයේ තියෙන කුඩා ගියර් රෝදය (Pinion Gear) ඉදිරියට ඇවිත් එන්ජිමේ තියෙන විශාල Flywheel එකත් එක්ක සම්බන්ධ වෙලා එන්ජිම වේගයෙන් කරකවනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, Starter Motor එකක් එකපාරටම සවුත්තු වෙන්නේ කලාතුරකින්. ඊට කලින් ඒකෙන් විවිධ සලකුණු සහ ශබ්ද මඟින් අපිට ලොකු අනතුරු ඇඟවීම් ලබා දෙනවා.

මෙන්න මේ Starter Motor එක අක්‍රීය වෙන්න කලින් පෙන්වන ප්‍රධාන ලක්ෂණ ටික පෙන්වනවා.

1. Clicking Sound එකක් ඇසීම:

Starter Motor Clicking Sound

ඔබ Key එක කරකවන විට හෝ Start Button එක ඔබන විට එන්ජිම කරකැවෙන්නේ නැතිව "ක්ලික්, ක්ලික්" (Clicking) වැනි ශබ්දයක් පමණක් දිගින් දිගටම ඇසෙනවා නම්, එයින් කියවෙන්නේ Starter Solenoid එකට අවශ්‍ය විදුලිය ලැබුණත් මෝටරය කරකැවීමට එය අපොහොසත් වන බවයි.

1. Grinding හෝ Whining Noise එකක් ඇසීම:

වාහනය පණගන්වන විට යකඩ දෙකක් එකිනෙක ඇතිල්ලෙනවා වැනි "ග්‍රයින්ඩින්" ශබ්දයක් ඇසෙනවා නම්, එයින් අදහස් කරන්නේ Starter Motor එකේ දත් (Pinion Gear) සහ Flywheel එකේ දත් නිවැරදිව එකිනෙක සම්බන්ධ වෙන්නේ නැති බවයි. මෙය දිගින් දිගටම වුණොත් Flywheel එක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්.

1. Slow Cranking:

වාහනය Start වෙන්න කලින් වෙනදාට වඩා ගොඩක් වෙලාව අරන් ඉතාම අමාරුවෙන් "හුහ්... hugh..." ගාමින් එන්ජිම කැරකෙනවා නම් (Battery එක හොඳ තත්ත්වයේ තිබියදී), එය Starter Motor එක ඇතුළේ තියෙන Bush හෝ Brushes ගෙවී ගොස් ඇති බවට ලක්ෂණයක්.

4. Dashboard Lights පණ ගැන්වී තිබුණත් එන්ජිම සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වීම:

Key එක ඔන් කළ විට මීටර් බෝඩ් එකේ ලයිට්, A/C සහ හෝන් එක උපරිමයෙන් වැඩ කළත්, Start කරන විට එන්ජිම පැත්තෙන් කිසිදු සලකුණක් හෝ ශබ්දයක් නැතිව සම්පූර්ණයෙන්ම සයිලන්ට් නම්, එය Starter Motor එකට එන විදුලි වයර් බුරුල් වීමක් හෝ මෝටරය සම්පූර්ණයෙන්ම පිලිස්සී ඇති බව තමයි කියන්නෙ.

මීට අමතරව තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි Intermittent Starting ප්‍රශ්නය. ඒ කියන්නේ සමහර වෙලාවට වාහනය එක පාරින් Start වෙනවා, හැබැයි තවත් සමහර වෙලාවට කීප සැරයක් Try කරනකම් Start වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවලදී සමහර අය Starter Motor එකට ලී කූරකින් හෝ මිටියකින් පොඩ්ඩක් තට්ටු කළාම (Tapping) නැවත Start වෙනවා ඔබ දැක ඇති. මෙයින් 100%ක්ම තහවුරු වෙන්නේ මෝටරය ඇතුළේ තියෙන Carbon Brushes ගෙවී ගොස් අග්‍ර එකිනෙක ස්පර්ශ වෙන්නේ නැති බවයි.

Starter Motor Problem

තවත් වැදගත් තාක්ෂණික කරුණක් වන්නේ Starter Motor එකක් ක්‍රියාත්මක වීමේදී අධික විදුලි ධාරාවක් (High Amperage) ඇද ගන්නා නිසා, මෝටරය අභ්‍යන්තරයේ සිදුවන කෙටි පරිපථ (Internal Short Circuit) නිසා එන්ජිම පණගැන්වීමට උත්සාහ කරන විට වාහනය තුළට කිසියම් පිළිස්සුණු ගන්ධයක් (Burning Smell) හෝ දුමාරයක් එන්න ඉඩ තියෙනවා. මෙය ඉතාම අවදානම් සහගත තත්ත්වයක් වන නිසා වහාම ක්‍රියාත්මක විය යුතුය.

Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනය පණගන්වන විට ඉහත සඳහන් කළ ලක්ෂණ හෝ වෙනදාට වඩා වෙනස් අමුතු ශබ්දයක් ඇසුණහොත්, Battery එක චෙක් කිරීමට පමණක් සීමා නොවී වහාම සහතික ලත් Auto Electrician කෙනෙකු ලවා Starter Motor එක ගලවා පරීක්ෂා කරගන්න. මොකද Starter Motor එකක් ඇතුළේ තියෙන කාබන් බ්‍රෂ් හෝ බුෂ් වැනි කුඩා කොටස් ඉතාම අඩු වියදමකින් කලින්ම රෙපෙයාර් (Service/Repair) කරගන්න පුළුවන් වුවත්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වනතුරු ධාවනය කළහොත් ඔබට පාරේ අතරමං වෙලා Towing Truck රථයක සහය පතන්න සිදුවෙනව වගේම සම්පූර්ණ Starter Motor එකක් අලුතින් දැමීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා.

ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!